මිල්ටෙරි නන්දසේන විසින් නිකුත් කර තිබූ තවත් ගැසට් පත්‍රයක් අද අකුලා ගෙන තිබේ.ඒ රසායනික පොහොර ආනයනය තහනම් කර තිබූ ගැසට් පත්‍රයයි.මේ තහනම ඉවත් කිරීමට බලපෑවේ ඥාණා කාලි ගේ දේව උපදෙස් බව තතු දන්නෝ පවසති. මෙතෙක් කල් මෙරට ගොවි ගම්මාන පුරා පැතිරී තිබුණ හර්තාල් මෙතැන් සිට අවසන් වන අතරම මිල්ටෙරි නන්දසේනට එරෙහිව පෙළපාලි ගිය ගොවියන් නැවත රාජපක්ෂ වාදීන් ලෙස රූපාන්තරය වීමට ඉඩ තිබේ.
ඇමරිකානු පුරවැසි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අය වැය යොදා ගනිමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ලක්ෂ හතලිහක මුදල් ප්‍රතිපාදනයන් මුදා හැරීමට සැළසුම් කර තිබේ.මෙතෙක් මෙරට පැවැති මුල්‍ය නීති උල්ලංඝනය කරමින් මෙලෙස අනීතිකව
මුදල් ප්‍රතිපාදනයන් මුදා හරිමින් මුදල් ඇමතිවරයා මේ සූදානම් වන්නේ දේශපාලන කූට්ටම අනන්නට බව පැහැදිලිය .එය වඩාත් තහවුරු වන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා වෙත මුදා හැරෙන ලක්ෂ හතලිහේ මුදල් ප්‍රතිපාදනයන් සිය බල ප්‍රදේශයේ ජීවත්වෙන පාක්ෂිකයන් හට බෙදා දිය හැකි ආකාරයෙන් මෙම ව්‍යාපෘති සැලසුම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කර ඇති බැවිනි.
මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුල සිය දේශපාලන බලය ලේසියෙන් අත් නොහරින බව නියත සත්‍යයයි.මෙරට තක්කඩි ජවාරම්කාර ව්‍යාපාරිකයන් රොත්තද සිය පණ මෙන් රාජපක්ෂ පවුල ආරක්ෂා කරනු ඇති අතරම ඔවුන් ඒ සඳහා ඕනෑම මිලක් ගෙවීමටද සූදානම්ය.මේ සියළු තක්කඩියන් හෙට අනිද්දා වන විට මෙරට පීඩිත පන්තිය වෙනුවෙන් බොහෝ සහනාධාර වැඩ පිළිවෙල වල් දියත් කරනු ඇත.
එම තක්කඩි ව්‍යාපෘතිවල අවසාන අරමුණ අප ඉහතින් සඳහන් කළ ආකාරයටම රාජපක්ෂ කාලකණ්නියන් ආරක්ෂා කර ගැනීමය. එම සැලසුම එලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබියදී මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ කාලකණ්නියන් ගේ තවත් රහසිගත දේශපාලන දේශපාලන කුමන්ත්‍රණයක් පිළිබඳව අපට අනාවරණය වී තිබේ.
මෙි වන විට මිල්ටෙරි නන්දසේන බුද්ධි බලකාය යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයන් සමාජය තුළ ජනප්‍රිය කරවීමේ සයිබර් ව්‍යාපෘතියක් නිර්මානය කොට එහි වැඩ අරඹා තිබේ.මෙහි වට සැළසුම අදියර කිහිපයකි.දැනටමත් මෙහි පළමු අදියර ලෙස අන්තර්ජාල මාධ්‍ය තුල ජනප්‍රිය තොරතුරු මුදා හරින්නන් කිහිප දෙනෙකුටම නාස් ලණු දමා ඇති අතර ඔවුන්ගේ තොරතුරු ප්‍රකාශන තුළ ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයන් ගේ සමාජ ක්‍රියාකාරකම් වැඩි වැඩියෙන් මුදා හැරීමට උපදෙස් දී තිබේ.මෙහිදී අන්තර්ජාල ඇසුරු කරන සමාජ පන්තිය තුල ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව යහපත් හැඟීමක් ප්‍රවර්ධනය අපේක්ෂා කෙරේ.එහිදී අනෙක් පාර්ශවය වන සමගි ජන බලවේගය එහි නායකයන්ට එරෙහිව තොරතුරු මුදා හැරීමටද නියමිතය.
මෙරට ග්‍රාමීය පන්තියට අයත් බොහෝ දෙනෙකු අන්තර්ජාලය භාවිතා කරන්නන් නොවේ. ඔවුන් වැඩි පිරිසක් දේශපාලනිකව සහනාධාර අපේක්ෂා කරන්නෝ වෙති.මැතිවරණයක් ආසන්න වන විට රාජ්‍ය සහනාධාර මුදා හැරීමෙන්
ඒ ග්‍රාමීය පන්තිය සිය වහළුන් බවට පත්කර ගැනීමට හැකි බව තක්කඩි රාජපක්ෂ වරුන්ගේ ගණන් හැදීමයි.
ඉදිරියේදී රාජපක්ෂ වරුන් මෙරට මැතිවරණ සිතියම ලකුණු කරනු ඇත්තේ අප ඉහතින් සඳහන් කර ඇති කුමන්ත්‍රණකාරී සැළසුමට යටත්වය.ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා ඔවුන්ගේ බිලියට ඇමක් කරගෙන ඇත්තේ ඒ නිසාය.එය දේශපාලනිකව හොද ඇමක් බව රාජපක්ෂ වරු වටහාගෙන සිටිති.ජනතා විමුක්ති පෙරමුණ අර්ධ නාගරිකයන් අතර ජනප්‍රිය කරවීමට ඔවුන් ප්‍රයත්න දරමින් සිටින්නේ ඒ නිසාය.
එය එසේ තිබියදී මිල්ටෙරි නන්දසේනට පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ව්‍යවස්ථාදායක බලය හිමි වීමට ආසන්නය.සිය විධායක බලය යොදා ගනිමින් මිල්ටෙරි නන්දසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව පවත්වනු ලබන මැතිවරණයෙන් පසුව කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තු ආණ්ඩු බලය හිමි නොවනු ඇත.ඒ සඳහා ජාතික ආණ්ඩුවක් නිර්මාණය වන අතර පොදුජන පෙරමුණ විපක්ෂය බාර ගැනීම සිදු කරනු ඇත්තේය.ජනතා විමුක්ති පෙරමුණද එහි විපක්ෂය නියෝජනය කරන බව නිසැකය.
මිල්ටෙරි නන්දසේන ඉන්පසුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇත.මෙම ජනාධිපති වරණයේදී අනිවාර්යයෙන්ම තරග කරනු ඇත්තේ ප්‍රධාන දේශපාල ප්‍රවාහයන් තුනකි.එය සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක හා රාජපක්ෂ පවුලේ කෙනෙකු විය හැක.එජාපය ගැන මෙහිදී වැදගත් සාධකයක් නොවේ.
අද වන විට බුද්ධි බලකාය යොදා ගනිමින් රාජපක්ෂ වරුන් විසින් ජනතා විමුක්ති පෙරමුණ ඔසවා තැබීමේ කුමන්ත්‍රණකාරී සැලසුමේ ප්‍රතිඵළය දැක ගත හැකිව ඇත්තේ මේ ජනාධිපතිවරණයේ ප්‍රතිපලය තුළය.එහිදී රාජපක්ෂ වරුන්ට එරෙහිව
ඡන්ද කතිර ජනතා විමුක්ති පෙරමුණටත් සමගි ජන බලවේගයටත් ලැබෙනු ඇත්තේය.රාජපක්ෂ වරුන්ගේ වහළුන් ගේ ඡන්ද ගෙඩිය පිටින් වැටෙන්නේ කිසිම බෙදීමක් නැතුවමය.
එහිදී අවසන් ජයග්‍රහණය හිමි වනු ඇත්තේ තක්කඩි රාජපක්ෂවරයකුට මිස වෙන කිසිවෙකුටත් නොවේ.දැනට පවතින ව්‍යවස්ථානුකූලව විධායක බලය පවතින්නේ ජනාධිපතිවරයා අත මිස පාර්ලිමේන්තුව සතුව නොවේ.ඒ බව තක්කඩි රාජපක්ෂවරු හොඳින් දනී.
මේ සැබෑව තේරුම් ගන්නා තුරු තක්කඩි නොසන්ඩාල රාජපක්ෂ වරුන් මෙරට දේශපාලන භූමියෙන් අතු ගා දමන්නට නොහැකි බව අප කැට තියා පවසමු.