උණුසුම් පුවත්

කෝටි 11ක බාල ඖෂධ. වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා. රාජ්‍ය  අමාත්‍යාංශයේ වගකීම ඉටු වෙලාද ……….? රවී කුමුදේශ් සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Spread the love

අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරා, අමාත්‍යාංශයක් පිහිටෙව්වා අමාත්‍යංශයේ සම්බන්ධයෙන් වෙනම ප්‍රචාරාත්මක වැඩසටහනකුත් ගෙනිච්චා. නමුත් අද වෙනකොට දත්ත නැති වෙලා තිබෙනවා රට තුළ ඖෂධ නිෂ්පාදන ඇනහිටලා තිබෙනවා. ගෙන්නන උපකරණ සහ ඖෂධ ගෙන්වීමේදී විවිධ දූෂණ සිදුවෙලා තිබෙනවා.
වෙනම අමාත්‍යාංශයක් නඩත්තු කරමින් රටට කිව්වේ ඖෂධ සම්බන්ධයෙන් සුභදායී දෙයක්. ඒ නිසා අපිත් ඒ පිළිබඳ
සුභවාදිව බලාගෙන සිටිය
2020 විගණකාධිපතිවරයාගේ වාර්තාවේ බැලූ බැල්මටම කෝටි 11ක බාල ඖෂධ ගෙනල්ල තියෙනවා කියලා වාර්ථා වෙනවා. රාජ්‍ය ඇමතිවරයා සුපුරුදු සිංදුවම කියන්න හදනවා. මේක කලින් ආණ්ඩුවේ එකක් කියලා චන්න ජයසුමන කට ඇරියොත් කියන්නේ මේක කලින් ආණ්ඩුවේ වැරැද්දක් ඒ ආණ්ඩුව තමයි වගකියන්න ඕනි කියලා. හැබැයි අපි පැහැදිලිවම කියනවා රාජ්‍ය ඇමතිවරයෙක් ඒ සම්බන්ධයෙන් පත්කරලා තියෙන්නේ මේ රටේ වෙනම වරදාන වරප්‍රසාදය නඩත්තු කරන්නේ මහජන මුදලින් පහුගිය ඇමති පසුගිය ආණ්ඩුව කියලා ෂේප් වෙන්න හදන්න එපා.
ඖෂධ ගෙනල්ලා විතරක් නෙමෙයි විගණකාධිපති වාර්තාවේ තියෙනව පොළොන්නරුව රෝහලට විතරක් ලක්ෂ හයක ඖෂධ යවලා. ඒකෙන් ලක්ෂ 5ක් රෝගීන්ට නිකුත් කරලා.
ක්ෂුද්‍රජීවීන් ඉන්න, වීදුරු කෑලි තියන, පෙති කුඩු වෙච්ච, පාට වෙනස් වෙච්ච බෙහෙත් අරගෙන ගිහිං බීපු මිනිස්සුන්ට මොනවා වෙලා ඇත්ද? කවුද ඒවා හොයලා බලන්නේ, බෙහෙත් හින්දම මැරෙන මිනිස්සුත් ඇති. කවුද ඒවාට වග කියන්නේ.
සාමාන්‍ය පරිපාලනය නොදන්නා සෞඛ්‍ය සේවාවේ ලේකම්වරයා මේ වගේ ඒවාට පිළියම් යොදයිද?


Spread the love

Leave a Comment

You may also like