මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ දැන් ,දැන් සිද්ධ වෙමින් පවතින්නේ අමුතු ,අමුතු දේවල්ය.මේ සිදුවෙමින් පවතින අමුතු දේවල් ආණ්ඩුවට සම්බන්ධ පොදු ජන පෙරමුණේ ඇතැම් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතර පවතින්නේද වික්ෂිප්ත බවකි.කම්පනයකි.එහෙත් බැඳ ගත්ත බෙරේ ගහනවා හැරෙන්නට ඔවුන්ට වෙනත් කරන්නට තක්කඩි රාජපක්ෂ වරුන්ගෙන් ඉඩක් නැත. රාජපක්ෂ පවුලේ මදාවි මැරකම් ගැන දන්නා ඔවුන් ආණ්ඩුවේ සිද්ධ වෙමින් පවතින වංචා දූෂන වලට එරෙහිව කටේ කෙල බිඳුවක් හෙළන්නටවත් බය වී සිටිති.
නමුත් ඔවුන් දැන් රාජපක්ෂවරුන්ගේ තක්කඩි ගේම් හා ඩීල් ගැන හොඳින් දැනුවත්ය.හෘද සාක්ෂියක් තිබෙන පොදු ජන පෙරමුනේ සමහර ප්‍රබලයන් අප හා සම්බන්ධවී තක්කඩි රාජපක්ෂ පවුලේ කූඨ ගනුදෙනු පිළිබඳව අප දැනුවත්කරයි. මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ ආයු කාලය තවත් ඉදිරියට පවතින නිසා තක්කඩි රාජපක්ෂ පවුලට එරෙහිව එළි පහළියේ කතා කරන්නට ඔවුන් බය වී සිටී.ඒ සියල්ලෝම ආණ්ඩුව තුළ සිටින්නේ හාවුන් ගානටය.අද මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව ආරක්ෂා කර ගනිමින් මරාගෙන මැරෙන්නට තරමේ පෙනී ඉන්නේ ලුම්පන් පන්නයේ ලා සැළකිය හැකි ඇමැතිවරුන් සැට් එකය. ඒ අතරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු රෝහිත අබේගුණවර්දන ලන්සා ප්‍රසන්න රණවීර තිස්ස කුට්ටිආරච්චි වැනි අපතයන් ප්‍රධානය.මේ රාජපක්ෂ කූට්ටාලියන් අඩු අධ්‍යාපනයක් ලැබූ අයවළුන් හා පාතාල ජාවාරම්කාරයෝ වේ.
පසුගිය පාර්ලිමේන්තු සභා රැස්වීමේදී පොදුජන පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාම සුසිල් ප්‍රේමජයන්ත සිදු කළ කතාව මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව තුළ පවතින දෙදරීම ගැන ඉඟියක් ලෙස ගත හැකිය. ඔහු විසින් සිදු කළ කතාවේදී ඉදිරියේදී “අපි බලාගන්නම් .අපි පොල්පෙති නොවෙයි” යනුවෙන් කළ සඳහන සෘජුවම රාජපක්ෂ වරුන්ට කළ අභියෝගයක් බව අපි විශ්වාස කරමු.ඒ මන්ද යත් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පවතින්නේ රාජපක්ෂ වරුන්ගේ ආධිපත්‍යය මිස වෙනත් කිසිවෙකුගේ නායකත්වයක් එහි නොමැති නිසාය. කෙසේවෙතත් හදිසියේම පාර්ලිමේන්තු සභා ගර්භය තුළින් මතුවුන මේ ව්‍යාජ සිංහයා ගැන අපට ඇත්තේ විහිළුකාර අදහසකි.විසිවන සංශෝධනය මගින් මිල්ටෙරි නන්දසේනට පාර්ලිමේන්තුව සතුව පැවැති පුරවැසි බලය පවරාදීමට මේ ව්‍යාජ සිංහයාද මහත් උනන්දුවෙන් කටයුතු කළ ආකාරය අපට තවමත් මතකය.
මේ සුසිල් ගැන ඊටත් වඩා හොඳ මතක සිහිවටනයක් අප සතුව තිබේ.ඒ මිල්ටෙරි නන්දසේන බලයට පත්වූ ජනාධිපතිවරණ සමයේ සිදු වූ කාරණයකි.මිල්ටෙරි නන්දසේනගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටි සුසිල් ප්‍රේමජයන්ත එක් අවස්ථාවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අවලාද නැගීය. මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු ලෙස කටයුතු කළ සජින් ද වාස් ගුනවර්දන ඒ වන විට එජාපයට සම්බන්ධව දේශපාලන කටයුතු වල නිරත වෙමින් තිබුණි.සුසිල් ප්‍රේමජයන්තමාධ්‍ය සාකච්ඡාවකදී කට වාචාල කමට සිදු කළ අවලාදයට එරෙහිව සජින් වාස් ගුනවර්දනද ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් තබා පිළිතුරු දෙන ලදී.සජින් වාස් ගුණවර්ධන එහිදී දුන් පිළිතුර මෙහෙමය.
“.. මහින්ද රාජපක්ෂ මහත්තය ජානාධිපති කාලෙ හිටියෙ ඉන්ධන ඇමති විදියටනේ….මතකද ඒ දවස්වල බාල ඩීසල් ගෙනැල්ල වෙච්චි සිදුවීම.එතැනදි ජනාධිපති තුමා ඇමති තුමාට ඉල්ලා අස්වෙන්න කියල ඉල්ලීමක් කරා මතකද…ඒත් ඇමතිතුමා ජනාධිපතිතුමාගෙ නියෝගය තඹ දොයිතුවකට ගනන් ගත්තෙ නෑ නොවැ. ඉන්පස්සෙ ජනාධිපති තුමා මට දුන්න CD එකක් ඇමතිතුමාට ගෙනිහින් දෙන්නය කියල.මං ඒ CD එකත් අරගෙන ඇමතාතුමාගෙ ඔෆිස් එකට ආව .ඉන්පස්සෙ ඇමතිතුමා ඒ CD එක කොම් එකට දාාල බැලුව.ඒක බැලුව විතරයි ඇමතිතුමා මූනින් කටෙන් නහයෙන් දා දාදිය දාල තක්බීරි වුනා.කලන්තෙ නොදැම්ම විතරයි.ඉන් පස්සෙ මේස උඩ තිබුණ වතුර වීදුරුව අරගෙන මං ඇමතිතුමාට බොන්න දුන්නට පස්සෙ තමා ඇමතිතුමාට හොඳ සිහිය ආවෙ.ඉන්පස්සෙ ඇමතිතුමා ඒ වෙලාවෙම ඇමතිකමෙන් අස්වෙන ලියුම අස්සන් කරලත් මගේ අතට දුන්නා.මතකද ඇමතිතුමා……මතකද….” …ඕං ඉතින් ඒ CD එකේ තාමත් මගේ ගාව තියෙනවා ….එච්චරයි මට ඇමතිතුමා ගැන කියන්න තියෙන්නෙ සජින්ද වාස් ගුණවර්දනගේ මේ ප්‍රකාශයත් එක්කම සුසිල් ප්‍රේමජයන්තට ඇඳ සිටි අමුඩයේ කක්කා ගිය බව නම් ඇත්තම ඇත්තය.ඒ බව වඩාත් තහවුරු කර ගත හැක්කේ ඉන්පසුව සජින් ද වාස් ගුනවර්දනට එරෙහිව සුසිල් ප්‍රේමජයන්ත කටක් ඇරියේ නැති නිසාය
ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ චණ්ඩි පාට් දැම්මේ ඔන්න ඔය සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාය.එයාගේ කෙරුවාවේ සීමාව ඇත්තේ කොතැනද යන්න කොයි කාටත් දැන් වැටහෙනවා ඇත.සජින් ද වාස් ගුනවර්දන ළඟ ඇඹරුණ සුසිල් ප්‍රේමජයන්තට මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුලට එරෙහිව කරන්නට පුළුවන් ලබිබක් නැත.ඇමතිකම් වල සිටියදී සිය අඹුව සමග ඇති තරම් මහජන දේපොළ ගසා කෑ මෙවැනි තක්කඩියන් ගේ ව්‍යාජ කයිවාරු වීරකම් පම්පෝරි කතා වලින් තවදුරටත් සමාජය ඇන්දීමට අප ඉඩ නොදෙමු.පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ තක්කඩියා කළ කතාව මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂවරුන්ට එරෙහි පාක්ෂිකයන්ගේ උද්දාමයට හේතු වී ඇතැයි අන්තර්ජාල ප්‍රකාශනයන් තුල සටහන් වන කමන්ටු වලින් පෙනී යයි.නමුත් මෙවැනි රැවටිලිකාර කපටි පෝරිසාදයන්ගේ සැබෑ ස්වරූපය හඳුනා ගැනීම සමාජයේ වගකීමකි.
මේ වන විට රාජපක්ෂ තක්කඩියන්ගේ මැදමුලන බංගලාව වටලන තරමට රටේ ජනතාව ඇත්තේ කෝපයකිනි.මේ ලිපිය ලියන අද දවසේ මැදමුලන බංගලාව වැටලීමට ආ යෝද ජන සන්නිපාතයක් පොලීසිය ගෙන ආ අධිකරණ නියෝගයකින් විසුරවා හැරිණි.රාජපක්ෂ පවුලේ වංචාකාරී ගති ස්වභාවය දැන් දැන් මුළු රටටම තේරුම් යමින් තිබේ.හෙට අනිද්දා වන විට හොඳින් හෝ නරකින් ආණ්ඩුව ගෙන යාම රාජපක්ෂ හාමුලා ගේ අපේක්ෂාව බව අපට තොරතුරු ලැබී තිබේ. ආරක්ෂක ලේකම් කමල් ගුණේ ගේඅනාවරණය වී ඇති දුරකතන සංවාදයක ඉදිරියේදී මේ රටේ මිල්ටෙරි ආණ්ඩුවක් පිහිටුවීම ගැන ඉඟියක් කර ඇතැයි කියවේ.ඒ සඳහා මොවුන් දැනටමත් ගජබා බලඇණිය සූදානම් කරමින් සිටින බව ආරංචිය.නමුත් ඒ සූදානම ගැන අපට කීමට ඇත්තේ රාජපක්ෂ හාමුලා මේ හදන්නේ ඉල්ලං කෑමට බවය.රටේ මතුවෙමින් තියෙනජන බලවේගය ගජබාවරුන් තියා මොන බා ආවත් යටපත් කරන්නට නොහැකි වනු ඇති බව ඇඟ පත හැඩි දැඩි මොලය කළඳක් නැති රාජපක්ෂ ඔඩොක්කු කුක්කන් වන මිල්ටෙරි ජනරාල්ලා දැන් තියා සිහියේ තබා ගැනීම හොඳය.
රට මෙතරම් දුක්ඛදායී අසරණ කමට පත්වී තිබියදී පවා කාලකණ්නි රාජපක්ෂ පවුල විසින් සිදු කරන මහජන දේපොල හොරකම් කිරීමේ ක්‍රියාවලිය අවසන් කර නැත.සිත්පිත් නැති නොසන්ඩාල රාජපක්ෂ වරු සෑම තත්පරයකම උත්සාහ කරන්නේ මහා භාන්ඩාගාරයේ මුදල් පික්පොකට් ගසන්ටය.පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් මහත් උජාරුවෙන් ක්‍රියාත්මක කරන හැම ව්‍යාපෘතියකින්ම කොමිස් මුදලක් රාජපක්ෂ පවුලේ උන්ගේ සාක්කු වලට යන්නේය.අනතුරුව තව මුදල් කුට්ටියක් රාජපක්ෂ තක්කඩියන් සමග ගනුදෙනු කරන නොසන්ඩාල ජාවාරම් කරුවන් අතට පත්වේ.දැන් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔය ආකාරයටය.නමුත් මේ හැම වංචාවක්ම සිද්ධ කරන්නේ පොදු මහජන යහපත හා අභිවෘද්ධිය සඳහා දියත් කරන ව්‍යාපෘති යනුවෙන් වූ ප්‍රචාරාත්මක විසිතුරු දවටනයෙන් සරසලාය.
අද රට තුළ පවතින බරපතල ප්‍රශ්නය වී ඇත්තේ පොහොර හිඟයයි.මහ කන්නයේ ආරම්භයත් සමග පොහොර නැතිකමෙන් අසරණ වී සිටින ගොවියන් ගොවි බිම් වල විශාල විරෝධතා සිදු කරමින් සිටී.රාජපක්ෂ තක්කඩියන් විසින් හදිසියේම රසායනික පොහොර තහනම් කරන ලද්දේ මෙරට සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුමක් මත බව අපගේ දැඩි විශ්වාසයයි.පොහොර නැති කමෙන් සම්ප්‍රදායික ගොවි කමෙන් ඉවත් වන ගොවියන්ගේ ඉඩම් මහා පරිමාන ව්‍යාපාරික ජාවාරම්කාරයන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් ඒ අතර වේ. එහිදී තේ හා රබර් ඉඩම් සංචාරක කර්මාන්තය සඳහා යොදවා ගැනීමද සිදු වෙනු ඇත.මැදපෙරදිග තෙල් කර්මාන්තයේ නිරත රාජකීය මුසල්මානු ධනපතියන් මෙරටට කැන්දගෙන ඒම සඳහා තායිවාන් යුක්රේන හා චීන ගනිකා කොලනි ඇති කිරීමත් කැසිනෝ මධ්‍යස්ථාන මෙරට ඉඳිකිරීම රාජපක්ෂවරුන්ගේ අපේක්ෂාව වී තිබේ. දළදා මාලිගාව හා අටමස්ථානය ශ්‍රීපාදය පූජනීයස්ථානයන්ට වඩා නිදහස් සංචාරක කළාප ලෙස ප්‍රවර්ධනය කිරීමටද අපේක්ෂිතය.වැව් පද්ධතිය ජල ක්‍රීඩා මධ්‍යස්ථාන වනු ඇත.තක්කඩි රාජපක්ෂවරුන් විසින් මහජන දේපොල මංකොල්ල කෑම විවිධ ආකාරයෙන් සිද්ධ කරන්නේ මෙවැනි පසුබිමකය.රාජපක්ෂ පවුලේ පෝරිසාද හොර දෙටුවා ඇමරිකානු පුරවැසි බැසිල් හාමුය.ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ධුර කාලයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය වරයා ලෙස කටයුතු බැසිල් හාමු ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් පවා හඳුන්වන ලද්දේ ටෙන් ප්‍රසන්ට් හෙවත් සීයට දහයේ කොමිස් ගන්නා ඇමති විදියටය.අද මෙරට මුදල් අමාත්‍යවරයා වි ඇත්තේ එවැනි නොසන්ඩාලයෙකි. ඩොලර් සංචිතය හිඟවීම නිසා මෙරට කිරි සප්පයකුට බීමට පිටි කිරි පැකට්ටුවක් ආනයනය කරගන්නට බැරිව සිටින මිල්ටරි නන්දසේනගේ ආණ්ඩුව අත යට සිද්ධ සිද්ධ කෙරෙන කැත අවලස්සන ජාවාරම් ගනුදෙනු නම් කෙළවරක් නැත.
එවැනි මහා ජාවාරම්කාර ගනුදෙනුවක් ගැන පසුගිය පාර්ලිමේන්තු සභා වාරයේදී විජිත හේරත් මන්ත්‍රී වරයා විසින් අනාවරණය කෙරිණි. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ දිියර පොහොර ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව බාරව සිටින United Faramers Trest Ltd සමාගමට බැංකු ගිනුමක් විවෘත කර මහජන බැංකු මූලස්ථානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.275 ක් හෙවත් රුපියල් කෝටි විසි නවයක් (29 ) බැර කර ඇති බවට විජිත හේරත් මන්ත්‍රී වරයා විසින් එහිදී සඳහන් කෙරිණි.ඔහු මෙහිදී පවසන ලද්දේ මෙම බැංකු ගිනුම අරඹන ලෙසට මහජන බැංකුවේ නගර ශාඛාවට ජනාධිපති පී.බී.ජයසුන්දර සෘජුවම බලපෑම් කර ඇති බවය.රජය මගින් විදේශයන් හා සිදුකරන ව්‍යාපාරික ගණුදෙනුවකදී අනුගමනය කළ යුතු නෛතික තත්වයන් පවා නොතකා මෙම ගනුදෙනුව සිඳු කර ඇති බව පෙනී යයි. එහිදී ඉන්දියාවෙන් මෙම පොහොර ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී ඇත්තේ කොමාර්ෂල් පොහොර සමාගමටය. එහෙත් ඇමති මණ්ඩල අනුමැතිය පවා නොතකා පෞද්ගලික හිතේෂීවන්ත ජාවාරම් කාරයන් දෙදෙනෙකු විසින් අටවාගත් සමාගමක් සම්බන්ධ කර ගනිමින් මේ ජාවාරම සිද්ධ වී තිබෙන බව පැහැදිලිය. මෙම ගිනුම විවෘත කර ඇත්තේ මොහාන් පෙරේරා හා පී.වී.ජී.එම් වීරසිංහ යන දෙදෙනා විසින් ඒකාබද්ධ ගිනුමක් ලෙසටය.මෙම ගිනුම විවෘත කිරීම සඳහා අදාල ගිනුම් හිමියන්ගේ ජාතික හැදුනුම්පත්වල පිටපත් පවා බාර දී නැති අතර ගිනුම විවෘත කර ඇත්තේ ඔක්තෝම්බර් මාසයේ 18 වන අතර එදිනම මෙම ගිනුමට රුපියල් කෝටි විසි නවයක (29 ) මුදලක් බැර වී ඇති බව මන්ත්‍රී වරයා පවසන ලදී.මෙම මුදලින් නයිට්‍රජන් පොහොර ගෙන්වීමට මෙි වන විට වැය කර ඇති මුදල රුපියල් කෝටි නවයකි. ගිනුමේ ඉතිරි මුදල වූ ඇමරිකානු ඩොලර් ලක්ෂ අට රුපියල් වලට මාරු කොට ගිනුම් හිමියන්ට මුදා හරිනලෙසට ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර බැංකු නිළධාරීන්ට දිගින් දිගටම බලපෑම් කර ඇත.
කෙසේවෙතත් මේ සිදුවීම ගැන අරුණ පුවත්පත ප්‍රවෘත්තියක් පල කර තිබේ.එම ප්‍රවෘත්තිය විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් සිදු කළ ප්‍රකාශය පදනම් කරගෙන පල කෙරුවද අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා මෙහි පවතින සත්‍ය අසත්‍යතාව ගැන මහජන බැංකුවේ ඉහළ කළමණාකාරිත්වයෙන් විමසා ඇති බවද මෙම සියළු කරුණු සම්පූර්ණ සත්‍ය බවට ඉන් තහවුරු කොට ඇති බවද අපට දැන් ගැන්මට ලැබී තිබේ.එය එසේ තිබියදී ජනාධිපති මාධ්‍ය අංශය ජනපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් මෙම ප්‍රවෘත්තිය අසත්‍ය හා ද්වේශසහගත ප්‍රවෘත්තියක් ලෙස පවසන බව සඳහන් කොට මාධ්‍ය නිවෙිදනයක් නිකුත් කර ඇති අතර වැඩිදුරටත් අරුණ පුවත්පතේ මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තාව ගැන සියළු පාර්ශවයන් කැඳවා පරීක්ෂණයක් කරන ලෙසට පොලිස්පතිට ජනපති පුද්ගලික ලේකම් වරයා දැනුමි දී ඇතැයිද එහි දැක්වේ
ජනාධිපති ලේකම් වරයා යනු රාජ්‍ය නිළධාරියෙකි.ඔහු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය භාවිතා කරමින් ප්‍රකාශ නිකුත් කිරීමට තරමේ බල අධිකාරියක් ගොඩ නගා ගත්තේ කෙසේද……? යන්න අපට බරපතල ප්‍රශ්නයකි.මේ වන විට අරුණ පුවත්පතේ කර්තෘ වරයා CID යට කැඳවා ඇතැයි අපේ ආරංචි මාර්ග පවසයි.මෙම ජාවාරම ගැන පාර්ලිමේන්තුවේ හෙළි කරන ලද්දේ විජිත හේරත් මන්ත්‍රී වරයා වේ.අරුණ පුවත්පත ප්‍රවෘත්තිය පල කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මූලාශ්‍රය කර ගනිමිනි.එය එසේ වන්නේනම් CID ට කැඳවිය යුත්තේ අරුණ පුවත් පතේ කර්තෘ වරයා නොවේ.විජිත හේරත් මන්ත්‍රී වරයාය.ජනමාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් පල වූ විට CIDය කුලප්පු වීම ගැන හා ජනමාධ්‍යවේදීන් විෂයෙහි ඔවුන් විසින් සිදු කෙරෙන බලපෑම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වහා මැදිහත් විය යුතුය.දේශපාලන බල අධිකාරියෙන් ලකුණු දමා ගැනීමේ අපේක්ෂාවෙන්
CIDයේ සමහර ගොන් වාහේලාට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වැළඳෙන මදන කුලප්පුව ගැන ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමුතුවෙන් ලියා කියා දෙන්නට අවශ්‍ය නැත.එබැවින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මාධ්‍යවේදීන් විෂයෙහි පවතින ස්වාධීන අධිකාරී බලය ආරක්ෂා කරදීම ජනමාධ්‍ය වල “ලේ ඥාතියෙක්” වන මාධ්‍ය අමාත්‍යවරයාගේ වගකීම හා යුතුකම වේ. අරුණ පුවත්පතේ හිමිකරු දෙරණ දිලිත් ජයවීරය.මිල්ටෙරි නන්දසේනගේ සමීපතම සගයාගේ පුවත් පතට එරෙහිව ජනාධිපති ලේකම් තග දැමීම අමුතුවෙන් සොයා ගත යුතු කාරණයකි. එහි කර්තෘ මහින්ද ඉලේපෙරුමද ඈත කාලයේ සිට මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කු ලියන්නෙකි.රාජපක්ෂ හාමුලාගේ සමීපතම හා විශ්වාසවන්ත හිතේෂීවන්තයන්ට රාජ්‍ය නිළධාරියකු වූ පී.බී.ජයසුන්දර තග දැමීමේකතන්දරය එක්කෝ ජනතාව මුලා කරන නාඩගමකි.නැතිනම් බැසිල් හාමු ගේ බල අධිකාරියෙන් දෙරණ දිලිත්ට සිදු කරන ලද තර්ජනාත්මක ඇඟවුමකි. නැතිනම් සිද්ධ වී ඇති මහා වංචාව යටපත් කිරීමට රාජපක්ෂ තක්කඩියන් විසින් සිදු කරන මෙහෙයුමකි. ඉන්දියාවෙන් පොහොර ගෙන්වීමේ ඊනියා සමාගමේ හිමිකරුවන් ලෙස බැංකු ගිනුම් විවෘත කළ දෙදෙනාගේ පැටිකිරියද කලු පැල්ලම් සහිතය.මෙම ගිනුමේ පී.වී.ජී.එම් වීරසිංහ නමින් හැඳින්වෙන තැනැත්තිය සමාජ මාධ්‍ය තුළ පෙනී සිටින්නේ ගයානි වීරසිංහ නමිනි.ඇයගේ සමාජ මාධ්‍ය ගිනුම නීරීක්ෂණය කරන විට අපට පැහැදිලි වූයේ මැය සමාගම් හිමි කාරියක ලෙස හඳුනා ගැනීමට වඩා ගණිකා නිවාස හිමිකාරිණියක ලෙස හඳුනා ගැනීම උචිත බවය.
කෙසේවෙතත් යහපාලනය සමයේ මේ සමාගම් ඩබල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එංගලන්ත සංචාරයට එක්වී සිටි බව අපට මතකය එහිදී මේ සමාගම් ඩබල එක්වී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ උපන්දින පාටියට සහභාගි වීම හා ඒ සබැඳි විවිධ ගොසිප් ඒ දිනවල සමාජ මාධ්‍ය පුරාම පැතිරිණි. මොහාන් පෙරේරා හා ගයනී වීරසිංහ සමාගම් හිමිකරුවන්ට වඩා දීර්ඝ කාලයක සිට මෙරට දේශපාලඥයන්ට යටිබිම් ගත අමුතු මාදිලියේ සේවාවක් සපයන බව අපට විශ්වාසය.දීර්ඝ කාලයක සිට මේ දෙදෙනා ගේ නමින් ලියා පදිංචි කර ඇති වෙළඳ සමාගම් කවරේද යන්න ගැන විමසන විට එහි සැබෑ ස්වරූපය හඳුනාගන්නට පුළුවන.
මේ සියළු සමාගම් පිහිටුවා ඇත්තේ මේ දෙදෙනා හා සමීපව ඇසුරු කරන දේශපාලඥයන් අමාත්‍ය පදවිය දරණ විෂය ක්ෂේත්‍රය හා සම්බන්ධව සිදු කළ විදේශගත වෙළඳ ගනුදෙනු වලට අදාලව බව අපට සොයා ගන්නට හැකි විය.යහපාලනය සමයේදී මේ ඩබල ඉතා සමීපව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක හා ඉන්ධන ඇමති චන්දිම වීරක්කොඩි ආශ්‍රය කර ඇති බව පෙනී යයි.ඒ අවදියේදී මොවුන් දෙදෙනා පිහිටුවා ඇති සමාගම් මේ අමාත්‍ය මිත්‍රයන්ගේ විෂය ක්ෂේත්‍රයට සම්බන්ධය.මොවුන් විසින් ලියාපදිංචි කරන සමාගම් හැඳින්වීමේ නම ඇතුළත් කිරීමේදී පවා මෙිවා රාජ්‍ය හා අනුබද්ධිත ආයතන ලෙසට ඇඟවෙන ආකාරයට සකස් කර ඇති බව අපට පෙනී ගිය කරුණකි.ඒ ශ්‍රී ලංකා ට්‍රස්ට්, ශ්‍රී ලංකා ෆන්ඩ් වශයෙනි. මොවුන් දෙදෙනා හා එක්ව බොහෝ දේශපාලඥයන් හා එක්ව තක්කඩි ගණුදෙනු කර ඇති බව මේ ලියා පදිංචි සමාගම් වලින් අපට තහවුරු කර ගත හැකිය.අද නෝන්ඩි වී ඇත්තේද එවැනි ජාවාරමකි.
මෙහිදී ගයනී වීරසිංහ යනු දේශපාලඥයන් ගේ සුරතලියක මිස ඉන් එහා යන මහා ව්‍යාපාරික කාන්තාවක නොවේ.මොහාන් පෙරේරාද මෙරට ව්‍යාපාරික ජාලයට අයත් වූවෙක් නොවේ. මේ වන විට අනාවරණය වී ඇති පොහොර ජාවාරම සම්බන්ධයෙන් පී.බී.ජයසුන්දර ආවේශ වී සිටියද මෙය ඇමරිකානු පුරවැසි බැසිල් හාමු ගේ ගේ තවත් එක් ගේමක් බව අප අවසන් වශයෙන් සඳහන් කරමු.
විශේෂ ස්තුතිය එෂියන් මිරර් වෙතට……
https://www.youtube.com/watch?v=grbM0UIVj6g
![]()