වෙනත් Posted on ඔක්තෝබර් 12, 2021ඔක්තෝබර් 12, 2021 රටේ දේශපාලනය උඩු යටිකුරුවෙයි – බැසිල් දේශපාලනය අත්හරි, ෆොන්සේකාත් කලකිරීමෙන් ද ? 604 Spread the loveඑදා 69 ලක්ෂයක් රවටා පාස්කු ප්‍රහාරයක් එල්ලකොට සමස්ථ රටම අරාජික කොට, තම පුද්ගලික නඩු හබ වෙනුවෙන් බලහත් කාරයෙන් බලය ලබාගත් රාජපක්ෂ ජුන්ටාව මේ වනවිට හත්පොලේ ගාගෙන හතරගාතේ වැටි ඇත. ඊට සහයා වු 69 ලක්ෂයක් වු ජනතාවද සමස්ථයක් ලෙසට රටත්, ජාතියත් අද වන විට බරපතල අනතුරුදායක තත්වයකට ලක්ව ඇති බව ජනාධිපති ගෝඨාභයම පිලිගෙන අවසානය.(රාජපක්ෂලාට දැන් දිට්ඨ දම්ම වේදනීය කර්මය ඵල දෙමින් විදවමින් ඇත.) අප ඇමතු රජයේ ප්‍රභලම කැබිනට් අමාත්‍යවරයෙක් කියා සිටියේ “තමා බැසිල් රාජපක්ෂ ගේ නිවසේ පැවති සාකඡ්චාවට සහභාගි වු බවත් බැසිල් මෙරට දේශපාලනයෙන් ඉවත්වෙනබවත් ජනාධිපති මුලින්ම ගත් වැරදි තීන්දු තීරණ නිසා නැවත මෙරට රාජපක්ෂලාට භූමියේ දේශපාලනය කල නොහැකි බව ඉතාම කලකිරීමෙන් පවසා ඇත. “ ඒ නිසාම 2024 දි බැසිල් ජනාධිපතිවරණයට නො එන බවත් මහින්ද රාජපක්ෂ මේවසරේ දෙසැම්බර් අවසානයේදි අගමැති තනතුරෙන් විශ්‍රාම ගැනීමටත් නියමිත බවට සාකඡ්චාවී ඇත. දැනට රටතුල උද්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදයට කිසිදු ආකාරයකින් විසදුම් සෙවිය නොහැකි අතරම් දීර්ඝ කාලීන සැලැස්මක් නොමතිවීම විශාල අඩුපාඩුවක් බවත් , ඊට මහින්ද රාජපක්ෂ පවා වගකිවයුතු බවත් කියා ඇත. ඉන්දන හා ඊට සමඟාමි සියලුම භාණ්ඩ හා සේවා වල මිල ඉහල යාමත් උද්දමනය ඉහලයාම ඉතාම සිග්‍රයෙන් සිදුවන බවත් ,ගෙවිය යුතු ණය හා පොලිය ගෙවීමට නොහැකිව ” රේටින්” වලින් පහලට ඇදවැටීම තවත් මසක් තුල සිදුවනබවත් කියා ඇත. කෙසේ නමුත් රටේ ජනතාවට රාජපක්ෂලා දුෂිතයන් හා මංකොල්ලකරුවන්බවත් ඔවුන්ව පිරිවරා ගෙන සිටින සියල්ලම තවත් කොල්ලකල්ලියක කොටස් කරුවන් මිස, වෙනත් කිසිවෙක් නොවන බව දැන් ඉතාම පැහැදිලිය. මෙවන් තත්වයක් තුල 2024 තුලදි රටේ පාලන බලය ලබාගැනීම පිලිබදව දැනට සෑම පක්ෂයක්ම දැඩි උනන්දුවක් ගත්තත් ජනතාව පාරම්පරික දේශපාලනයෙන් ඉවත් වීමට සුදානම් වෙන බවට අපට තොරතුරු ලැබෙමින් ඇත. ඒ අතරම සමඟි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රධාන කණ්ඩායමක් ඩැහැගැනීමට සුදානම් බවත් , මේ වනවිට ෆීල්මාෂල් ෆොන්සේකා මහතාද කිසියම් හේතුවක් මුලකරගෙන දේශපාලන කලකිරීමකට පත්ව ඇතැයිද , අපවෙතට තොරතුරු ලැබී ඇත. කවරෙකු රජවීමටත් රටක් තිබිය යුතු බවත්, රාජපක්ෂලා ගෙන් බලය ලබා ගැනීම ඉතාම ලෙහෙසි පහසු බල හුවමාරුවක් නොවන බව නම් අප ඉතාම වගකීමෙන් සටහන් තබන්නේ අප සතුව ඇති කරුණු පදනම්වය. එසේම බල හුවමාරුවේදි අවම 100ක් ඉක්මවා ජීවිත බිලිගැනීමට දැනටමත් රාජපක්ෂලා සියල්ලම සංවිධාන ගතව ඇත. පොලිසිය , නිතිපතිය හා අධිකරණය යන මේ නිතිය හා සාමය පවත්වා ගෙන යන ආයතන ත්‍රිත්වයම දැන් රාජපක්ෂ කරණය වී හමාරය. දුෂිතයන් ගේ කෙලිබිමක් කොට ඇත්තේත්, පට්ට දුෂිත පොලිස් නිලධාරින්ට පිට පිට උසස් වීම ලබා දී ඔවුන්ව සතුටු කරන්නේත්, ඒ අනාගත අපේක්ෂා නිසා බව අපි වගකීමෙන් සටහන් තබන්නෙමු. ඒ නිසාම මෙවනි අරබුදයක් ජය ගැනීමට නම් සමස්ථ විපක්ෂයම එකට එක්ව තම පක්ෂයට පෙර රට යන තේමාව මුල්කර ගෙන එකට සටන් කොට රාජපක්ෂලා බලයෙන් පහකලයුතුය, එසේ නොවුන හොත් සියළු පක්ෂ සමඟම දේශපාලකයන් කුණු බක්කියට දැමීමට රටේ ජනතාව දෙවරක් නොසිතන බව නම් සහතිකය. ඩීල්කාර දුෂිතයන්ට තවත් නම් ඉඩක් ජනතාව නොදෙනු ඇත. ඊට නායකත්වය ගැනීමට හැක්කේම සිංහල ,දෙමල ,මුස්ලිම් සියල්ලම විශ්වාස කරන දැක්මක් ඇති පක්ෂ විපක්ෂ සියල්ලම එකට තබාගත හැකි අයෙකුට පමණි. ඒයයි ජනතාව ගේ මතය. Spread the love
වෙනත් ජනතා අරගලයට ජාතකය දෙන්න යන හිපාටුවෝ 690 Spread the loveඅද වන විට දෙස් විදෙස් සියළු ශ්‍රි ලාංකිකයන් ගේ එකම පැතුම ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පරම්පරාවම දේශපාලන පොර පිටියෙන් එලවා දැමීමය. ඊට ජනතාව... Read More
වෙනත් ජුනි 30, 2020 “වර්ජනය හොදින් හෝ නරකින් මැඩපවත්වන්න ග්රැන්ටි දොඹකර ආපසු යවන්න වරාය”…… සභාපතිට -ජනාධිපති ගෙන් නියෝග
උණුසුම් පුවත් වෙනත් මැයි 20, 2022 අදුරේ අතගාන මැති ඇමත්තන්ට විශේෂ හෙලිදරව්වක්……කමල් ගේ හා ජගත් ගේ අග්නි පුජාව පත්තු කරේ සල්ලි වලට ගත්ත ඔත්තුකාරයෝ