උණුසුම් පුවත්

“IRC මදාවියන් ” රොත්තකට පොලිස් නිළ ඇඳුම අන්දලා පොලීසිය කම්මුතුයි.

Spread the love

ධම්මෝ භවේ රක්ඛති ධර්මචාරී යනු පොලීසියේ තේමා පාඨයි.එහෙත් ධර්මයේ හැසිරෙන බවට ප්‍රතිඥා දෙන  පොලීසියේ රාළහාමිගේ නිලයේ සිට පොලිස්පති දක්වා මෙි තේමා පාඨය ආරක්ෂා කරන්නේද යන්න සැක  සහිතය.

බෞද්ධ දර්ශනයේ එන පංච ශීලය කඩ කරන වැඩි පිරිසක් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේය.නිල ඇඳුම දා ගත් විට තමන්ට කළ නොහැකි දෙයක් නැති යැයි පොලීසියේ බොහෝ අයගේ විශවාසයයි.අද අපට කතා කරන්නට තිබෙන මෙරට පොලීසිය තනිකර චෝදනා පත්‍රයකි.මෙම චෝදනා පත්‍රය එකින් එක විග්‍රහ කරමින් ලිවීමට ගිය හොත් එය මහාවංශයටත් වඩා විශාල පොතක් වෙන බව නම් කිව යුතුමය.ඒ තරමට පිරිහුණු නොසන්ඩාල අසංවර බවකින්  මෙරට පොලීසිය ක්‍රියාත්මක වේ.⁣

පොලීසියේ කෙරුවාව ඇත්තටම ලැජ්ජා සහගතය.පොලීසියට චෝදනා එල්ලවන්නේ අද ඊයේ සිට නොවේ.එහෙත් එදාට වඩා අද තත්ත්වය බැරෑරුම්ය.නින්දිතය.පිළිකුල් සහගතය එදා පොලීසිය බල්ලාට ගොස් තිබුණි.

අද බල්ලෝ පොලීසියට ඇවිත් තිබේ. කිසිදු විනයක් හැදියාවක් හරියාකාර ජාතකයක් නැති වුන් පොලීසියට ආපසු  මෙවැනි කැත හා අවලස්සන වටපිටාවක් අරුමයක් නොවේ. පොලීසියේ මේ පිරිහීම අද ඊයේ සිඳු වූවක් ද නොවෙන අතර එය කාලයක් තිස්සේ පැවැති අසනීප තත්ත්වයකි. අප මොනවා ලිව්වත් එදත් අදත් පොලීසිය ක්‍රියාත්මක වූයේ ඒ ඒ ආණ්ඩු වල දේශපාලන න්‍යාය පත්‍රයට අනුවය.
පසුගිය යහපාලනය සමයේ පොලිස් කොමිෂම පිහිටුවද එය පිහිටුවීමෙි අරමුණු හා එය නොගැලපුන බවක් දැක ගත හැකි විය.පොලිස් කොමිෂම ස්ථාපිත කිරීම සඳහා පදනම දැමූ පාර්ලිමේන්තු  පනත තුල  පොලිස් සේවයේ ස්වාධීනත්වය හා පෞරෂාර්ථ වර්ධනය උදෙසා මග පාදන නෛතික රාමුවක් සැකසී තිබුනද එහි ක්‍රියා කාරිත්වයේදී බොහෝ දුර්වල කම් දැක ගන්නට තිබුණි.විශේෂයෙන් පොලිස් කොමිෂම තුළ පැවති ස්වාධීනත්වය  ඒ සඳහා පත් කෙරුණු සාමාජිකයන් ගේ දේශපාලන බල ආධිපත්‍යය තුල වියැකී ගියේය.
මෙහිදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ගේ සම්බන්ධතා මත පොලිස් කොමිෂමට පත් කරන ලද සාමාජිකාවක අග්‍රාමාත්‍ය තුමා හා සමග පැවැති පෞද්ගලික සම්බන්ධතා නිසා මතුවෙන සිය බල ආධිපත්‍යය මුදා හරිමින් කොමිෂමේ අනෙකුත් සාමාජිකයන් හසුරවමින් සිටිය බව අපට දැක ගත හැකි විය.⁣මෙම සාමාජිකාව නීතිඥවරියක වන අතරම සමරිසි තැනැත්තියක වූ අතර ගෘහස්ත  හිංසනයෙන් පීඩාවට පත් වන  කාන්තාවන් විෂයෙහි  පිහිටවූ සංවිධානයක ප්‍රධාන ක්‍රියාකාරිණියද වූවාය.මෙම සංවිධානයේ පිහිට පතා පැමිණෙන ⁣කාන්තාවන් ඇයගේ සමරිසි ග්‍රහණයට සිර වූ බවට අපට තොරතුරු ලැබී තිබේ.ගෘහස්ත හිංසනයෙන් මිදීමේ අපේක්ෂාවෙන් මෙම සංවිධානය වෙත පැමිණෙන කාන්තාවන් බොහෝ දෙනෙකු සිය විවාහක පුරුෂයන් ගෙන් දික්කසාද කරවීමට එම සංවිධානය කටයුතු කර තිබේ.
කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ⁣පොලිස් කොමිෂමට පත් කළ මෙම තැනැත්තිය කොමිෂම ස්ථාපිත කිරීමේ අපේක්ෂාවන් ඉතා කාලකන්නි ලෙස විනාශ කර දැමුවාය. ඇයගේ ඇවැතුම් පැවැතුම් වලට එරෙහිවූ පොලිස් නිළධාරීන් හා නිළධාරිණියන් ගණනාවක ගෙන් මැය  ඉතා අකාරුණික ලෙස පලි ගත්තාය.මැයගේ පදයට නටන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් කිහිප  දෙනෙක්ද  සිටි බවද සඳහන් කළ යුතුමය.
එය එසේ වන විට පොලීසියේ ආත්ම ගෞරවය නැත්තටම නැති කෙරුවෙි 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි.රාජපක්ෂ පවුලේ  තක්කඩි පැවැත්ම සඳහා   ” පොලීසිය ලුම්පන් චාරයක් නැති දෙපාර්තමේන්තුවක් “ බවට පත් කිරීම අනිවාර්ය කාරණයක් විය.පොලීසියේ අභිමානනීය පෞරෂය බිඳ දමන ලද්දේ ඒ නිසාය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  එහි පළමු අභ්‍යාසය කරන ලද්දේ පොලිස් උප සේවය පොලිස් සේවාවට අනුයුක්ත   කරමිනි.
කිසිදු පදනමක් නොමැතිව සිදු කළ ⁣මේ නොසන්ඩාල ක්‍රියාව නිසා පොලීසියේ බිඳ වැටීමේ වේගය ඉතා කඩිනමින් සිද්ධ විය.පොලීසිය යනු රාජපක්ෂ වහළුන් ගේ සමාගමක් ලෙස නිර්මාණය වූ අතරම  ඉන් පොලිස් සේවාවේ පැවැති විනය ගරුක අභිමානය බිඳී විසිරී යන ලද්දේය.
මහින්ද රාජපක්ෂ ජනපතිවරයා කොන්ද කඩා දමා අංශබාග රෝගී තත්වයට පත් කරන ලද පොලිස් සේවාව ජනපති මිල්ටෙරි නන්දසේන විසින් තවදුරටත් ඉතා සාහසික ආකාරයෙන් දූෂණය කර ඇති බවට තොරතුරු අපට ලැබී  තිබේ.
මිල්ටෙරි නන්දසේන බලයට පත් වීමෙන් පසුව ඒ  වන විට පොලිස් සේවයේ  සිටියදී අධිකරණය වෙතින් අපරාධ චෝදනා ලැබ වැඩ තහනම් කර සිටි පොලිස් නිලධාරීන් 657  දෙනෙකු නැවත සේවයේ ස්ථාපිත කර තිබේ.මෙලෙස නැවත සේවයේ පිහිටවූ අයවළුන් අතර සමූහ අපරාද වලට සම්බන්ධ වූවන් මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන් ,බාල අපරාධකරුවන්, මිනීමැරුම් , හා හෙරෝයින් ජාවාරම් වලට අත් අඩංගුවට පත්  වුන් වේ.
අපරාද නඩු වල තීන්දු ඒමට එම නඩු හා සම්බන්ධ විත්තිකරුවන් නැවත සේවයේ පිහිටුවීම විනය රකින ආයතනයක් ලෙස සැළකිය හැකි පොලීසිය තුල ඉදිරි ක්‍රියාකාරිත්වයට විශාල හානියක් සිදු කරන බව නිසැකය .ඒ මන්ද යත් එවැනි චෝදනා ලබා සිටින  අපරාධකාරයෙකුගෙන්  නීතියේ සාධාරණත්වය ජනතාවට නොලැබෙන නිසාය.
“…සැබෑ මිනිසා ආර්ථික වාසිය රැඳී ඇති මාවත නොසයයි.ඒ වෙනුවට ඔහු සොයන්නේ යුක්තිය හා සාධාරණත්වය 
රැඳි මාවතයි.ඒ නිසා මෙලොව වසන එකම ප්‍රායෝගික මිනිසාද ඔහු වේ.අද දින ඔහුගේ සිහිනය හෙට දවසේ රටේ නීතිය වනු ඇත….”
මෙම ප්‍රකාශය කර ඇත්තේ කියුබානු නිදහස් සටනේ පීතෘෘ
ලෙස සැළකෙන ජොසේ මාර්ට්ය.
නමුත් තක්කඩි රාජපක්ෂවරුන්ට නීතියේ පවැතිය යුතු මේ යුක්තිය හා  සාධාරණත්වය  ⁣වහ කදුරුය. මේ තක්කඩි පවුල සෑම විටම උත්සාහ කරන්නේ  නීතිය යනු තමන්ගේ දේශපාලන බලය බව පෙන්වා දීමටය. ඔවුන් ඒ සඳහා අධිකරණය හා පොලීසිය තමන් ගේ වහළුන් බවට පත් කරගන්නා අතරම ඒ සඳහා වැය වන ඕනෑම තරමේ මුදලක් ගෙවීමටද සූදානම් වූවෝද වෙති.
ජනතාවගේ ශුභ සිද්ධිය සඳහාය  යන අරුමෝසම් ප්‍රචාරාත්මක ගනුදෙනුවක යෙදෙමින් රාජපක්ෂ තක්කඩියන් මෙරට අනීතික පාතාල සමාජයක් ගොඩ නගමින් සිටින බව අපේ වැටහීමයි .

Spread the love

Leave a Comment

You may also like