අපේ රටේ එවුන් ඉහල තනතුරු වලට යන විට අමුතු ගායක් හැදේ.ඒ ගාය හැදෙන වුන් වැඩි දෙනෙකු ගමේ ස්කෝලවල ඉගෙන ගෙන රාජ්‍ය සේවයට ඇතුළු වූවන්ය.මේ උන්දැලාගේ
අම්මා තාත්තා ගැන හොයා බැලුවොත්කරෝලිස්ලා ජේන් නෝනාලා බව හොයා ගන්නට පුළුවන.ගමිවල දුප්පත් කමින් මිරීකී වේලකට පාන් කෑල්ලයි පොල් කෑල්ලයි කා බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන විභාග පාස් වී රාජ්‍ය සේවයට ඇතුළුව ඉහලට යන විට මේ කුලකයේ වැඩි පිරිසකට ඔළුව ඉදිමීමේ අමුතු උනක් ගනී.හොඳට හොයා බැලුවොත් රෝයල්, ආනන්ද ඩීඇස්, ලුම්බිනි, විශාකා, සිරිමාවෝ වැනි නාගරික සුපිරි පාසැල්වල ඉගෙන ගෙන ඉහල තනතුරු වලට එන වුන් මනුෂ්‍යත්වය ගැන දන්නා සමාජ සංස්කෘතික වටිනාකම් හා විනය ඉතා ඉහලින් ගරු කරන පිරිසක් බව තේරුම් ගත හැකිය.මේ ඔළුව උදුම්මා ගන්නා කුලකයේ එවුන් කුඩා කාලයේදී ජීවිතයේ බොහෝ දුක් පීඩාවන්ට හා හිංසාවන්ට ගොදුරු වූවන්ය.එසේත් නැතිනම් අඩුම ගානේ අම්මා තාත්තාගේ පවුල් ජීවිතයේ මොනවා හරි කොස්සක් තිබුන වුන්ය.කුඩා කාලයේදී තමන් අත් දුටු ඒ අමිහිරි අත්දැකීම් හා සබැඳුන මානසික විකෘතිය සමාජය තුල මුදා හැර “මං පොර” වීමේ ඕනෑකම මොවුන් ගේ ජීවිත ඇවැතුම් පැවැතුම් වල තදින් බැඳී පවතින බව අපට හැඟේ. මේ ඔළුව ඉදිමුන අතර මේ කාණ්ඩයට අයත්තවත් පිරිසක් වන්නේ දේශපාලන බල අධිකාරියට සමීපව ඒ බල අධිකාරියේ ඕනෑ එපාකම් අනුව නැටවෙන පිම්පියන්පිරිසය.දේශපාලන බල අධිකාරිය අසල පිම්පියන් ලඟ හැසිරෙන මේ පිරිස තමන් ගේ බයාදු නිවට බව අමතක කරගන්නේ සමාජයේ පොදු ජනතාව ඉදිරිපිට වීරත්වයක් ආරෝපනය කර ගනිමිනි.අප මේ පූර්විකාව සඳහන් කෙරුවේ ඇතැම් රාජ්‍ය නිළධාරීන් රාජකාරියේදී හෝ මහ මග යන විටදී සාමාන්‍ය ජනතාවට දාන පුස් පුට් හා ගොන් පාට් ගැන නිතර අසන්නට ලැබෙන බැවිනි.මෑතකදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයා ගේ වාහනය නැවතූ පොලිස් රාළහාමි කෙනෙකුට දැමූ පුස් පාට් එක සයිබරය පුරා පැතිරිනි.එම රාළහාමි නීතිය ඉටු කරන්නට උත්සාහ කෙරුවේ ඔහුට ලැබී තිබුණ දෙපාර්තමේන්තු නියෝග වලට යටත්වය.ඒත් ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් බව ප්‍රකාශ කළ පුස් නාම්බා තමන් දැරූ තනතුරු නීතියට ඉහළින් පවතින එකක් යැයි සිතා සිටිය බව ඒ සිද්ධිය නැරඹූ අපට සිතාගන්නට හැකිවිය.කෙසේ වෙතත් ඒ සිදුවීම සයිබරය පුරා පැතිරයන විට රාජකාරිය අකුරට ඉටු කරන්නට මැදිහත් වූ පොලිස් රාළහාමිට ස්ථාන මාරුවක් ලැබුණ බවද වාර්තා කෙරිණි.හරි නම් විය යුත්තේ නීතියට ඉහළින් පුස් පාට් දැමූ අර අතිරේක ලේකම් පුස් නාම්බාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමය. එහෙත් මේ රටේ සිද්ධ නොවෙන්නේදඒ කාරණයයි. ඒ පුස් නාබිබාගේ සිදුවීම හා සමාන සිදුවීමක් අද සයිබරයේ තිබෙන බොහෝ තොරතුරු මාධ්‍ය ඒකක අනාවරණය කිරීම් තුල දකින්නට තිබේ.ඒ ඡ්‍යෙෂ්ඨනියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගමන් ගත් ජිප් රථය ඉස්සර කිරීමට යෙදුන කාරයක රියදුරු ලෙස කටයුතු කළ තරුණයකුට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු පහර දෙන ආකාරය එම සයිබර් රූප මාලාව තුල දැක්වේ.මෙහිදී පහර කෑමට ලක්වූ තරුණයා බලන්නකො මෙයා හොඳටම බීලා යැයි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගේ ආරක්ෂාවට වට කර සිටි පොලිස් රාළහාමිලාට පවසයි.තරුණයාගේ ඒ ප්‍රකාශයත් සමගම මඳ කිපී සිටි නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු තරුණයා අත් හැර වහා සිය ජිප් රථයට නැග දොර වසා ගනී.ඉන්පසුව ඔහුගේ ආරක්ෂක පොලිස් රාළහාමි කුක්කෙකු ඒ තරුණයාට පුරුෂ වචනයෙන් බැණවදිමින් තර්ජනාත්මකව රියදුරු බලපත්‍රය ඉල්ලා සිටී.අප දන්නා ආකාරයට පොලිස් නිළධාරියෙකුට වාහන රියදුරෙක්ගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලා සිටිය හැක.එහෙත් එය ඉල්ලා ගෙන තමන් ළඟ රඳවා ගන්නේ නම් රියදුරුට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කළ යුතුය.එහෙත් මේ රාළහාමි කුක්කා එම තරුණයා ගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලා සිටින්නේ එලෙස තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමේ සිට නොවන බව මෙම දර්ශන වලින් අපට තේරුම් ගත හැකිය.මේ රාළහාමි කුක්කා ඒ තරුණයාට පෙන්වන්නේ සිය හාම්පුතාගේ තරු ඔටුණු වල හයිය බව සිතා ගත හැක. සිද්ධියට මුහුණ පෑ තරුණයා සමග වාහනයේ ඔහුගේ මව සිටි බවද පෙනී යයි.තම පියා නීතිඥයකු බවද ඒ අවස්ථාවේ මෙම තරුණයා පවසනු ඇසේ.මේ සයිබර් දර්ශන අසන දකින අපට සිද්ධියට මුහුණ පෑ තරුණයා අහිංසකයෙක් බව නිගමනය කළ හැකිය.කෙසේ වෙතත් මේ රන්මල් කොඩිතුවක්කු නියෝජ්‍ය පොලිස්පති විකෘති මානසික ඇබ්බැහිවීමකින් පෙළෙන්නෙක් බව ඔහුගේ පැටිකිරිය හා කියුම් කෙරුම් දන්නා අපට වගකීමෙන්සඳහන්කළ හැකිය.මොහු මෙවැනි පහරදීමක් කළ පළමු අවස්ථාව මෙය නොවේ.මීට පෙර පානදුරයේදී හා තවත් ස්ථාන කිහිපයකදීම තමන් ගමන් කළ වාහනය ඉස්සර කරා යැයි වාහන රියදුරන් කිහිප දෙනෙකුටම පහර දුන් බවට වාර්තා වී තිබේ.මේ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ පවුලේ ආරවුල් නැතහොත් බිරින්දෑ පිට වාසි ගැනීමේ දුක එළියට විසි වෙන්නේ මග තොටේ ගමන් ගන්නා රියදුරන්ගෙන් බව පොලිස් ආරංචි මාර්ග වලින් අපට දැන ගන්නට ලැබුණි.තමන්ගේ අඹුව එක එකාට රෙද්ද උස්සන්නේ නම් ඒ ගනුදෙනුව බේරාගත යුත්තේ තමන්ගේ ගෙදරදී බව අප රන්මල් කොඩිතුවක්කු උන්නැහේ වෙත දන්වමු.පාරේ යන අහිංසක රියදුරන් සිය අඹුවගේ කොටු පැනිල්ල හා අදාල කර නොගන්නා ලෙසද ඉල්ලමු. රන්මල් කොඩිතුවක්කු පොලිස් සේවයට ඇතුළත් වන්නේ සුදුසුකම් සපුරා නොවේ.ඔහු පොලිස් සේවයට ඇතුළත් වන්නේ එවකට පොලිස්පති වූ සිය තාත්තාගේ චාටර් ගේම් එකකිනි.ඒ දිනවල ජනමාධ්‍ය වල මේ තක්කඩි වැඩෙි ගැන පල වූ බව අපට මතකය.පොලිස්පති තාත්තා පුතා පොලිස් සේවයට බඳවා ගැනීමට සිදු කළ චාටර් ගේම් එක නිසා අහක සිටි පොලිස් රාළහාමි කෙනෙකුටද ඉබාගත වාසනා ලොතරැයික් ඇදුනි.ඒ එවකට පෑලියගොඩ පොලීසියේ සේවය කළ කිත්සිරි ජයලත් රාළහාමිය.අද වන විට ඔහු පොලීසියේ ඡ්‍යෙෂ්ඨනියෝජ්‍යපොලිස්පතිය.යහපාලනය කාලයේ කුරුනෑගල මුසල්මානු වෛද්‍යවරයකු වඳ සැත්කමි කරනවායැයි රට කැළඹීමට පත් කළ “විගඩම් නාටකයේ” පළමු වග උත්තරකරුවා මොහුය .මෙරට සමාජය තුළ ජාතිවාදය ඇවිස්සීමට මොහු ඉතා කුමන්ත්‍රණකාරීව හැසිරී ඇති බව මෙම සිදුවීම ඒටු ඉසෙඩ් විමසන අයෙකුට වටහා ගත හැක.සැබැවින්ම මේ තක්කඩියා ගේ පොලිස් නිල ඇඳුම ගලවා වැලිකඩ ජම්පරය ඇන්දවිය යුතු තරමේ බරපතල අපරාදමය වරදකි එය.අද පොලීසියේ ඉහල පුටු වල ඉන්නේ මෙවැනි තකතිරු අමන වාහේලාය මානසික ලෙඩ්ඩුය.නමුත් තමන් කරන කියන කන බොන ඒවායේ අමිහිරි ප්‍රතිඵළයක් විදියට අහල පහල වැසිකිලියක් නැතිව රෙන්න බර වෙන තරමට කෙල වුන දවසක තමන්ගේ පිහිටට කවුරුත් එන්නේ නැති බව රන්මල් කොඩිතුවක්කු උන්දෑ දැන ගත යුතුය.ඒ සමානව විශේෂයෙන් ලොක්කන්ට ගොටු අල්ලන ඔඩොක්කු රාළහාමි කුක්කන්ද ඒ බව සිතේ තබා ගැනීම වැදගත්ය.ඒ ගැන ආසන්නම උදාහරණයක් විදියට අපට පෙන්වා දියහැක්කේ පොලීසියේ හතරවරං වැඩ පෙන්වූ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගනේන්ද්‍ර වාස් ගුණවර්ධන හා පොප බමුණුසිංහ දෙදෙනා අද වැලිකඩ එච් වොර්ඩ් එකේ හයේ හතරේ මැදිරියක නිකම්ම නිකම් නොම්මර බවට පත්වී හූල්ල හූල්ලා ඉන්න විදියයි.