උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන්ගේ දෙවියන් වුයේ අල්ලා නොවේ,පොලිස් අධිකාරී ජවුෆර් . – ප්‍රහාරය පිළිබඳව සියලු තොරතුරු ඉන්දියාවේ රෝ ඔත්තු සේවයට දී නැවතත් ලංකාවට ලබාගෙන. (ලංකා දවසේ පාස්කු විමර්ශනය)

Spread the love

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ඇතුළු කණ්ඩායමේ දෙවියන් වහන්සේ වූයේ අල්ලා දෙවියන් නොවන  බව මේ වෙනවිට  තොරතුරු ලැබී ඇත .ඒ තොරතුරුවලට අනුව හසීම් ඇතුළු කණ්ඩායමට පාස්කු ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සහ භූමිය සකස් කොට  ඊට අවශ්‍ය   පොලිසියේ රැකවරණය ලබාදී ඇත්තේ පොලිස් අධිකාරී ජවුෆර්ය.

ඒ වන විට ලංකා පොලිස් මූලස්ථානය ක්‍රියාත්මක වෙන්න විශේෂ බුද්ධි විමර්ශන ඒකකය  (SU )මගින් බවත්, එම ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ එවකට පොලිස් අධිකාරි ජව්ෆර් නමැති අයයි .මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් නිලන්ත ජයවර්ධන ගේ උපදෙස් අනුව ඒ වන විට අනුයුක්ත කොට තිබී ඇත.

මෙම පොලිස් අධිකාරි ජව්ෆර්  අවස්ථා ගණනාවකදී කාත්තන්කුඩි සමන්තුරේ ප්‍රදේශවලදී සහරාන්ලා හමුවී ඇති බවට අප වෙත තොරතුරු ලැබී ඇත. එවකට පොලිස් අධිකාරී වරයෙකු වශයෙන් සේවය කළ ජව්ෆර් පොලිස් අධිකාරිවරයා එම ප්‍රහාරයෙන් පසුව ජේෂ්ඨ පොලිස් අධිකාරී නිලයට උසස් කරමින් ඔහුට ශ්‍රී ලංකාවේ ඉන්ටපෝල් (Interpol ) ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් ද පත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් පත් කර ඇති Interpol අධ්‍යක්ෂක වරයා පිළිබඳව පොලිසිය තුළ දැඩි කතාබහක් මේවනවිටත්  ඇත. එසේම සහරාන් ඇතුළු කණ්ඩායම රැකබලා ගැනීම සඳහා සුරේෂ් සලේ විසින් භාර කොට ඇත්තේ මෙම ජව්ෆර්  නැමැති පොලිස් අධිකාරිවරයාට ය. මෙම ප්‍රහාරයේ එල්ල කිරීමට පෙර එම ස්ථාන සහ සැකකරුවන්ගේ නම් සහ වේලාවන් ද සහිතව ඉන්දියාවේ රෝ ඔත්තු සේවාවට තොරතුරු ලබාදී ඇත්තේද ඔහු විසින්ම බව අප වෙත වාර්තා වේ .

මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභය ගේ සුවච කීකරු බලු කුක්කෙකු වු සුරේෂ් සලේ ලියාදුන් තරපිටපත ක්‍රියාත්මක කලේ එවක නිලන්ත ජයවර්ධන හා මෙම පොලිස් අධිකාරි ජවුෆර්ය  එම සිද්ධීන් වලින් පසු සියලු දෙනාම උසස් ලැබීමට තරම් වාසනාවන්ත වී ඇත .එසේම සහරාන්ලා විසින් මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවත් ස්ථානය, දිනය, සහ වේලාවන් සියල්ලම ඉන්දියාවේ රෝ බුද්ධි සේවාවට දැනුම් දී ඇත්තේ එම පොලිස් අධිකාරිවරයා මයි.

පොලිස් අධිකාරි ජවුෆර්  ඉන්දියාවේ රෝ සංවිධානයට මේ පිළිබඳව දැනුම් දී රෝ සංවිධානය හරහා ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කර ඇත. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා ව දැනුවත් කිරීමට මෙසේ සැලසුම් කර ඇත්තේ විශේෂයෙන් ම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක වරයාට බරපතල චෝදනාවක් එල්ල වීම නතර කර ගැනීමටය.  තමා විසින්ම ඉන්දියාවේ රෝ සංවිධානයට දෙන ලද තොරතුරු සියල්ල ඉන්දියාව හරහා ශ්‍රී ලංකා බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී මීට යුද හමුදා බුද්ධි හෝ වෙනත් රාජ්‍ය සම්බන්ධතාවයක් නොමැති බව හැඟවීම සඳහා මෙවැන්නක් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ විමර්ශනයේදී ද හෙළි වී ඇත. 

මේ තුළින් ඔවුන් උත්සාහ කර ඇත්තේ නිලන්ත ජයවර්ධන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් වරයා වශයෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමේ අටියෙනි. සහරාන්ලා සමග  අවසන් මොහොත දක්වාම පොලිස් අධිකාරි ජව්ෆර් විසින් සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවද දුරකථන හුවමාරු වලින්ද හෙළි වී ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී ද මේ පිළිබඳව හෙළිවී ඇත.

එහෙත් ඒ සියල්ලම අද යටගසා හමස් පෙට්ටියට දමා පාස්කු ප්‍රහාරය පස්වලින් යට කිරීමට තරම් ම්ලේච්ඡ ලෙස රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර ඇත. සහරාන්ගේ බිරිඳ විසින් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභාවට හෙළිකර ඇති කරුණු අනුව ද  ඇය කියා  ඇත්තේ  රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින් සහ හමුදා පුද්ගලයින් නිතරම තම ස්වාමි පුරුෂයා හමුවීමට පැමිණෙන බවත් ,  පැය ගණනක් ඔවුන් හා කතාබහේ දී බවත්  මේ අනුව පෙනී යන්නේ සහරාන් හසීම් සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ඇති බවයි .

එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළ නිලන්ත ජයවර්ධන සහ සුරේෂ් සලේ මේ පිළිබඳව ඉතාමත් සැලසුම් සහගතව සියල්ල සිදුකර ඇති බව දැන් මනාව හෙළි වී ඇති කරුණු ය. මේ වන විට සහරාන්ගේ බිරිඳ විසින් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභාවට හෙළිකර ඇත.  ඔහු මෙම ප්‍රහාරයෙන් පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයට ද උසස් කොට අධ්‍යක්ෂක වරයා වශයෙන් පත් කර ඇත.

මෙම පාස්කු ප්‍රහාරයේ සාපය දැන් ආණ්ඩුවට ඉතාමත්ම හොඳින් දැනෙමින් එම  පාපකාරී ආණ්ඩුවක් පත් කර ගැනීමට දායක වූ සියලු දෙනාම ද මනසින් සහ ගතින් විඳවන බව ද අපි ඉතා කණගාටුවෙන් මතක් කල යුතුමය.

ඔවුන් අද පසුතැවීම් දහසක් මැද ඉදිරියේ දී අනාගතයක් නොමැති ආකාරයක් පෙන්නුම් කරන අතර ම මෙයින් පෙනී යන්නේ මියගිය සියල්ල ගේම වේදනාව සහ උන්ගේ සුසුම් සහ ජීවතුන් අතර සිටින අයගේ සියලුම මරණීය තුවාල වල වේදනාවන්ද මේ ආණ්ඩුවට දැන් දැනෙමින් පවතින බවයි

 මෙම පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට හා තුවාල ලැබූවන්ට සාධාරණයක් ඉටුකල යුතුය නොඑසේ නම් මේ පිළිබඳව වහාම ජාත්‍යන්තරය දැනුවත් කොට ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීමට යුක්තිගරුක පුරවැසියන් උනන්දු විය යුතුය.

 (මෛත්‍රී රොහාන් ගුණරත්න සිංගප්පූරුවේදී හමුවේ මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න……….)


Spread the love

Leave a Comment

You may also like