-
-
පොලීසිය විසින්ඊයේතවත්බිල්ලක්ගැනිනි.ඒබිල්ලසම්බන්ධයෙන්ද පොලීසිය වෙතින් සුපුරුදු නාට්‍යය පිටපතම වේදිකා ගත කෙරිණි. පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකයා වෙනදා පරිදිම ආයුද පෙන්වීමට ගෙන ගිය අහවලා පොලීස් අත් අඩංගුවෙන් මිදී සඟවා තිබූ ආයුදයක් ගෙන පොලිස් කණ්ඩායමට වෙඩි තැබූ බවත් ආත්මාරක්ෂාවට පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්රහාරයන් නිසා ඒ අහවලා මරණයට පත් වූ බවත් නිවේදනය කරන ලදී.මීට පෙර අවස්ථා ගනනාවකදීද පාතාලයට සම්බන්ධයැයි පැවසෙන පොලිස් අත් අඩංගුවේ සිටි සැක කරුවන් පොලීසිය ඝාතනය කර තිබේ.එසේම මෙය අවසාන සිදුවීමද නොවෙන්නට පුළුවන.
ෂන් ෂයින් සුද්දා ඝාතනය…….ඊයේ එසේ ඝාතනය කරන ලද්දේ මාතර ෂන් ෂයින් සුද්දා නම් හෙරොයින් ජාවාරම්කරු ඝාතනයට සම්බන්ධ ටින්කරින් ලසන්ත නැමැත්තාය.ෂන් ෂයින් සුද්දාගේ මරා දැමීම පිළිබඳව වූ නඩුව ටින්කරින් ලසන්ත ඝාතනය වූ දිනට පසු දින විභාගයට ගැනීමට නියමිතව තිබූ බවත් එම නඩු දිනයේදී නීතිඥයකු මගින් කළුතර අධිකරණයට බාර වීම සඳහා ටින්කරින් ලසන්ත කළුතරට පැමිණ ඇති බවත් දැන ගැන්මට තිබේ.
කළුතර අධිකරණය ගැන අපට සැක සංකාවක් මතුවන කාරණයක් ද තිබේ.දකුණු පලාතේ බොහෝ පාතාල සැකකරුවන් බාරවීම සඳහා යන්නේ කළුතර අධිකරණයටය.මීට පෙර තෙල්වත්තේ පොඩි ලැසී බාර වූයේද කළුතර අධිකරණයට බව අපට මතකය.එය වෙනමම සෙවිය යුතු කාරණයකි.පොලිසිය පෙන්නන “සාටක ඝාතක නාටක “……..ඊයේ ටින්කරින් වසන්ත ඝාතනයට පෙර පොලීසිය වෙතින් විටින් විට යාවත්කාලීන කරන මරේ මරු නෝ චාන්ස් නාට්‍යයයේ පිටපතේ බිල්ල වූයේ කොස්ගොඩ තාරකය.ඊටත් පෙර මදූෂ් බිල්ලට ගත් පිටපත රඟ දැක්විනි.මෙි සියළු ඝාතනයන් පොලීසිය අනීතිකව සිදු කරන සාපරාධී මනුෂ්‍ය ඝාතනයන්ය.විපක්ෂයේ මුනිවත රැකීම…………අනීතික ආකාරයෙන් පොලීසිය වෙතින් සිදු කරන මෙම මිනිස් ඝාතනයන් සාහසික සාපරාධී මිනිස් ඝාතනයන් බව කියන්නට හා එම අපරාදයන්ට එරෙහිව මෙරට විපක්ෂය පෙනී නොසිටීම ඉතා කණගාටු දායකය.සැබැවින්ම පසුගිය කාලයේ පොලීසිය විසින් මර දැමුණු මදූෂ් හා කොස්ගොඩ තාරක දීර්ඝ කාලයක් පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් වේ.එය එසේ වන්නේනම් මෙම පාතාල සැකකරුවන් තමන් විසින් සිදු කළ අපරාද හා මත් ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව පොලීසියට දුන් කට උත්තරද පොලීසිය අදාල කට උත්තර හා සබැඳිව සිදු කළ පරීක්ෂණ මොනවාද යන්නත් එම කට උත්තර පදනම් කරගනිමින් කී දෙනෙකු අත් අඩංගුවට ගත්තාද හා ඔවුන් සන්තකයේ පැවැති බැංකු ගිනුම් හා දේපොල සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග කවරේද යන්න ගැන විපක්ෂය විසින් මතු කළ යුතුව තිබූ ප්‍රශ්ණයකි.විපක්ෂය මෙතෙක් ඒ පිළිබඳව ගොළුවත රකින බැවින් අපට සිතන්නට ඇත්තේ පොලීසියෙන් සිදු කරන මෙම මනුෂ්‍ය ඝාතනයන් ඔවුන්ද අනුමත කරන බව විතරමය.විපක්ෂය මෙම සාහසික මිනීමැරුම් ගැන ඔතෑනි ආකරයෙන් කටයුතු කළද මෙරට පොලීසිය විසින් මෙලෙස සැකරුවන් ඝාතනය කිරීම් ගැන ජිනීවා මානව හිමිකම් වාර්තා වලද සඳහන් කොට ඇති බව සිහිපත් කළ යුතුය.දුටුගැමුණු රජු පරිහරණය කළ සැරයටියක්…….මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් අවදියේ වැලිකඩ සිදුකෙරුණ සිරකරුවන් ඝාතන සිදුවීමද මේ ආකාරයේ මෙලේච්ඡ අනීතික ක්‍රියාවකි.වැලිකඩ සිරකරු ඝාතනයේ ප්‍රධාන ඉලක්කය වූයේ කෝට්ටේ විහාරස්තානයක හිමි නමක ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වැලිකඩ රඳවා සිටි නිළමේ නම් සැකකරු බව අනාවරණය වී තිබේ.නිළමේ එම විහාරස්ථානයේ තිබූ දුටුගැමුණු රජු පරිහරණය කළ බව කියවෙන සැරයටියක් පැහැර ගැනීමට යාමේදී ඇතිවූ ආරවුලක් නිසා එම හිමි නම ඝාතනය කර ඇතැයිි කියවේ.කෙසේවෙතත් මෙම සැරයටිය ගැනීම සඳහා නිලමේ පෙළඹවූයේ රාජපක්ෂ පවුලේ අයකු බවත් ඒ බව තමන් විසින් අධිකරණයේදී පාපෝච්චාරණය කරන බවත් නිළමේ විසින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි සිරකරුවන්ට ප්‍රකාශ තිබේ.නිලමේ ගේ නඩු දිනය වූයේ ඔහු මරා දමන ලද දිනයට පසු දිනය බව මෙහිදී අවධානයට ගත යුතු කරුණක් වේ.නිළමෙි ගේ සොහොයුරියට කෝට්ටේ නගර සභා නියෝජනය……….නිළමේ හා රාජපක්ෂ වරුන් අතර පැවැති සම්බන්ධය තහවුරු කෙරෙන සුවිශේෂී පුවතක්ද අප හට දැන ගැන්මට ඇති අතර එය මෙතෙක් කිසිදු ජනමාධ්‍යයකින් අනාවරණය නොවූ ප්රවෘත්තියකි.ඒ නම් වැලිකඩදී ඝාතනය වූ නිළමෙි ගේ සොහොයුරියට පසුකාලයකදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක ලෙස කෝට්ටේ නගර සභා නියෝජනයට අවස්ථාව ලබා දීමට රාජපක්ෂවරු කටයුතු කිරීමය.ඊයේ පොලිස් නාඩගමේදී මරා දැමුණු ටින්කරින් ලසන්ත විසින් ඝාතනය කර තිබූ ෂන් ෂයින් සුද්දා යනු ජාත්‍යන්තර සබඳතා තිබූ හෙරොයින් ජාවාරම් කරුවෙකි.මිරිස්ස වරාය ආසන්නයේ ෂන් ෂයින් සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේද මොහුය.ෂන් ෂයින් සුද්දා බහුදින ධීවර යාත්‍රා ගණනාවකද හිමිකරුවෙක් විය.එක් අවස්ථාවකදී මිරිස්ස වරායේදී හෙරොයින් තොගයක්සමග අත් අඩංගුවට ගත් බහුදින යාත්‍රාව ෂන් ෂයින් සුද්දා විසින් ධීවර ව්‍යපාරිකයකු ගෙන් කුලී පදනම ගත් යාත්‍රාවක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ අතර එම යාත්‍රාව මුල් අයිති කරුට ලබා දීමට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතා මැදිහත් වූයේ යැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවැසේ.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු සිදුකරන සාපරාධී මනුෂ්‍ය ඝාතන………ඊයේ කළුතර පොලීසිය විසින් සිදු කළ ටින්කරින් ලසන්ත ඝාතනයද මෙහෙයවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු වේ.මීට පෙර සිඳු කළ කොස්ගොඩ තාරක හා මදූෂ් ගේ ඝාතනයන්ද සිදු කිරීමේ සැලසුමද මොහුගේය.ටින්කරින් ලසන්ත අත්අඩංගුවට ගැනීම හා ඔහුගේ ජීවිතය අනාරක්ෂිතව පවතින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස පොලිස් පති වරයාට මෙන්ම නීතිඥ සංඟමයේ සභාපති සාලිය පීරිස්ට හා මානව හිමිකම් කොමිෂම දැනුවත් කර තිබේ.එහිදී සිදු වුන තවත් සුවිශේෂී කාරණයක් ගැනද අප මෙහි ලිවිය යුතුමය.අප කර්තෘ වරයා පසුගිය විසි පස්වනදා රාත්‍රියෙහි 0342222227 දරණ කළුතර පොලීසියේ මෙහෙයුම් මැදිරිය අමතා මෙම ඝාතනය සිදු කළ හොත් එයට සම්බන්ධ පොලිස් නිළධාරීන්ට වගකීමට සිදු වෙනු ඇතැයිද එම දුරකතන ඇමතුම සටහන් තබන ලෙසටද ඉල්ලන ලදී.ඒ දුරකතන ඇමතුමේ හඬ පටය අප සතුය.ඒ අතරම නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්ද පොලිස් පති වරයා හා මානව හිමිකම් කොමිෂම හා පෞද්ගලිකවම සම්බන්ධ වී සැකකරුට ජීවිතාරක්ෂාව සපයන ලෙසට ඉල්ලා ඇත.හොර උපාධි සහතික දුන් දුමින්ද රාජපක්ෂට සහකාර පොලිස් අධිකාරි තනතුර……….එහෙත් මේ කිසිදු ඉල්ලීමක් නොතකා පොලීසිය විසින් ටින්කරින්ලසන්ත ඝාකනය කරන ලදී. මෙය පූර්ව සැළසුමක් මත සිදු කරන ලද සාපරාධී මනුෂ්‍ය ඝාතනයකි.ඝාතනය සිදු කරන ලද්දේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගේ උපදෙස් මත කළුතර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ විසිනි.මේ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මීට ටික දවසකට පෙර උසස්වීමක් ලැබූ අයෙකි. මොහු ත්රීමලය පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අතර එහිදී මොහු විසින් ව්‍යාජ උපාධි සහතිකයක් ඉදිරිපත් කරන ලදැයි අනාවරණය විය.මෙහිදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මැදිහත් වී එම ව්‍යාජ උපාධි සහතිකය ඉදිරිපත් කිරීම ගැන දුමින්ද රාජපක්ෂට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගැනීම වලක්වා තිබේ.හොර උපාධි සහතික දී සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්වූ පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද………..මෙම සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්දටද ව්‍යාජ උපාධි සහතික ඉදිරිපත් කිරීම ගැන චෝදනා නැගුනි.එහෙත් ඔහුද එම වරදින් ගලවා ගන්නා ලද්දේ ඡ්යෙපොප දේශබන්දුම වේ.කොස්ගොඩ තාරක පොලීසියේ අත් අඩංගුවේදී මරා දැමීමට කටයුතු කරන ලද්දේ මෙම මූපොප මහින්දය.තාරක ඝාතනය කෙරෙන්නේ ඔහුගේ පාතාල එදිරිවාදියා වූ කොස්ගොඩ සුජීවගේ කොන්ත්රාතුවක් මතය.කොස්ගොඩ සුජීව හා මූපොප මහින්ද අතර ඇත්තේ අතිජාත මිත්‍රත්වයකි.මේ මිත්‍රත්වය ගොඩ නැගෙන්නේ පොප මහින්ද අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස කටයුතු කරන විටය.කොස්ගොඩ සුජීව ඡ්යෙනිපොප දේශබන්දු…………කොස්ගොඩ සුජීව අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොප මහින්ද පරීක්ෂණ කටයුතු කරමින් සිටින විට කොස්ගොඩ සුජීව විසින් මහින්දගේ බිරිඳ හා දරුවා මරා දමන බවට දුරකතන ඇමතුමක් දෙන ලද අතර මින් පොප මහින්ද විශාල බියකට පත් වූ බවත් පසුව අම්බලන්ගොඩ සිටින පෞද්ගලික වෙළඳ සමාගමක කළමනාකරුවෙකු වූ කොස්ගොඩ සුජීවගේ බඩ බැඳ ගත් මිතුරෙකු ගේ මැදිහත් වීමෙන් සුජීව හා මහින්ද මිතුරන් වූ බවත් ජාතික රහස්‍ය තොරතුරු වාර්තා වලින් අපට දැන ගැන්මට ලැබී ඇත.කොස්ගොඩ තාරක මරා දැමෙන්නේ ඒ මිත්‍රත්වය මතය.පොප මහින්ද ගේ මාර්ගයෙන් කොස්ගොඩ සුජීව ඡ්යෙනිපොප දේශබන්දු සමගද මිතු දමක් ගොඩ නගා ගෙන ඇති බවද මෙහිදී අනාවරණය වේ.කෙසේවෙතත් අත් අඩංගුවට ගන්නා පාතාල සැකකරුවන් ඝාතනයට ඡ්යෙනිපොප දේශබන්දුට හදිසි වුවමනාවක් පවතින බව අපට පැහැදිලිය.මදූෂ් මරා දැමීම සඳහා දේශබන්දු යොදවන්නේ පොප රංඟජීවය.මදූෂ් මරා දැමීමෙන් පසුව රංඟජීව විසින් තමන් මදූෂ් වෙඩි තැබූ බවට මුහුණු පොතෙහි සඳහන් කර තිබුණි.මෙම සඳහන ඉතා ඉක්මනින් රංගජීව විසින් ඉවත් කළ නමුත් එය දැනට අප සතුව පවතී.තවදුරටත් රංගජීවද හෙරොයින් ජාවාරම්කරුවන් සමග යටි ගනුදෙනු කරන ඩබල් ගේම් කාරයෙක් බවට තහවුරු කෙරෙන සාක්ෂිද අප සතුය.සැකකරුවන් මරා දැමීම ගැන සමහරුන්ට මාර ආතල්………..මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මරා දැමීම ගැන සමහරුන්ට මාර ආතල් එකක් තිබෙන්නට පුළුවන.විශේෂයෙන් මෙරට විපක්ෂ දේශපාලන නායකයන් පවා නිහඬව සිටින්නේ ඒ නිසා වන්නට පුළුවන.දේශබන්දුලා හා රංගජීවලා පොලිස් නිල ඇඳුමට සැඟවී ඉඳ සාහසික අපරාධ කරුවන් ලෙස සිදු කරමින් පවතින මේ මිනිස් ඝාතනයන් හි කෙළවර කොතැනකදැයි කියන්නට කාටවත් බැරිය.ඒ නිසාම මේ මිනීමරුවන් විසින් කවදා හෝ තමන්ගේ දේශපාලන රැහේ එකෙකු මේ විදියට ඝාතනය කළහොත් එදිනට තමන්ටත් මෙම අනීතික ඝාතනයන්ට එරෙහිව මැදිහත් වීමට සිදු වෙනු ඇති බව සහතිකය.
-