උණුසුම් පුවත්

බැදුම්කරේ බොරුවක් බවට අධිකරණයේ දි තහවුරු වේ – මෛත්‍රිපාල ගේ ඩොලර් මිලියන 40 යේ නින්දිත දේශපාලන ගේම එලියට .

Spread the love

2015 යහපාලන රජය බිද දැමීමට එවක විපක්ෂයේ විපක්ෂ නායක වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ දින පතා පන්සල් ගානේ ගොස් අමුලික බොරු කියමින් ජනතාව ගොනාට ඇන්ද විය. එදා මහ බැංකු අධිපති වු අර්ජුන ඇලෝසියස් මෙරටට පැය 24 තුල කුදලාගෙන යන බවට වහසි බස් දෙඩු සියළු දෙනා අද ගලේ පැහැරූ බළලුන් වී ඇත. එදා මුදල් ඇමතිව සිටි රවි කරුණානායක ඇමතිවරයාටද මේ පාර්ශ වයන් ඉතා බරපතල ආකාරයෙන්  චෝදනා එල්ල කරන ලදී. රවි කරුණානායක අධිකරණයට පවා ඉදිරිපත් කරන ලද්දේ ඒ නිසාය. ඒත් අද පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂක මංඩලය පවා ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.
එදා මහින්දලා  බැඳුම්කර අටමගලයක් ගැන ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවා නින්දිත දේශපාලන ගේමක නිරත වූහ. රටේ  අනාගත පරම්පරාවේද හෙට දවස විනාශ කරමින් සිදුකල නින්දිත ක්‍රියාව අද රාජපක්ෂලාටම එරෙහි පාරාවලල්ලක් වී තිබේ.එදවස රවි කරුණානායක ඇමතිවරයාට තම ඇමතිකම දමා ගෙදර යාමට පවා සිදු වුයේ මෙහි ප්‍රථිඵලයක් මතය. ඒත් සත්‍ය වශයෙන්  බැඳුම්කරය පිලිබද කතන්දර එය නොවේ .සමාජයට අනාවරණය නොවූ ඒ  සත්‍යය මේ වන විට අප සතුව ඇත. බැඳුම්කරය  සිරස ප්‍රධාන නාලිකාවේ සඡ්ඝායනා කරන පිරිතක් ලෙස ප්‍රචාරය කරන ලද්දේ  බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් පිරිසකි. ඒ චෞරයන්ගේ නම් ගම්  සහ උන්ගේ කෙරුවාව අප අනාවරණය කරන්නේ තවදුරටත් රට තුල මෙවැනි තක්කඩි ගේම් සිදු නොවිය යුතු නිසාය. බැඳුම්කර වංචාවේ සත්‍යය යටපත් කරමින්  රනිල් හා,රවී කුජීත කරවන්නට ගැසූ තක්කඩි ගේමෙන් කෙල වුනේ  රටේ  මුල්‍යය විනයටය.
කෙසේ වෙතත් බැඳුම්කර වංචාවට  රනිල් හා රවි යන දෙදෙනා සම්බන්ධ කිරීම තුළ සැඟවුන සිදුවීමක් තිබේ.
 
  2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසට අභිෂේක ලැබුවේ රාජිත සේනාරත්නගේ හා චන්ද්‍රිකාගේ එකඟත්වය මතය.එදා රනිල් වික්‍රමසිංහට මෛත්‍රී පිළිබඳව රෙකමදාරු කළ චන්ද්‍රිකා ගේ හා රාජිත ගේ පස්සා පැත්තට පයින් ගැසීමට ජනපතිි පදවියට පත්වූ  මෛත්‍රීට ගත වූයේ තත්පරයකටත් අඩු කාලයකි. ගැ ඒ  ඔහු එපමණකටම  කෙලෙහි ගුණ නොදන්න වාහේ කෙනෙකු නිසාය. මෛත්‍රිට 2015 ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙසට මෙරට පැවැති ජනාධිපතිවරණයට මෛත්‍රී ඉදිරිපත් වීමත්  එක්තරා බලවත් විදේශ රටකින් ඩොලර් මිලියන 40 කට ආසන්න ගනනක් මැතිවරණ සංවිධාන කටයුතු සඳහා ලැබී තිබේ. මෙම ඩොලර් මිලියන හතලිහකට ආසන්න මුදල මෛත්‍රී සිරිසේන විසින් දහම් සිරිසේන විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා ගේ සමාගමෙි ගිනුමකට බැර කිරීමට සැලසුම් කර තිබේ.ඒ සමාගම එල්කාඩෝ සමාගමයි.මෙම සිදුවීම හරියටම සුනාමි ආධාර මුදලක් සිය පෞද්ගලික ගිනුමට බැර කර ගත්තා හා සමානය.
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට පසුව  එම ඩොලර් මිලියන ගනන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්වූ අතරම ඒ සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.මෙම  මුදල් ගනුදෙනුව පිළිබඳව මේ වනවිටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන්ව තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සිදුවීම ගැන කොටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත එම ⁣විදේශීය මුදල් තොගය මහබැංකුවට භාර දීී ඇත.අදාල විදේශීය  මුදල් තොගය මහ බැංකුවට බාර දීමෙන් පසු එහි වගකීම මහ බැංකු අධිපතිවරයාටය.
2015 ජනවාරි 08 දින මෙරට ජනාධිපතිවරයා ලෙසට මෛත්‍රිපාල සිරිසේන පත්වෙන ලදී.ඔහු ජනාධිපති වීමෙන් පසුව සිදු කළ ප්‍රථම මැදිහත්වීම වූයේ  මහබැංකු අධිපති ලෙසට කුමාරාස්වාමි පත් කිරීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ සඳහ රනිල් ගෙන් අවස්ථාවක් නොලැබුන අතර එම තනතුරට ඔහුගේ  ගජමිතුරෙකු වු අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපති ලෙස පත් කරන ලදී. අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේදී  මෛත්‍රිපාලගේ කිසිදු විරුද්ධතාවක්ද නොවීය. මෛත්‍රිපාල යනු ඇල්වතුරත් නිවා බොන ජාතියේ කට්ට කයිරාටික පුද්ගලයෙකි.ඉන්පසු දවසකදී  ජනපති මෛත්‍රී විසින් හදිසියේම මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්  පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට කැඳවිය. මහ බැංකු අධිපති අර්ජුන වෙත මෛත්‍රීපාල  විසින් උපදෙස් දී ඇත්තේ තමන්ට විදේශීය රටකින්  ලැබුණ ඇමරිකානු ඩොලර් තොගය තම පුතා විවාහ වීමට සිටින තරුණියගේ නිවසේ  තබා තිබියදී පසු ගිය ජනාධිපතිවරණය කාලයේදීී එම විදේශීය මුදල් තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  අත් අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත්, අධිකරණ නියෝග මත   මහබැංකුවට භාර දි ඇති බවයි.
තව දුරටත් එම විදේශීය මුදල්  තොගයරඳවා තබා නොගෙන, වහාම එය සන්තකයේ තබා ගෙන සිටි  එල්කාඩෝ ආයතනයේ  හිමිකරුට නැවත භාර දෙන ලෙසටත් මෛත්‍රීපාල ජනපතිවරයා උපදෙස් දී තිබේ.  එහෙත් ජනපතිවරයාගේ ඒ ඉල්ලීමට අර්ජුන මහේන්ද්‍ර එකඟ වී නැත.
අනතුරුව මහ බැංකු අධිපතිවරයා එම  මුදල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැන  රනිල් වික්‍රමසිංහ අගමැතිගෙන් විමසා ඇත.ඊට මහ බැංකු අධිපතිවරයාට රනිල් දී ඇති උපදේශය වන්නේ එම විදේශ මුදල් තොගය අධිකරණය සන්තකයේ පවතින දේපොළක් බැවින් සියළු කටයුතු   සියල්ලම නිතියානුකූලව සිදු කරන ලෙසටය. 
 
 ජනපති මෛත්‍රිපාල හා අගමැති පළමු සිත් නෝක්කඩුව ඇතිවෙන්නේ මේ කාරණය මුල් කර ගෙනය. දින 52ක් පැවැති මහින්ද  රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඒමට මූලික වූයේ මෙම මුදල් ආරවුලය.මහින්ද රාජපක්ෂ ගේ දින පනස් දෙකේ ආණ්ඩුවේදී  බැඳුම්කර ගේම නිර්මානය කොට ඒ තුළ අර්ජුන   ඇලෝසියස් ,රනිල් ,රවී හසුකොට අමුතුම මාදිලියේ  ගේමක් ගසන්නට  ⁣තරමේ  කපටියෙක් වූ ජනපති මෛත්‍රීපාල රටට පෙන්වූයේ තමා තරම් සුදනකු මෙතෙක් කාලයට මේ රටේ ජනපති පදවියට පත් වී නැති බවය.කෙසේවෙතත්  බැඳුම්කර සිදුවීම නිසා මහ බැංකු අධිපති වරයාව සිටි අර්ජුන ඇලෝසියස්ට  ගෙදර යාමට පමණක් නොව රටින් ද පැනයාමට සිදුවිය. ඒ සියල්ල මෛත්‍රි ගේ යටි කූට්ටු  සැලසුම් වල ප්‍රතිඵලයන්ය.
 
 අනතුරුව ජනපති මෛත්‍රිපාල විසින් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ ඔහුගේ ඔඩොක්කු කුක්කු වූ ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමිය.  ඔහු 2015 වසරේ සිට 2016 අතර කාලයේ මහ බැංකු අධිපති වරයා ලෙස කටයුතු කරන ලදී.
 
මෛත්‍රිපාල  ජනපති වරයා විසින් මහා මුදල් ⁣වංචාව සිදු කරන ලද්දේ මේ කාලසීමාවේදීය.සිය පුත්‍රයා වූ දහම් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා වූ එල්කාඩෝ මුදලාලි සන්තකයේ තිබී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගෙන  අධිකරණ දේපොලක් ලෙස මහ බැංකුවේ රඳවා තිබුණ ඇමරිකානු ඩොලර් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි කිසිදු නිත්‍යානුකූල පදනමකින් තොරව මුදාා හැර ඇති බවට අපට  තොරතුරු ලැබී ඇත
 
 
අධිකරණ දේපොළක් වශයෙන් තිබූ මෙම විදේශීය මුදල් තොගය කවර  පදනමකින් මුදා හැරියාද යන්න මේ වනතුරුත් අනාවරණය වී නැත. 
 
හිටපු ජනපති මෛත්‍රිපාල විසින් රටට මේ ප්‍රශ්නයට  පිලිතුරු දිය යුතුව ඇත.අපි ඔහුගෙන් මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු ⁣ අපේක්ෂා කරමු.
 
1.මෙතරම් විශාල මුදලක් මෙරටට ලැබුනේ කුමණ රටකින්ද එම ගනන කොපමනද ?
 
2.එම මුදල් මුදා හැරියේ කවර ආකාරයේ නෛතික පදනමක් මත ද ?හා එම විදේශීය මුදල් තොගය සම්බන්ධයෙන් පැවැති  අධිකරණ ක්‍රියා මාර්ග අවසන් කරන ලද්දේ කවුරුන්ද ……?   යන්නය.
 
මෛත්‍රිපාල සිරිසේන අද අපේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳව හෙලන  කිඹුල් කදුළු වල ඇත්ත නැත්ත හා බැඳුන සියළුම තොරතුරු ඊළඟ ලිපියෙන් අපි අනාවරනය කරමු. 
ගෙදරින් කෙසෙල් කොළයේ බැඳ බත් කෑ සිම්පල් ජනපති වරයාගේ  මහ තක්කඩි කම  ඉන් රටට හෙළිවනු ඇත.කෙසේවෙතත් මෙරට ජනපති පදවියේ සිටි කිසිම තැනැත්තකු මෙතරම් විශාල මුදල් තොගයක් වංචා කර නැත. මහින්ද රාජපක්ෂගේ සුනාමි ආධාර මුදල් ගසා කෑමටත් වඩා ජනපති මෛත්‍රීපාල සිදු කළ මෙම මුදල් වංචාව විශාල බව අපි සඳහන් කරමු.

Spread the love

Leave a Comment

You may also like