අජාන් බ්‍රහ්ම හිමියන්ගෙන් වරක් මාධ්‍යවේදියෙකු අහනවා,
“ඔබේ ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථයක් වැසිකිලි පෝච්චියට දමා වතුර ගැසුවොත් ඔබ කුමක් කරනවද ?” කියලා…
උන්වහන්සේගේ පිළිතුර වුණේ,
“මා මුලින්ම ජලනල කාර්මිකයකුට කතා කරනවා..” යන්නයි.
උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා,
“ඔවුන්ට පුලුවන් පිළිම විනාස කරන්න, පන්සල් පොත්පත් විනාස කරන්න. නමුත් මා ඔවුන්ට ධර්මය විනාස කරන්න ඉඩදෙන්නෙ නැහැ.,
ඒ වගේම,
“අපට පුලුවන් අලුතින් පොත් මුද්‍රණය කරන්න.සිද්ධස්ථාන හදන්න. පිළිම නෙළන්න. පූජකයන් පුහුණු කරන්න. නමුත් අප අනෙකාට ඇති ආදරය සහ ගෞරවය අහිමිකරගෙන ඒ හිස්තැනට ප්‍රචන්ඩත්වය ආදේශ කළොත් සමස්ත ආගමම වැසිකිළි වලට යනවා..”
“We can print more books, build more temples and statues and even train more monks and nuns, but when we lose our love and respect for others and ourselves and replace it with violence, then the whole religion has gone down the toilet.”
යනුවෙන් උන්වහන්සේ දේශනා කරනවා.
ඊයෙ ශ්‍රී ලාංකිකයෙක් පාකිස්තානෙදි ඝාතනය වෙනවා.
තමන්ගෙ ආගමේ වැකි සඳහන් පෝස්ටරයක් ඉරලා? කියලා සියගණනක් එකතුවෙලා මනුස්සයෙක්ට පහරදීලා මහමග මහදවල් ගිනිතියන තරමට මේ මිනිස්සුන්ගෙ මොළ හේදිලා ගිහිල්ලා.
මේ ත්‍රස්තවාදීන්නෙමෙයි. එදිනෙදා පාරෙදි හමුවෙන සාමාන්‍ය මිනිස්සු. එහෙම මිනිස්සුන්වත් මේ තත්වෙට ඇදලා දාන්නෙ ආගම විසින් කාලයක් තිස්සෙ කරපු මොළ ශෝදනයක ප්‍රථිඵලයක් විදිහට.
ප්‍රස්ණ අහන්නෙ නැතුව , අවබෝධයෙන් තොරව, භක්තිය මත පදනම් වෙලා බාරදෙන ඕනම දෙයක් අවසානයේදි යන්නෙ ඔය තැනට.
මේ සිදුවීමත් එක්ක මතක් කළ යුතු වැදගත්ම දේ අපේ රටෙත් තවමත් අදාල ආගමටම (නම ලිව්වම බ්ලොක් වෙනවා) මද්‍රාසාපාසැල් , වෙනම නීති, වෙනම උසාවි ආදිය තිබෙන බව. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් පවා විශ්වවිද්‍යාලයේ සමූහ ඡායාරූපවලට මුහුණ නොපෙන්වන බව. බාලවයස්කාර විවාහ සිද්දවන බව. ඒවා ප්‍රශ්න කරන ස්ත්‍රීන් හිංසනයට ලක්වන බව. ඒ නිසා මේ සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමක් සිදුකොට, රටේ හැම දරුවෙක්ටම පොදු එක අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම, සියළු පුරවැසියන් එක නීතියක් යටතට ගෙන ඒම, දැනට උගන්වන ආගමික අධ්‍යාපනය පිළිබඳ විමර්ශනයක් කිරීම වැනි ප්‍රතිසංස්කරණ වලට වහා නොගියොත් අපි තල්ලු වෙන්නෙත් ඔතෙන්ටම ය.
මේවට වඩාත් තදින් විරුද්ධ විය යුතුවන්නේම ආගම අදහන අයම ය.
මොකද පාකිස්තාන ජනතාව මුලදී කුඩා අන්තවාදී කල්ලිවලට විරුද්ධ නොවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔවුන්ටත් හිතුවත් නවත්වාගත නොහැකි මේ තත්වය දක්වා ඔවුන්ව රැගෙන එන්නෙ.
ශාස්තෘවරයාගෙන් පස්සෙ ආගම හැමදාම සේවය කළේ රාජ්‍යයට. දේශපාලඥයන් හැමදාම කළේ බලය වෙනුවෙන් ආගම අවභාවිත කරපු එක. ඒකයි සාමයේ, ආදරයේ ආගම් යුද්ද කරන්න.
ඒ වගේම,
ආගමේ පෝස්ටරයක් ඉරුවම තරහා යනවනම්, ආගම ප්‍රශ්ණ කළාම, විවේචනය කළාම මරන්න, අතපයගලවන්න හිතෙනවනම් ඔබ ආගම මාරුකළ යුතුයි කියන එකත් මතක තියාගත යුතුයි.
උපුටාගැනීම
දිල්රුක්ෂි සුරවීරගේ ෆේස්බුක් සටහනින්………