පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මුහුණු පොතේ මිල්ටෙරි නන්දසේන පීචං කෙරුවාව ගැන අපූරු සටහනක් ලියා තිබේ
එය මෙහෙමය…….“දේශපාලනය කෙසේ වෙතත් යුද්ද කළෙත් හමුදාපති හා රණවිරුවන් මිසකර්නල් කෙනෙකු නොවෙයි.අගමැතිත් නොවෙයි.එහෙත් ප්‍රේමදාස හෝ චන්ද්‍රිකාමෙන් ඔවුන් යුද්දය ආපස්සට නොඇද්දබවහා නොහැරවූ බව නම් පිළිගත යුතුය.ඒත් ඒ සියල්ලකර ඇත්තේ රට ගැන උපන් හැඟීමෙන් නොව නිර්ලජ්ජිතවමහජන මුදල් කොල්ල කෑමට බව පසක් වී හමාරය.ජනපති හා අගමැතිි මුලසුන දැරූ රැස්වීම් හා උත්සව සිය ගනනකට මානිළධාරියෙක් ලෙස හා ආයතන ප්‍රධානියෙක් ලෙස සහභාගි වී තියෙනවා.ඔවුන් ගත් කැකිල්ලේ තීන්දු හා පැලැස්තර විසදුම් නිතර අත්දැකීමට ඒවයේදී ඉඩ සැලසුනා.ඔවුන් රටේ සුග තිය වෙනුවෙන් කෙදිනකවත් බුද්ධිගෝචර වූ ප්‍රතිපත්තිමය තීන්දු ගනු දැක නැහැ.රටට ආවතනික වශයෙන් ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය යන්න ඔවුන්ගේ මුවින් පිටවීද නැහැ.එවැන්නක අවශ්‍යතාව කිසිවෙකුගෙන් විමසාද නැහැ.ඊට හේතුව එපමනකට හෝ දැක්මක් ඔවුන්ට නොතිබීමය.දේශපාලන මඩ ගොහොරුවේ නොදැවටෙන ලෙස ඇතැම් සහෘදයන්මා කෙරෙහි පහල වූ සෙනෙහසින්කියා සිටියා.ඒත් පුරාවිද්‍යාවක් කරන්නත් රටක් එපායැ……(උපුටනය අවසන්)පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායකගේ මේ සටහන වැදගත් වන්නේ මින් මිල්ටෙරි නන්දසේන ජනාධිපති වූ විට මෙරට යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති වෙනු ඇතැයි අපේක්ෂාවෙන් හා උද්දාමයෙන් සිටිය තවත් එක් සුවිශේෂී රාජ්‍ය නිළධාරියකු ගේ වර්තමාන පසුතැවීම අනාවරණය කරන නිසාය.අද වන විට බොහෝ රාජ්‍ය නිළධාරීන් තුළ මිල්ටෙරි නන්දසේන පිළිබඳව පවතින තක්සේරුව මීට සමපාත වේ.එහෙත්ඒ කිසිවෙකුත් සිය විඳවන හෘද සාක්ෂියපුරා විද්‍යා කොමසාරිස් මෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරයි.ඒ මිල්ටෙරි නන්දසේන ගේ “මිනීමරු මෙලෙච්ඡ කෙරුවාව” ගැන හොඳ වැටහීමක් ඇති නිසාය.අප මෑතකදී දවසක පොදු ජන පෙරමුණේ ප්‍රබල අමාත්‍යවරයෙකුට යෝජනා කරන ලද්දේ ඔබ පොදු අපේක්ෂයා ලෙස එන්නේ නමි හොඳ බවය.ඔහු ගත් කටටම කිව්වෙි “හපොයි උඹල හදන්නෙ මං ඉක්මනටම සුදුු වෑන් එකක යවන්න” කියාය.රජයේ පාර්ශවයේ අමාත්‍යවරයකු තුල පවා මිල්ටෙරි නන්දසේන ගැන මෙතරම් බියක් පවතින්නේ නම් අන් අය ගැන කවර කතා ද යන්න අපට සිතන්නට සිදුවේ.පුරාවිද්‍ය කොමසාරිස් වරයා මේ සටහන ලියා ඇත්තේ හොඳ සිහියෙන් බවද පෙනී යයි.එහෙත් ඔහු එය ලියන්නට ඇත්තේ ඉවසල ඉවසල බැරිම තැන වෙන්ට ඇත.මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුලේ තක්කඩිකම ගැන පුරාවිද්‍ය කොමසාරිස් දී ඇති මේ සහතිකය වැදගත් වන්නේ තවමත් මේ තක්කඩියන් ගේ වැසිකිලි හෝදන වුන්ටය.ඒ මේ විදියට රාජපක්ෂ තක්කඩියන්ගේ රෙදි ගලවා ඇත්තේ රාජපක්ෂ බංගලාවේම සේවකයෙක් නිසාය .සැබැවින්ම උන්ගේ රැහේ හිටි එකෙක් නිසාය.“…….ඒත් ඒ සියල්ල කර ඇත්තේ රට ගැන උපන් හැඟීමෙන් නොව නිර්ලජ්ජිතව මහජන මුදල් කොල්ල කෑමට බව පසක් වී හමාරය……”පුරාවිද්‍යා කොමසාරිස් ගේ මේ වචන කිහිපය රාජපක්ෂ වරු හොර දෙටුවන් බවට දෙන සහතිකයකි.එදා ලසන්ත වික්‍රමතුංග ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නන් ඝාතනය වන්නේද මේ සත්‍යයය සමාජයට කියන්නට ගිය නිසාය.එදවස පුරාවිද්‍ය කොමසාරිස් වැන්නන් සිතා සිටින්නට ඇත්තේ මේ ලසන්තලා ප්‍රගීත්ලා වැන්නන් අහිංසක රාජපක්රුන් මඩ ගසනවා කියා වෙන්නට ඇත.ඒ ගැන අපට කියන්නට ඇත්තේ “කාලය මැවු වෙනසක අරුමේ” කියාය.