උණුසුම් පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු DIG  ලාට බලපාන්නේ නැද්ද ….?  නැත්තන් නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිකම (S/DIG ) දුන්නේ කෙසේද …..? ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරායැයි තවත් පෙත්සමක්.

Spread the love

ශ්‍රි ලංකාවේ උත්තරීතර යැයි කියන මහා බලසම්පන්න අධිකරණය වු ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පති හෝ නියෝජ්‍ය පොලිස්පතිලා පයිසෙකටවත් ගනන් නොගන්න බවට අප සතුව ලිඛිත සාක්ෂි ඇත.

ඊට ආසන්නතම කරුණු සොයා බැලීමේදි පොලිස් නිලධාරියෙකු තම නිලයේ උසස් වීමකට අනිකුත් කරුණු සම්පුර්ණ කොට තිබියදි තමාට ශ්‍රි ලංකාවේ අධිකරණයක විශේෂයෙන්ම මානව හිමිකම් කඩකිරීම් පිලිබදව ශ්‍රේෂ්ඨාධිකරණයක නඩුවක් පවතීනම් හෝ තමා ඒවනි නඩුවකදි වග උත්තරකරු වී පැමිණිලිකරුට පුද්ගලිකව (තම නමින් පුද්ගලික මුදලින් ) කිසියම් හෝ ගෙවිමක් සිදුකර ඇත්නම් එවනි නිලධාරින්ට තම සේවා උසස්වීම ලබා ගැනීමට නොහැකිවනු ඇත.

එසේ තිබුණත් අදවන විට ශ්‍රි ලංකා පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරි සිට නියෝජ්‍යපොලිස්පති වු හා නියෝජ්‍ය පොලිස්පති සිට ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති වු කමල් සිල්වාට කිසිදු බාධාවක් වී නැත. මෙහි ඇති ඉතාම බරපතලම සිද්ධියනම් කමල් සිල්වා යනු සමස්ථ පොලිස් දෙපාර්ත්මේන්තුවම දන්න ශ්‍රි ලංකා පොලිසිය තුල මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිතියානුකූල නිලඇදුමින් සිදුකල ප්‍රභල කුප්‍රකට පොලිස් නිලධාරියෙකි.

තමා අධ්‍යක්ෂක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරව සිටියදි තෙමහල් හෝටලයක් වත්තල පමුණුව ප්‍රදේශයේ ඉදිකල අතරම ඔහු ගේ  ඒම හෝටලය ඉදි කිරීමට දායක වු මත් ද්‍රව්‍යකරුවන් සමඟ ප්‍රතිපාදනයන් සැපයු ඔහු භාරව සිටි තම පහල නිලධාරින් ගෙන් සමහරක් අද සිටින්නේ වැලිකඩ සිර ගෙදරය. ඒ කමල් සිල්වා ගේ අවංක හා ඒ කමල් සිල්වා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගේ පැටිකිරිය වැලිකඩින් කියාපාන නිසාය. එමෙන්ම එතුමා රටේ මත් ද්‍රව්‍ය නැති කිරීමට කල මහගු සේවාව මේවන විට වැලිකඩ කල්දේරම් බත්කන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරින් ගෙන් හෙලිව ඇත.  මෙවන් නිලධාරියෙකු වු ඔහු රුපියල් 25000 ක් මානව හිමිකම් කඩ වු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබියදි ඔහුවජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කලේ රාජ්‍ය සේවා කොමිසම බුදියා ගෙන දැයි අපි අසන්නෙමු.

මෙවනි විනය විරෝධි දුෂිතයන් රටේ සුවිශේෂිත ස්ථානවලට පත්කරමින් රටේ විනය තැකීමට ගෝඨාභය ජනාධිපති අපේක්ෂා කරන්නේදැයි අපි අසන්නෙමු. 2021/01/18 වනදින ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අනුව කමල් සිල්වා විසින් මානව හිමිකම් කඩකර ඇති බවත් එවක පොලිස්පති පුජිත් ජයසුන්දරද පැමිණිලිකරුට රුපියල් 25000ක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කර ඇති අතරම එම නිලධාරින් සිදුකර ඇත්තේ බරපතල මානව හිමිකම් කිරීමක් බවට ප්‍රකාශ කොට ඇත. 

කමල් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් නිතිඥයෙකු වන නිසාම මෙය තවත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට හා නිතියට ගැසු පා පහරකි. මේ පිලිබදව වහාම ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාතමක විය යුතුය, මෙවනි නිතිඥයන් රටේ ජනතාවට දෙන පුර්වාදර්ෂය මෙය නම් ඉදිරියේදි අධිකරණය පයිසෙකටවත් ජනතාව මායිම් නොකරනු ඇත.

එසේ නම් මේ බව පොලිස්පති වික්‍රමරත්න හෝ ඔහුගේ අඟ සවු කළුපුතා හෝ සුදු පුතා නොදන්නේද ? කමල් සිල්වා ගේ  ලිපිගොනුව නිතිපති දෙපාර්තමේන්තුව්සඟවා ඇති බවත් ඊට කළුපුතා සම්බන්ද  බවත් අපට වාර්තා වී ඇත.

කෙසේ වුවත් ඉතාම ළඟදීම මේ කතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ දි දිග හැරෙනු ඇත. කමල් සිල්වාට නියෝජ්‍ය පොලිස්පති සිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වීම ලබාගැනිමට පොලිස්පති හා රාජ්‍ය සේවා කොමිසම නිර්දේශ කරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ දි වන්දි ගෙව් අනිකුත් නිලධාරින්ද දැන් ඒ අයිතිය ඉල්ලා ළඟදීම අධිකරණයට නඩුවක් ගොනුකරන බවට අපවෙත දැන ගැනීමට ඇත.

කමල් සිල්වා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට විරුද්ධව පොලිස් විශේෂ විමර්ෂණ අංශයේ ද විනය පිලිබද විමර්ෂණ ගොනුවක් ඇති බවත් ,අප වෙත දැන ගැනීමට ඇත. පොලිස්පති වික්‍රමරත්න නිදියහනෙන් බැස මේවා සත්‍ය දැයි පරික්ෂා නොකරන්නේ ඇයිදැයි අපි විමසන්නෙමු.

 


Spread the love

Leave a Comment

You may also like