උණුසුම් පුවත්

පාස්කු ඝාතකයන් බේරා ගැනීමට ගිය නිතිපති ගේ කලිසම ගැලවු හිටපු යුධ හමුදා  බුද්ධි අධ්‍යක්ෂකට ජාතියේ උත්තමාචාරය

Spread the love

පාස්කු ප්‍රහාරය පිලිබදව රජය විසින් මේවනවිට පවත්වා ගෙන යනුලබන නඩු විභාගය පසු ගිය දා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්විය. මහාධිකරණ විනිසුරු නාමල්බලල්ලේද ,ආදිත්‍ය පටබැදිගේ,මොහොමඩ් ඉර්ෂදීන් මෙම නඩුවේ විනිසුරන් වේ . පසු ගිය 13 වනදින නිතිපති සංජයරාජරත්නම් විසින් අධිකරණයට පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙසට කැදවා තිබු හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චුලා කොඩිතුවක්කු ඉතාම අපුරුවට තම කොන්ද කෙලින් ඇති නිර්භීත යුධ සෙබලෙකු බව රටට පෙන්විය.

ඔහු තම අවංක සාක්ෂිය ප්‍රකාශ කරමින්  මෙසේ කීය ……”ස්වාමිනි…. එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් අප්‍රේල් 04 තමාට ලැබුණ බුද්ධි තොරතුර අප්‍රේල් ප්‍රහාරය එල්ලවනතෙක්ම ශ්‍රි ලංකා යුධ හමුදාව දැනුවත් කලේ නැහැ. එත් ඔහුට ඒය දැනුම් දීමට අවස්ථා ගනනාවක් තිබු බවත් නිලන්ත ජයවර්ධන එවක ජනාධිපති මෛත්‍රිපාල සමඟ ඉතාම කිට්ටු ඝෘජු සම්බනධතවයක් තිබු බවත් ත්‍රිවිද හමුදාපතිවරු හා පොලිස්පති ඇතුළු සියළුම ආරක්ෂක ප්‍රධානින් ඒ බව දැන සිටි කරුණක් ….”

යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟම නිතිපති වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වු පුද්ගලයාට මළ පහ පිටවිය.

දැන් සංජය ධර්මරත්න නිතිපතිට සිදුව ඇත්තේ වදින්න ගිය දේවාලේ ඔළුවේ කඩා වැටීමක්ය. එත් සමඟම ඊළඟ සාක්ෂය කැදවීමට නියමිතව සිටි එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සිසිර මෙන්ඩිස්ය.

චුල කොඩිතුවක්කු ගේ සාක්ෂියෙන් පසුව සිසිර මෙන්ඩිස් ගේ සාක්ෂයද කැඳවීම් නොකිරීමට නිතිපති තීරණය කලේ නිලන්තලාගේ පාස්කු ප්‍රහාරයම නාටකයක් ලෙසටම අධිකරණයේදි එලියට ඒමට ඇති ඉඩකඩ වැඩි නිසාය.

මෙම නඩුව පවරාඇත්තේ එවක රාජ්‍ය නිලධාරින් දෙදෙනෙකු වු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිවය .ඒත් පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ෂණය කල කොමිසම නිර්දේශකර තිබුණේ එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්  ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු පොලිස් නිලධාරින් 47 දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පැවරීමටය.ජනාධිපති කොමිෂන් සභාව එසේ නිර්දේශ කළත් ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික මැදිහත්වීම මත සියලුම පොලිස් නිලධාරීන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් එකඟ විය.

මෙම ප්‍රහාරය පිලිබදව දැන් නිතිපති සිදුකරන්නේ ඇත්ත අපරාධය වැසීමට බොරු සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමය. ඔහු හිතාමතාම දේශපාලන උවමනාවන් වෙනුවෙන් මීළඟ අගවිනිසුරු කෙජු කෑල්ල  ඩැහැගැනීමට ඇති උවමනාව නිසා හෙළුවෙන් දැන් කඩේයාම සිදුකිරීමකි. නිතියක් නැති , යුක්තියක් ඉටු නොවන ,රටක් බවට ශ්‍රි ලංකාව පත්ව ඇත්තේ අධිකරණයේ නොසන්ඩාලයන් හා නිතිපති වැනි පාහරයන් නිසාය.පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක්  තිබී ඇති බව කීවේ අපි නොව දප්පුල ලිවේරා හිටපු නීතිපති වරයාය.

නීතිපති, අගවිනිසුරු, සහ පොලිස්පති යන මේ ත්‍රිත්වය ම රටේ ජනතාවට වග කියන නීතිය සහ යුක්තිය ස්වාධීනව ඉටුවන ආයතන වශයෙන් නිදහසේ පැවැතිය යුතුය. එම නිලධාරීන්ට එරෙහිව යුක්තිය ඉෂ්ට කොට වහාම දඬුවම් ලබාදීමට ක්‍රියාකළ යුතුය.

එසේ නොකළහොත් එය නරක පූර්වාදර්ශයක් වී  පැමිණෙන ආණ්ඩුවේ හැඩ රුව ට අනුව නීතිපති , අධිකරණය , සහ පොලිස්පති හැරෙනවා නම් එම ආයතනවලින්  කිසි දවසක රටේ ජනතාවට යුක්තිය ඉටු නොවන නිසා ජනතාව වනචාරි යුගයකට ගමන් කරනු ඇත.

මීළඟ ආණ්ඩුවක්යටතේ මෙවනි නිලධාරින්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාවේ යෙදවිය යුතු බව අපි තරයේ විපක්ෂයේ ,රටේ වෙන්න ජනාධිපතිලාට මතක් කරන්නෙමු.

එසේ නොමතිව උන්ගෙත් සමඟ දීගකෑමට යන්නෙනම් එදාටත් අපි රටේ ජනතාව අවධිකරන බව දැම්මම සටහන් කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like