උණුසුම් පුවත්

අධිකරණය ගොනාට අන්දවමින් පාඨලීට ජම්පරය ඇන්දවීමේ ඇවන්ගාඩ් තක්කඩියාගේ මෙහෙයුම ඇරඹේ.

Spread the love

හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක ඇතුළු තවත් තිදෙනෙකුට එරෙහිව 2016 පෙබරවාරි මස 28දා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරීව ලෙස රිය පදවා අනතුරක් වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම  රිය අනතුරක් සිදු වූ බව දනිමින් ඒ පිළිබඳව පොලීසියට වාර්තා නොකිරීම අපරීක්ෂාකාරී හා වේගයෙන් මගීන්ට අනතුරුදායක වේගයෙන් රිය පදවා තරුණයකු බරපතල අනතුරට ලක්කීරීම  අනතුරට පත් එම තරුණයා රෝහළක් වෙත ගෙන යාම පැහැර හැර පලා යාම ආදී අධි චෝදනා දහසයක්  යටතේ නීතිපති වරයා විසින් ⁣පසුගියදා කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී.මෙම නඩුවේ සාක්ෂි  විමසීම දෙසැම්බර් මස 2 වනදා ඇරඹිනි.එම නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභා කරන ලෙස විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවද මහාධිකරණය ප්‍රතික්ශේප කරන ලදී.මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ නඩුව විභාග වේ.

කෙසේවෙතත් අධිකරණය හමුවේ  පළමුව සාක්ෂි දුන්නේ අනතුරට පත් තරුණයා ගේ පියා වේ.ඔහු එහිදී මෙසේ කීවේය.
 ” ස්වාමීනි මේ සිද්ධියෙන් අනතුරට පත් වූ විසි තුන් හැවිරිදි සන්දීප් ගුණවර්දන කියන්නෙ මගේ  පුතා.මේ අනතුරෙන් ඇතිවුන තුවාල වලින් මගේ පුතා මාසයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහළෙන් ප්‍රතිකාර ලබා පසුව මාස හතරකට අධික කාලයක් රාගම පුනුරුත්ථාපන රෝහළෙන් ප්‍රතිකාර ලැබුවා.ස්වාමීනි අදටත් මගේ පුතාට ඇවිදින්න බෑ ඇඟේ සම බරතාවක් නෑ.
හරියට කතා කරන්නත් බෑ.දොස්තරල කිව්වා තව අවුරුදු හතරක්වත් හොඳට ව්‍යායාම කළොත් සාමාන්‍යයෙන් හොඳ තත්වයට හන්න පුළුවන් කියලා.මායි නෝනයි තමයි දැන් පුතා බලාගන්නෙ…..”.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස අගමැති හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය බවද ඉන් පසුව මෙම නඩුවට අදාල පරීක්ෂණ ඇරඹුන බවද වැඩිදුරටත් සාක්ෂිකරු අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී
සාක්ෂි කරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා නඩුව ජනවාරි මස 11 ⁣වනදා තෙක් කල් තැබිණි.මෙම අනතුරට පත් තරුණයා රෝද පුටුවකින් අධිකරණයට පැමිණ තිබුණි.
මෙම තරුණයා මේ වන විට  සම්පූර්ණයෙන් සුවපත්ව සිටින බව  අපට තොරතුරු ලැබී තිබේ.එහෙත් නඩුවට පෙනී සිටීමට අධිකරණයට යන විට රෝද පුටුවක ⁣එන ලෙසට ⁣ඔහුට මෙම නඩුව මෙහෙයවන රජයේ නීතිඥ දිලීප පීරිස් උපදෙස් දී ඇතැයිද අපට වැඩිදුරටත් දැනගැන්මට ඇත.පාඨලී චම්පක ගේ ක්‍රියාකාරී දේශපාලනික භූමිකාව මෙම නඩුව හරහා අවසන් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතී.මෙම නඩුව මහාධිකරණයේ විභාග කිරීමට පෙර පාඨලී චම්පකට හා අනුර කුමාර දිසානායකට නුදුරේදීම ජම්පර් අන්දනවායැයි අවන්ගාඩ් සේනාධිපති මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කරන ලද බව  අපට මතකය.
එය ⁣ඇවන්ගාඩ් සේනාධිපති කට කහනවාට  කියු දෙයක් නොවන බව සහතිකය.ඔහු කිව්වා වාගේම මෙම නඩුව විනිශ්චය කරන්නේ රාජපක්ෂ ඔඩොක්කු කුක්කෙකි.ඇවන්ගාඩ් සේනාධිපතිගේ බඩ බැඳ ගත් මිත්‍රයෙකි.මෙම මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්තගේ පියා ලංකාවේ ප්‍රසිද්ධ කළාකරුවකු වූ ටයිටස් තොටවත්තය.තාත්තා නම් නීතියට අකුරට වැඩ කළ පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධ වූවාට මේ පුත්‍රයා නම් තාත්තාගේ  කීර්ති නාමයත් පාවා දෙමින් රාජපක්ෂ තක්කඩියන්ගේ වැසිකිලි හෝදන ⁣විනිසුරු කූට්ටමේ අවලමෙකි. ⁣මේ තොටවත්ත අවලමා ගේ අපේක්ෂාව පාඨලීගේ නඩුවෙි තීන්දුව ඉක්මනට දී රාජපක්ෂ  තක්කඩියන්ගේ හිත සතුටු කොට ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් වීමක් ලබා ගැනීමය.මේ නොසන්ඩාල ක්‍රියාන්විතයේ  පිටුපස ⁣සිටින්නේ ඇවන්ගාඩ් කැණහිලාය.
කොහොම වෙතත් අනතුරට පත් වූයේ යැයි කියන තරුණයාගේ පියා අධිකරණයට දුන් සාක්ෂිය බොරු සාක්ෂියක් බව අපට ලැබී ඇති ඡායාරූපවලින් තහවුරු වේ. අධිකරණයට රෝද පුටුවේ  එන  තරුණයා සාමාන්‍ය ජීවිතයේදී ඉතා සුවයෙන් මිතුරු මිතුරියන් සමග සිටින අයුරු මෙම ඡායාරූප වලින් දැක්වේ.
මෙම ඡායාරූප වල දැක්වෙන ආකාරයට අනතුරට පත් තරුණයාගේ පියා අධිරණයට දී ඇති සාක්ෂිය අපරාද නඩු විධාන සංග්‍රහයේ xii පරිච්ඡේදයේ බොරු සාක්ෂි දීම හා පොදු යුක්ති ධර්මයට විරුද්ධ වැරදි යන ශීර්ෂය යටතේ වූ 190 
වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි අපරාදමය වැරැද්දකි.එම තරුණයාද දැන දැනම  අධිකරණ  රැවටීමේ අදහසින් ක්‍රියා කර තිබෙි.මෙම වරදද අප දන්නා ආකාරයට අපරාද නඩු විධාන සංග්‍රහයේ 180 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
මෙම තරුණයාගේ රඟපෑමද තක්කඩි බැසිල් රාජපක්ෂ යහපාලනය කාලයේදී
අධිකරණය වෙත රෝද පුටුවෙන් පැමිණා ආකාරය සිහිපත් කරවන්නකි.අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසුව කිසිදු රෝගාබාධයක් නැති ආකාරයෙන් රෝද පුටුවෙන් බැස බැසිල් රාජපක්ෂ  සිය වාහනයට නගින අයුරු  දැක ගත හැකි විය.අද මෙම තරුණයාද රඟ දක්වන්නේ රාජපක්ෂලා ජනතාව ගොනාට ඇන්දූ අධිකරණ නාට්‍යයේ කාබන් කොපියක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

Spread the love

Leave a Comment

You may also like