උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව විදුලි අර්බුදයක- තෙල් ගේන්න ඩොලර් නෑ

Spread the love

ගෝඨාභය ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව අප වෙත වාර්තා විය.මෙය ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඉන්ධන මිල දී ගැනීම සඳහා ණයවර ලිපි (Letters of credit ) නිකුත් කර ගැනීමට නොහැකි වී ඇත.  මේ නිසාම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තවත් දින කිහිපයකින් ඉන්දියාව බලා පිටත් වීමට නියමිතය.

මේ වන විට ඉන්දියාවේ අදානි සමාගම සමග බැසිල් රාජපක්ෂගේ පුද්ගලික ඥාති සම්බන්ධයක් ඇත, දියණිය විවාහ වී ඇත්තේ ද සමාගමේ හිමිකරුවන් ගේ ඥාති සම්බන්ධයක්  ඇති අයෙකු සමඟ බව අප වෙත  දැන ගැනීමට ඇත.

බැසිල් රාජපක්ෂගේ ප්‍රධානතම අරමුණ වන්නේ ඉන්දියාවට ඛනිජ තෙල් බෙදා හැරීම සහ ඛනිජ තෙල් ගබඩා කිරීම සම්බන්ධව සියලුම කටයුතු භාර දීමට ක්‍රියා කිරීමයි .ඒ සම්බන්ධව අවශ්‍ය ගිවිසුම් කීපයකට එළඹීමෙන් පසු මෙතෙක් ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයද ස්ථිරවම ඉන්දියාව සතුවනවා ඇත.

ඒත් විෂය භාර ඇමති ගම්මන්පිල්ල අදවනතෙක් ඒ තෙල් ටැංකි ඉන්දියාවට දීමට අවශ්‍ය සියළු ලිපි ලේඛණ සකස් කොට කැබිනට් මංඩලයට ලබාදුන් නමුත්, ඔහු ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කිසිවක් නොවන බව පවසා සිංහල ජනතාව ගොනාට අන්දවමින් ඇත.මෙයින් පෙනී යන්නේ ඉන්දියාවේ අදානි සමාගම සමඟ බැසිල් රාජපක්ෂ ට සමීප සම්බන්ධතාවක් ඇති බවයි.

මේ නිසාම ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්වයක් මත ඉදිරියේදී මාස කීපයකට ම විදුලිය නොමැතිව ශ්‍රී ලංකාවේ ජනතාවට ගත කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු අප වෙත අදහස් දක්වමින් කියා සිටියේය.ඉන්ධන නොමැතිව විදුලිය නිපදවීමට නොහැකි තත්වයක් උදා වී ඇත්තේ මේ වන තෙක් විදුලිය ජනනය සිදුවන්නේ විශාල වශයෙන්ම ඩීසල් බලාගාර මඟිනි.


Spread the love

Leave a Comment

You may also like