1948 පෙබරවාරි 04 වනදින ශ්‍රි ලංකාව විදේශ ආක්‍රමිකයන්ගෙන් මුදවා ගත්තේ එදා ජිවත්ව සිටි සියලුම ශ්‍රි ලාංකිකයන් එකා මෙන් යුදවැදී ජිවිත දසදහස් ගනනක් බිලිදී මෙන් පසුව බව දැන් සිටින සම -හරකු නට අමතකය.
ලෝකයේ ඒවනවිට යටත් විජිතයන්ගෙන් නිදහස ලැබු අනිකුත් රටවල මෙන්ම අපේ අසල් වැසි ඉන්දියාව පවා මේ වන විට පසුවන්නේ අති මහත් දියුණුවකය. එත් ශ්‍රි ලංකාව වසර 70 ක් ගියත් තාමත් මන්දගාමිව බඩගාන රටක් බව ඉතාම සංවේගයෙන් මගේ උපන් රට ගැන සටහන් කිරීමට සිදුවිය.
එදා නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ඇතිවු දේශපාලන පරිපාලනය මේ වනවිට ජනතාවගේ හිරිමාන්සයම උලාකන දේශපාලකයන් කොටසක් බවට පත්වීම ලංකාවේ මෙපමණක්ම පරිහානියට හේතු වීඇත.
70 වසරක් ගියත් තාමත් විදේශිකයන් දෙන ණයක් එහෙමත් නැත්තන් ආධාරයක් එනකන් කට ඇරන් බලන් ඉන්න ජාතියක් බිහිව තිබීම ඉතාම අවාසනාවකි.
70 වසරක් නිදහස උත්සව පවත්වමින් කොච්චරනම් නායකයො රට ගැන පම්පෝරි ගැසුවත් උන් කරේම රට උගසට තබා උන්ගේ පවුලේ දියුණුවට පාර කපාගැනීමය. ලංකාවේ තරන් ජාති මාමකයො,දේශප්‍රේමියෝ ඉන්න රටක් ලෝකයේ තවත් නම සොයාගැනීම ඉතාම දුෂ්කරය. එත් දේශප්‍රේමියෝ තරන් ජනතාවගේ දේ රටේ සම්පත් හුරා කාපු ජතියක් ද ලොකයේ කොහෙවත් නැත.
මේ මොහොත වනවිට ලංකාව නැමති මාගේ සුන්දර රට විනාශයේ අභිමුකයටම ගොස් හමාරය. ඊට වගකිව යුත්තෝ ලංකාවාසි ජනතාවමය. මේ හුරා කන්නන් පතකොට තමාගේ නියෝජිතයා කොට යවන ජනතාව ඉට වගකිව යුතුය.
නිදහස ලැබු ශ්‍රි ලාංකිකයන්ට වසර 70 පසුවවත් මොලේ පෑදි තමාට පෙර රට යන්න හදවතට දැනේවායි අපි ප්‍රාර්ථනා කරමු.