උණුසුම් පුවත්

දොස්තරකම එපා කරවන දොස්තරලාගේ “සීමාවාසික නවකවදය”.

Spread the love

වෛද්‍යවරයකු ගොඩනඟාගැනීමට රටක නිදහස් අධ්‍යාපනය මෙන්ම මුදල් ගෙවා ලබාගන්නා අධ්‍යාපනය ද ඉවහල් වී ඇති බව කිව යුතුය ලෝකයේ විවිධ රටවල් වල වෛද්‍යවරුන්ට විවිධාකාර සැලකිලි ලබා දෙද්දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලබාදෙන අවම පහසුකම් සහිත අවම සැලකිල්ලකි. විශ්ව විද්‍යාලයක් තුළ දී ඇතිවන මානසික හා කායික පීඩනයක් නැවතත් සීමාවාසික වෛද්‍ය වෘත්තිකයන්ට තම  පුහුණුව තුළදී ඔවුනට  විඳීමට සිදුව ඇත්තේ තවත් නවකවදය යක් දැයි අපට ප්‍රශ්න කිරීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති මජර පාලනය නිසාය .

ඔවුන් කිසිවෙක් ලිඛිත නියෝගයක් නොමැතිව සේවයේ යොදවන්නේ එක් එක් පුද්ගලයාගේ අභිමතය අනුවය මෙය පුදුමාකාර රටකි.  මෙහි ඉතාමත්ම අවාසනාවන්ත තත්වය නම් පසුගියදා රෝහල් 64ක ට වෛද්‍යවරුන් වශයෙන් පත්වීම් ලැබූ 1750 කට ආසන්න පිරිසකට පත්වීම් ලබා දීමෙන් පසු සෑම දිස්ත්‍රික්කයකටම රෝහල්වලට අනුයුක්ත කරමින් සීමාවාසික පුහුණුවක් ලබාදීමට ක්‍රියා කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ සඳහා  විශාල කඹ ඇදීමක් සිදුව තිබුණේ   එම කඹ ඇදීමට මැදිවූ සිමාවාසික වෛද්‍යවරුන් අද ගෙවන්නේ අපා දුකකි. ඔවුන්ට කායික මානසික පීඩනයක් ඇති කරමින් තමාගේ ගතකරන වෛද්‍ය වෘත්තීය එපා කරවන්න පමණක් නොව ,තමාගේ  පුද්ගලික ජීවිතයට පවා දැඩි බලපෑමක් එල්ල කර ඇති බව මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ එක්තරා දෙමව්පියෙක් පවසා සිටියේය.

දැන් දෙමව්පියන්ගේ සූදානම මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට බව අපවෙතට වාර්තාවී ඇත. මෙහිදී එම වෛද්‍යවරුන් වශයෙන් පත්වීම් ලැබූ ඔවුනට විදීමට සිදු ව ඇත්තේ මහත් අපා දුකකි. ඔවුන් කායිකව හා මානසිකව දුක් විඳිමින් අවම වශයෙන් මනුෂ්‍යයකු රැකියාවක් සිදු කරන්නේ නම් පැය 12 ක දී ඔහුට පැය හතරක විවේකයක් ලබා දිය යුතු අතර, දිනකට වැඩ කළ හැකි උපරිමය පැය ගණන 12කි.  ඒත් ඒ සීමාවේ ක්ම තමාගේ ස්වකැමැත්තෙන් වැඩ කළ හැකි නමුත් කිසිවෙකුට බල කිරීමකින් වැඩ ලබාගත නොහැකි වේ. ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරය පිළිගත් නීතියකිය.මෙසේ පුහුණුවන සීමාවාසික වෛද්‍යවරුන් ව දැඩි පීඩාවකට පත්ව  කරන්නේ එම වෛද්‍ය වෘත්තීය ම සිටින ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

මානව හිමිකම් පවා කඩකරමින් අවම  පහසුකම් හෝ ලබා නොදී එම  වෛද්‍යවරුන්ට සීමාවාසිකනැමැති බෝඩ් එක ඉල්ලාගෙන අද විඳීමට සිදුව ඇත්තේ අපමණ දුකකි. ඔවුන් පැය 24 ඉක්මවා ගොස්නැවතත් රාජකාරි යෙදවීම  ඉතා  අමනුෂ්‍යය ක්‍රියාවකි .  අනෙක් පසින් මෙම වෛද්‍යවරුන්ගෙන්  තම මූලික අයිතිවාසිකම් පිළිබඳව හෝ තැකීමක් නොකොට කටයුතු කරන මෙම ජේෂ්ඨ වෛද්‍ය නිලධාරීන් මේ සීමා මාසික වෛද්‍ය නිලධාරීන්ට තම වෛද්‍ය වෘත්තිය එපා කරවන මට්ටමට ම ගෙන එන්නේ කුමන හේතුවක් මතදැයි මේ පිළිබඳව අපි සෞඛ්‍ය අමාත්‍යංශ විමසීමේදී ඔවුන් කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් අතර ඇති කඹ ඇදිල්ල මීට හේතුවී ඇති බවයි.

 මෙම අද්භූත කරුණට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු පිළිසරණක් යොදා නොමැත. ආයතන සංග්‍රහයට යතත් සියලුම වෛද්‍යවරුන් කිසිදු වෘත්තීමය නියෝගයක් ලිඛිතව ලබා දීමට හෝ අඩුම තරමෙන් අවම චක්‍ර ලේඛනයක් හෝ නොයොදවා තමාගේ  තමාගේ අභිමතය පරිදි ක්‍රියා කරවීමට එම වෛද්‍යවරුන්ට අවස්ථාව ලබා දෙන්නේ නම් එය මහත් කණගාටුවට කරුණකි. එවැනි වෛද්‍යවරුන් වෛද්‍යවෛද්‍ය වෘත්තියට නිගා දෙන ආකාරයෙන් කටයුතු කිරීමෙන් අහිංසක රෝගීන්ගේ ජීවිත පිළිබඳ දැඩි අවදානමක් ඇති වන බව අපි ඉතා වගකීමෙන් සඳහන් කරන්නේ මූ .

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැන් කළ යුත්තේ වහාම මේ පිළිබඳව සීමාවාසික වෛද්‍යවරුන් සේවයේ යෙදවීම සහ ඔවුන්ගේ පහසුකම් පිළිබඳව වහාම චක්‍රලේඛන නිකුත් කිරීමය. එවැනි චක්‍රලේඛනයක් නොමැති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තමාගේ හිතුමනාපයේ යෙදවීමෙන් සිදුවන්නේ අසරණ රෝගීන්ගේ ජීවිත පිළිබඳව දැඩි අවදානමක් ඇති වීමය. 
අධික තෙහෙට්ටුව සහ තමාට ඇති මානසික පීඩනය හේතුකොටගෙන රෝහලට පැමිණෙන අහිංසක රෝගීන් ගේ ජීවිතවලට වගකියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය දැයි අපි ඉතාමත් දැඩිව ප්‍රශ්න කරන්නේ මූ මේ නිසා වහාම මේ පිළිබඳව චක්‍රලේඛ නිකුත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ක්‍රියා කළ යුතුය.

Spread the love

Leave a Comment

You may also like