උණුසුම් පුවත්

පාස්කු මෙලේච්ඡ ඝාතනය මිල්ටෙරි නන්දසේනට පාරා වලල්ලක් වී , බේබදු ඥානසාර ගේ කට වැසීමට ප්‍රභල තනතුරක් පුදයි.(ඡායාරූප සහිතයි)

Spread the love

මිල්ටෙරි නන්දසේන හමුදාවෙන් ඉවත්වන ලද්දේ මානසික ආබාධායක්

ඇති බවට වූ වෛද්‍ය නිර්දේශයන් මතය.
මෙරට ජනපති වූ මේ මානසික ආබාධිතයා  මේ වන විට කරන කියන හැම දෙයකින්ම ඒ බව වඩාත් තහවුරු වෙමින් පවතී.ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන අවදියේ මොහු කොළඹ නගරයේ පදික අසරණයන් රාත්‍රියේ නිදා ගන්නා විට හිසට කලුගල් අතෑර මරා දැමීමට බුද්ධි අංශයේ සෙබළුන් යොදවන ලදී.⁣මිල්⁣ටෙරි
⁣නන්දසේන ගේ කෙරුවාවේ වූ මෙලේච්ඡ ස්වභාවය තහවුරු කර ගැනීමට මේ සිදුවීම හොඳටම සෑහේ.මානසික ලෙඩෙකුට මිස හොඳ සිහියක් ඇති මනුෂ්‍යයෙකුට මෙවැනි සාහසික තිරිසන් ක්‍රියාවක් කළ නොහැකි බව තේරුම් ගන්නට අමුතුවෙන් සිතන්නට ඕනෑ නැත.
අද ඒ සාහසික මානසික ආබාධිතයා මෙරට විධායක ජනාධිපතිය.බල උමතුවෙන් ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගත් මේ පිස්සා විසින් අද කරන කියන ඒවා මෙරට සමාජය උඩු යටිකුරු වීමට හේතු වී තිබේ.
මිල්ටෙරි නන්දසේන ගේ කෙරුවාව ඇතැමකුට විහිළුවක් සේ පෙනෙන්නට
ඉඩ තිබුනද එහි පවතින බරපතල අනතුරු සහගත බව ඉදිරියේදී සමස්ත සමාජයේම විශාල කමිපනයකට  පිපිරුමකට හා බිඳවැටීමකට ඉඩ හසර සලසා දෙන බව නම් අපට විශ්වාසය.
මෙහිදී අපට සිහිවන්නේ ලෝ වැඩ සඟරාවේ ළිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුව දිය කෙළියේ කවියයි.
මිල්ටෙරි නන්දසේන මානසික ආබාධිත
යාට උපදෙස් සපයන ඊනියා විද්වතුන් යැයි කියාගන්නා පිරිසද විකෘති ඇති ඇවැතුම් පැවැතුම් ඇති පිරිසකි.නාථ දෙවියන්යන් ගෙන් උපදෙස් ගන්නා
මහචාර්යවරුන්ද රාවණ යුගයක් ගැන සිහින මවන ආචාර්යවරුද රසායනික පොහොර ගැන බයිලා කියන වෛද්‍ය
වරුද මේ පිරිසට අයත්ය.විශේෂයෙන් මිල්ටෙරි නන්දසේන ගේ ප්‍රධාන උපදේශක වරිය වී ඇත්තේ කාලී දේවතාවියගේ දේවාලයක කට්ටඬි යකදුරුකම් කරන වැන්දඹු කාන්තාවකි.
මේ  තැනැත්තිය අනුරාධපුරයේ පදිංචිකාරියක වන අතර ඇය විවාහ වී සිටියේ ජයසූරිය නැමැති ආතක් පාතක්  නැති රස්තියාදුකාරයෙක් සමගමය .සිය රස්තියාදුකාර සැමියා⁣ගෙන් නිතර පහර කෑමට ලක් වූ ඥාණා නම් වූ මේ තැනැත්තිය දැඩි ආර්ථික පීඩාවන්ට ගොදුරුව ජීවත් වූවාය.ඇයගේ සැමියා වූ ජයසූරිය තරුණයන් පිරිසක් විසින් මරා දැමූ පසු අනාථ වූ ඇය හොර රහසේ ගනිකා වෘත්ති⁣යේ නිරත වූ අතර පසුකාලීනව දේවාලයක් සාදා ගෙන සාස්තර කීම සිය වෘත්තීය කර ගත්තාය.
පසුව එස්එෆ් ලොකු හා අනියම් සම්බන්ධතාවක් ගෙන ගිය ⁣මැය එස්එෆ් ලොකු ගේ පාතාල සම්බන්ධතා හරහා මෙරට දේශපාලඥයන් හට යකදුරු කට්ටඬිකම් කිරීම ඇරඹුනි.ඒ සම්බන්ධතා ජාලයේ අර්ජුන රණතුංග විජේදාස රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන  සජින් වාස් ගුනවර්දන වැනි පක්ෂ විපක්ෂ ⁣දේශපාලන ප්‍රබලයන් රැසක් විය.
පසුකාලයකදී මැයට මෛත්‍රීපාල සිරිසේන විසින් රෝහල් කම්කරු තනතුරක රැකියා අවස්ථාවක් පවා දෙන ලදී.මිල්ටෙරි නන්දසේන මෙම කට්ටඬි ඥානාට පංගාර්තු වූයේ පල්ලෙගම ඥාණරතන හිමියන්ගෙනි.පල්ලෙගම ඥාණරතනගේ අනියම් බිරිය වූයේද මැය වීම එහි ලා මග පාදා ගැනීමට හේතු වූ බව දැන ගැන්මට තිබෙි.පල්ලෙගම ඥානරතන සමග සම්බන්ධතාව ඇති වීමත් සමගම මැය විසින් ලක්ෂ විස්සක කොන්ත්‍රාතුවක් දී එස්එෆ් ලොකූ මරා දැමූ  බව කියවේ.කෙසේවෙතත් මිල්ටෙරි නන්දසේන ⁣හා සම්බන්ධ වීමෙන් පසු ඇය කෝටිපතිනියක බවට පත් වූවාය.කොටින්ම කියතොත් අද මෙරට පාලනය කරන්නේ මෙම කට්ටඬි
ඥාණා නම් මනෝ විකෘතික ගැහැණියයි.
අද මිල්ටෙරි නන්දසේන නමි මානසික ආබාධිතයාගේ සියලු කියුම් කෙරුම් ⁣සිද්ධ වෙන්නේ කට්ටඬි ගුරුකම් පදනම් කර ගනිමිනි.එය එසේ සිද්ධ වෙන්නා සේම මිල්ටෙරි නන්දසේන ගේ හෘද සාක්ෂිය නිතර කම්පනයට පත් කරවන සිදුවීමක් බවට පත් වී ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයයි.බලයට පත්වීම සඳහා කුමන්ත්‍රණකාරීව සැළසුම් කළ   පාස්කු මෙලේච්ඡ ඝාතනය අද වන විට මිල්ටෙරිි නන්දසේනට පාරා වලල්ලක් වී තිබේ.ඒ ⁣සාහසික ඝාතනය සැළසුම් කොට  වර්තමානයේදී  මං සුදනා වීමට දඟලන මිල්ටෙරි නන්දසේන ගේ කර මුලට තොණ්ඩුව වැටී ති⁣බෙන බවට නම් අපට සහතිකය.
ගලබොඩ ඥානසාර නම් චීවරධාරියාද මෙම සාහසික කුමන්ත්‍රණයේ තිරය පිටුපසින් සිට පාස්කු  ලේ වැගිරවීම සඳහා අනියම් ආකාරයෙන් උපකාර කළ වග උත්තරකරුවෙකි.මේ තක්කඩියා දැන් මිල්ටෙරි නන්දසේන විසින් එක රටක් එක නීතියක් නම් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා බවට පත් කර තිබේ.මේ පත්කිරීම සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය මගින් අනාවරණය කෙරුවද එම පත්කිරීමෙහි ලා පදනම සැපයුනේ කවර ආකාරයෙන්ද යන්න මෙතෙක් කවුරුත් නොදනී.
එහෙත් ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් අප දැනුවත් කෙරිණි.එම අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයට අගමැතිවරයා මෙම පත්කිරිම ගැන දැඩි ලෙස  විරෝධතාව ප්‍රකාශ කර ඇත.ඥානසාර තක්කඩියා මිල්ටෙරි නන්දසේනගෙන් ඉල්ලා ඇත්තේ ඔහු ⁣බෞද්ධ කටයුතු කොමසාරිස් තනතුරට පත් කරන ලෙසටය.එහෙත් මිල්ටෙරි නන්දසේන විසින් එම ඉල්ලීම ප්‍රතික්ශේප කිරීම නිසා කෝපයට පත් ඥාන සාර  තක්කඩියා මිල්ටෙරි නන්දසේනට තර්ජනාත්මකව පවසා ඇත්තේ “හරි හරි ජනාධිපති තුමා මං කාදිනල් එක්ක එළියට බහින්නම්කෝ” කියාය.⁣මිල්ටෙරි නන්දසේනගේ ඉහ මොළ දන්නට ගෙන ඇත්තේ ඉන් පසුවය . මෙරට ව්‍යවස්ථාවට පටහැනිව අමුතු ජාතියේ කාර්ය සාධක බලකායක් හැදෙන්නේත් ඥානසාර එහි ප්‍රධානියා කරන්නේත්  ඉන්පසුවය.මෙම කාර්ය සාධක බලකාය අමුතු ජාතියේ එකක් බව අප සඳහන් කරන ලද්දේ මෙතෙක් මෙරට ව්‍යවස්ථාදායකය විසින් සකස් කරන ලද නීති අණ පනත් සකස් කිරීමේ කාර්යය නාමධාරී මැරවරයෙකුට පැවරීම නිසාය.
මෙරට පවතින නීතිය සංශෝදනය කිරීීම හෝ නීති පැනවීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය.පාර්ලිමේන්තුව සතු  ඒ පරමාධිකාරී බලය මිල්ටෙරි නන්දසේන උදුරාගැනීම සුළුවෙන් තැකිය හැකි කාරණයක්  නම් නොවෙි. මිල්ටෙරි නන්දසේන සිය ව්‍යවස්තානුකූලව පවතින ජනාධිපති බලය ද්වේෂ සහගතව විකෘති ආකාරයෙන් හසුරවමින් සිටින බව ⁣මින් පැහැදිලි වේ.ජනාධිපති වශයෙන් තමන්ට ඕනෑ ඕනෑ විදියට නීති පමුනවන්නට හැකි යැයි මේ මානසික ලෙඩා  හිතාගෙන සිටින සිටිතැයි අපට විශ්වාසය.
එක රටක් එක නීතියක් හදන්නට පත් කළ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා 
සැබැවින්ම හිරගෙදර ජම්පරය ඇන්දිය යුතු එහෙත් බෞද්ධ චීවරයෙන් වෙස් වලා ගෙන සිටින  ලියාපදිංචි මැරවරයකු ලෙස සැලකිය හැකි සාහසිකයෙකි.
බීමත්ව අපරීක්ෂාකාරී ලෙස රිය පදවා යමි පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ වරදට 2000 මැයි 22 වන දින නඩු අංක 6315/200යටතේ කොළඹ රථවාහන උසාවියේදී දඬුවම් ලැබූ මේ සාහසික මැරයා 2018 ජුනි මාසයේදී හෝමාගම
මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි කාරියක වූ සන්ධ්‍යා එක්නැලිගොඩට
අධිකරණය තුළදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස හයක බරපතල
වැඩ සහිත සිර දඬුවමකට යටත් කරන ලදී.ඉන් අනතුරුව 2018 අගෝස්තු මාසයේදී හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී අධිකරණයට තර්ජනාත්මකව බාධා කිරීමෙි වරදට වසර දහ නවයකට බරපතල සිර දඬුවම් ලැබී එය වසර හයකින් එකවර ගෙවී යන පරිදි දඩුවමකට යටත් වූ මේ ඥානසාර අද නිදහස් පුද්ගලයෙකු ලෙස සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් ප්‍රධානය කරන ලද සමාව නිසාය.
මේ අතර වැලිකඩ පොලිස් වසමේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය විශේෂ ආරක්ෂක බලකායේ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරන ලදැයි චෝදනා කරමින් ඥානසාරට එරෙහිව පසුගිය විසි දෙවනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩුවක් ලබන වර්ෂයේ ජනවාරි 21 වන දින විභාගයට ගැනීමට දින නියම කෙරිණි. මේ අතර 2017 වසරේදී සැප්තැම්බර් මාසයේදී ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන ලදැයි පවරා තිබූ නඩුවක් පොලීසිය විසින් ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කරන විට එම පැමිණිල්ල බහා තබන ලෙස අධිකරණය විසින් නියෝග ⁣කොට තිබේ.මෙම නඩුවට අදාලව අත්අඩංගුවට ගනු ලැබූ ඥානසාර රුපියල් දහදාහක මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබුනි.
2014 දී අළුත්ගම මුස්ලිම් විරෝධී කෝළාහලයේදී ප්‍රචන්ඩ ආකාරයෙන්
සාහසික ඝාතකයකු ලෙස හැසිරෙමින් මුසල්මානුවන් අබ සරණයි යනුවෙන් තර්ජනාත්මකව රැස්වීමක අමතමින් ජනතාව සාහසිකත්වයට පෙළඹවීමේ චෝදනාවද ඥානසාර එරෙහිව තිබේ. ඥානසාරගේ මැරකම පිළිබඳව මේ ආකාරයෙන් පවතින චෝදනා බොහෝය.
ඥානසාර යනු ශ්‍රමන වේශධාරියෙක් බව පසුගියදා කැකිරාවේ රාජකීය පන්ඩිත සුදම්ම නායක හිමියන් විසින්  පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී.මේ මැරවරයා ගැන ශාසනයේ උගත් සිල්වත් බෞද්ධ භික්ෂූ පාර්ශවයේ ඇගයීම එහෙමය.⁣බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනයට පටහැනි ලෙස හැසිරෙන  පාදඩ තක්කඩි සාහසිකයකු වන මේ ඥානසාර පාස්කු බෝම්බ ප්‍රහාරයට චින්තන පසුබිම සැකසූ කුමන්ත්‍රණ කරුවෙකි.පාස්කු බෝම්බ  ප්‍රහාරයට සම්බන්ධ සහරාන් සමග  ඥානසාරද ආරක්ෂක අමාත්‍යංශයෙන් ඔත්තුකරු දීමනා ලබා ගත් තැනැත්තෙක් බව හෙලි වී තිබේ.
 මිල්ටෙරි නන්දසේන ලේකම් කාලයේ සිටම ඔඩොක්කු කුක්කෙකු ⁣වූ ඥානසාර යහපාලනය සමයේ සිටම මුසල්මානුවන් හා බෞද්ධයන් අතර විරසකයක් ඇතිි කිරීම සඳහා විවිධ ආරවුල් වලට නායකත්වය ගත් අයෙක්ද වේ.මුස්ලිම් රෝහින්යා ගැටුම් ඇතිකර ඔවුන් පන්නා දැමීමට නායකත්වය සපයන බුරුමයේ විරතු සමගද 2014 සැප්තැම්බර්  30 වන දින මේ ඥානසාර සාහසිකයා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

මේ ඥානසාර ගේ බිරිඳ ප්‍රංශයේ ජීවත්වේ.මොහු කුඩා දියණියකගේ පියෙකි.මේ සත්‍යය ප්‍රංශයේ ජීවත්වන සිංහලයන් දනී.පසුගියදා මෙම ඥානාසාර ඇල්පිටිය මැටිවිලියෙන් කුරුදු අක්කර අටක් මිලයට ගත්තේ කෝටි ගනනාවකටය.මොහු මෑතකදී මිලයට ගත් වාහනයද v8 වර්ගයේ  වාහනයකි.මෙතරම් ධනයක් මොහු සතු වීම විශේෂයෙන් විමසා බැලිය යුතු කරණකි. 

කෙසේ වෙතත්  මෙවැනි නාමධාරී සාහසික මැරයකුට මෙරට නීති  සම්පාදනය හා  පවතින නීති සංශෝධනයට ඉඩ දීම තුළ හෙට දවසේ අපේ ජාතියේ ඉරණම කවර ආකාරයේද යන්න විද්වත් වෘත්තිකයන්ට අපටත් වඩා වැටහීමක්  තිබිය යුතුය.මිලිටෙරි නන්දසේනගේ ටිකිරිි මොළයට නම් ඒ පිළිබඳව කිසිදු වැටහීමක් නැතුවා විය හැකිය.

Spread the love

Leave a Comment

You may also like