පොලීසිය ගැන ඔක්ස්ෆඩ් ශබ්දකෝෂයේ
නිර්වචනය කර ඇත්තේ ප්‍රජා පාලනය
සංවර බව රැකීම සිවිල් පරිපාලනය
නීතිය ක්‍රියාත්මක කිරීම මහජන සාමය
රැකීම යනාදී වශයෙනි.පොලිස් සේවාව තුළ උසස් ගුණාංඟයන් ගෙන් පැවතිය යුතු බවට ජනතාව විශ්වාස කරයි.
ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන පොලිස් ආඥා පනතේ පනස්හය වන වගන්තිය අනුව පොලිස් නිළධාරීන්ගේ
යුතුකම් හා රාජකාරී විග්‍රහ කර ඇත්තේ මෙසේය.
1.සෑම පොලිස් නිළධරියෙකුම සැමවිටම
රාජකාරියේ යෙදී සිටින බවද ඔහු සතු
බලතල ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීමට අවසර ඇති බැව්ද දත යුතුය
2.සියලුම සාපරාධී ක්‍රියා නොපනත්කම් සමාජ සංහිඳියාව කඩවීමට තුඩු දිය හැකි ක්‍රියාවන් නිරාවරණය සදහා හැකි සෑම ප්‍රයත්නයක්ම දැරීම
3.සාමය සංරක්ෂණය ප්‍රසිද්ධියේ කොලාහල කරන්නන් සහ සැක කටයුතු තැනැත්තන් අත් අඩංගුවට ගැනීම අපරාදකරුවන් පිළිබඳව විමසිලිමත්ව සිට නීතිය උල්ලංඝනය කළවිට ඔවුන් අධිකරණය වෙත පැමිණවීම
4.මහජන සාමය පිළිබඳ තොරතුරු සොයා නිසි බලධාරීන්ට දැනුම් දීම හා
නීති ප්‍රකාරව බලය ඇත්තාවූ නිළධාරියකු විසින් නිකුත් කරන ලද නිත්‍යානුකූල නියෝග සහ වරෙන්තු ක්‍රියාත්මක කිරීම ආදී වශයෙනි
පොලීසිය විසින් ඉටු කළ යුතු ඉහත සේවාවන් කිසියම් අවස්ථාවක අඩාල වුව හොත් රට පුරා අරාජික වටපිටාවක් නිර්මාණය වනු ඇත්තේය.
මෙලේච්ඡත්වය හා සභ්‍යත්වය අතර පවතින්නේ පටු හිඩැසකි.පොලීසයේ සේවාව අහිමි වුන හොත් සභ්‍යත්වය කෙලසමින් මෙලේච්ඡත්වය සමාජය පුරා පැතිර යනු ඇත.
මෙරට පොලිස් සේවාවේ ආරම්භය 1866 සැප්තැම්බර් මස 3වනදාය.එහිදී ප්‍රථම පොලිස් පති වරයා ලෙස පත්වූයේ ජී.ඩබි.ආර්.කැම්බල්ය.එතැන්සිට මේ දක්වා පොලිස් සේවාවෙන් මෙරටට සිදුවූ කාර්ය භාරය අති විශිෂ්ටය.
මෙරට පොලීසිය දුර්වල එකක් හෝ මහජන ශුභ සිද්ධිය පිණිස නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අසමත් ආයතනයක්ද නොවේ
එහෙත් මේ වන විට මෙරට පොලිස් සේවාව නොසන්ඩාල ආකාරයෙන් දේශපාලනීකරණය වී තිබේ.මෙලෙස
දේශපාලනීකරණය වීම නිසා පොලිස්
සේවාව තුල අර්බුද ගනනාවක් මතු වී ඇත්තේය.ඉන් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ උසස්වීම් පිළිබඳව මතුවී ඇති ප්‍රශ්ණයයි.මේ වන විට පොලීසියේ ඇති උසස්වීම් හා අනෙකුත් සෑම වරප්‍රසාදයක්ම ලබා ගැනීමට නම් නීතියට වඩා වෙනත් භාවාත්මක සබඳතා වලට මුල් තැන දීමට සිඳුවී ඇතැයි පෙනීයයි.එහිදී ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් ගේ සිත් සතුටු වන අයුරින් පක්කිලි සේවාව කළ යුතු අතරම පවතින රජය සමග පවත්වාගෙන යන දේශපාලන සබඳතාද වැදගත් වේ
මෙරට පොලිස් සේවාවේ කොඳු නාරටිය කඩා දමා අංශභාග රෝගියකු බවට පත් කරන ලද්දේ තක්කඩි රාජපක්ෂ වරුය.
පොලීසියේ රන් දෙවොල ලෙස සැළකෙන කළුතර පොලිස් අභ්‍යාස විද්‍යලයේ හතර කොනවත් නොදන්නා යාන්තමට වම දකුණ තියා පෙළපාලියේ ගමන් කිරීමට තරමේ බ්‍රොයිලර් පුහුණුවක් ලද පොලිස් උප සේවා නිළධාරීන් ස්ථිර පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කරන ලද්දේ මහින්ද රාජපක්ෂය.වගකීම් විරහිතව සිය පෞද්ගලික දේශපාලනික පැවැත්ම
ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කළ මේ තුප්පහි අත පෙවීම පොලීසිය හතර ගාතයෙන් බිම ඇද වැටෙන්නට තරමේ කණගාටුදායක සිදුවීමක් විය.ඒ වන විට ස්ථිර පොලිස් සේවාව හා උප සේවය අතර පැවතියේ සිංහයකු හා මී හරකකු අතර පවතින වෙනසකි.
උප සේවාව තුළ සිටියේ තනිකර දේශපාලනික සබඳතා මත සේවාවට එක්වූ වන්ය.එහි පොලිස් සේවාවට නිර්දේශිත නිසි අධ්‍යාපන සුදුසුකම් සපුරා ලූ අය නොවූහ.රුපියල් දහදාහක මුදලකට උප සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස බැඳෙන්නට හැකි බව මෙම සේවාව ආරම්භයේදී වාර්තා විය.එලෙස පොලිස් උප පොලිස් පරීක්ෂකවරයකු වූ බස් කොන්දොස්තර වරයකු අද ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරි කරන බව මෙම ලියුම්කරු දනී.
මෙම උප සේවයට පසු කාලීනව එක්වූ සියළු සුදුසුකම් සපුරා ඇති අයවළුන්ද නැත්තේ නොවන බවද ඔවුන් වෙත දක්වන ගෞරවයක් ලෙස මෙහි සඳහන් කරමු.කෙසේ වෙතත් පදනම් විරහිතව උප සේවාව ස්ථිර පොලිස් සේවාවට එක් කිරීමෙන් ඇති වූ අර්බුදකාරී වටපිටාව තුළ ඡ්‍යෙෂ්ඨතාව අහිමි වූ ස්ථිර පොලිස් සේවාවේ නිළධාරීන් බොහොමයක් අදටත් යන එන මං නැතුව කම්පා වෙමින් සිටී
මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ පොලිස් ඇමතිවරයා ලෙස පත්වී ඇත්තේ නියම බහු බූතයෙකි.මෙරට පොලිස් සේවාවෙි පැවති කීර්ති නාමය
පිටකොටුවෙි ගණිකාවකගේ තත්වයට ඇද දමන්නට පොලිස් ඇමතිගේ හුරතල් විකාර වැඩ හේතු වී තිබෙන බව සඳහන් කළ යුතුමය.පොලීසිය අද පොලිස් ඇමතියාගෙන් මිදී ඇතැයි අපට සැකයක් පවතී.පොලිස්පති වැනියන් කළු වැනීයන් චරිතයකි.පොලීසියේ සීඅයිඩී අධ්‍යක්ෂ වරයා මිල්ටෙරි නන්දසේනගේ පස්ස ලෙව කන්නෙකි.වැඩ බැරි ටාසන් කෙනෙකු වන මොහුට ඊ ළඟ ආණ්ඩුවකදී වැලිකඩ ජම්පරය අඳින්නට වෙන එක නම් සිකුරුය.අද දින සීඅයිඩීයට ප්‍රකාශයක් දිිමට ගිය පාම පාඨලී චම්පක රණවක මෙම සීඅයිඩී අධ්‍යක්ෂවරයා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදු කර ඇති බරපතල නීති විරෝධී ක්‍රියාවක් අනාවරණය කරන ලදී.ඒ මොහු විසින් රජයට මතවාදීව එරෙහිව කටයුතු කරන සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ දුරකතන ඇමතුමි වාර්තා අධිකරණ නියෝගයකින් තොරව ලබා ගෙන ඇති බවයි.මෙරට විදුලි සමාගම් ද මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවට බියව තැති ගැන්මෙන් සිටින බවද මින් සිතා ගත හැක්කේය.සීඅයිඩී අධ්‍යක්ෂවරයා විසින් මෙරට ජනතාව ව්‍යවස්ථානුකූලව භුක්ති විඳිම්න් සිටින අයිතිය සාපාරාධී ලෙස උදුරා ගැනීම හිට්ලර් පන්නයේ ක්‍රියාවකි.මේ පිළිබඳව විපක්ෂයේ මැදිහත් වීම කවර ආකාරයේදැයි අපි අවධාරණයෙන් බලා සිටිමු
ඒ අතරම පොලීසියේ ඡ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක වරුන් ගනනාවක් උසස්වීම් නොමැතිව දැඩි කළකිරීමෙන් සිටී.රට රකින විරුවා ලෙස සමාජගතව සිටි මිල්ටෙරිි නන්දසේන ජනපති පුටුවට ගෙන ඒමට දත මිටි කෑ පොලිස් ලොක්කෝ අද සිටින්නේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙසය.පොලිස් සේවාව තුල සිදුවෙමින් පවතින විනාශය ගැන යුක්ති ගරුක නිළධාරීන් බොහොමයක් කම්පා වෙමින් සිටී
ඊයේ පෙරේදා දවසක පොලිස් ඇමති බහුබූතයා පොලිස් රෝහළෙහි පොලිස් ගත වෛද්‍යවරයකු ලෙස සේවය කරන තම පුත්‍රයාගේ සේවය අවුරුදු හතරක් දක්වා අඛන්ඩව දීර්ඝ කරන ලදී.මෙම පොලිස්ගත සේවාවන් හී සේවා පදනම වන්නේ වර්ෂයක් පාසා සේවා දීර්ඝ ලබා දීමයි.එහෙත් එම නෛතික පදනම පොලිස් ඇමති බහුබූතයාගේ පුතාට අදාල වී නැත.පොලිස් ඇමති බහුබූතයා වැඩකරන්නේ මට හිතුන හිතුන දේ කරන්නට පුළුවන්ය යන අන්ද කයිප්පු මානසිකත්වයකිනි. ගුරා හිට ගෙන හුජ්ජ කරන විට ගෝලයා දුව දුව හුජ්ජ කරනවාය කියා අපේ ජන වහරේ කියමනක් තිබේ.ඒ කියමන තහවුරු කරමින් පොලිස්පතිවරයාද හීතල ගේම් ගසමින් සිටී. ඒ නිසාම පොලිස්පතිගේ අනියම් පොලිස් නෝනා මහත්මිය වූ ජ්‍යෙපො අධිකාරිනී ඉනෝකා අද පොලීසියේ උසස්වීම් දෙන්නට තරමේ චන්ඩි පොලිස් රැජිනක් වී සිටින්නීය.
ඡ්‍යෙෂ්ඨතාවය අනුව උසස්වීම් හිමි විය යුතු ඡ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක වරු පහලොස් දෙනෙකු නොතකා කාන්තා පොලිස් ඡ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක වරු පහලොස් දෙනකු ඊ ළඟ තනතුරට උසස් කරවීමට මේ චණ්ඩි රැජිණ මැදිහත් වී ඇත්තේය.දැන් පොලීසියේ උසස්වීම් දෙන්නේ ඔන්න ඔය විදියටය
ඒ මිල්ටෙරි නන්දසේනගේ සව්භාග්‍යයේ
දැක්මේ නිරුවතයි.
මෙරට පොලීසිය ගැන ආදේශ කර ගත
හැකි අපූරු පැහැදිලි කර ගැනීමක්
නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් රචිත “කාර්යක්ෂමතාව ප්‍රඥාගෝචර භාවය හාා ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය” නමින් රචනා කරන ලද ග්‍රන්ථයේ දැක්වේ.එය මෙසේය
“……….දැඩි ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ඇරඹෙන සෑම විශාල පරිමාන සංවිධානයක්ම ඉතාමත් සුළු කාලයකදී
කිහිප දෙනෙකුගේ අධිපති බව නැමති
මූල ධර්මයට යටත් වේ.මේ තත්වය තුළ
එම සජවිධානයන් අතලොස්සකගේ
දැඩි පාලනයට හසු වේ.එබැවින් පහල ස්ථරයේ සාමාජිකයන්ගේ හඬ යටපත් වී යයි.අධිපතිත්වය හිමි කරගෙන සිටින සිමිත පිරිසට පහල තලයන්හි සාමාජිකයන් අකමැති වුවද ඔවුහු
දිගින් දිගටම බලයේ රැඳී සිටී.නායකයන්
වෙනස් කිරීමට ගන්නා පහල තලයේ සාමාජිකයන්ට සංවිධානය හැර යන්නට සිදු වනවා මිස නායකයන් මෙය හැර යාම සිදු නොවේ.මහා පරිමාන සෑම සංවිධානයකම සුළුතරයේ අයෝමය බලයට යටත්ව බහුතරයකට සිටීමට සිදුවී ඇත.මෙයට හේතුව වන්නේ විශාල පිරිසක් එක්ව කටයුතු කරන බැවින් කාර්යක්ෂම තීරණ ගැනීමට නොහැකි වීමයි.එබැවින් අතලොස්සක්
නිළධාරීන්ගේ තීරණ වලට ඉඩ දීමට සිදුවේ
පාලනයෙන් තොරව තමන්ගේ ක්‍රියාවන් කිරීමට පටන් ගන්නා නිලධාරීන් නැවත එම පාලනය යටතට ගැනීම එතරම්
ලෙහෙසි කාර්යයක් නොවේ.ලේ රහ විඳින්නට ඉඩකඩ අහුරා ඇති දැඩි කළ බල්ලකු යම් විධියකින් ලේ රහ රස වින්දොත් එම සතාගේ හැසිරීම නැවත මුලින් පැවති තත්වයට ගෙන ආ නොහැකිය……
අද පොලීසියට මුහුණ පා ඇති මේ මහා ඛෙිදවාචකය කවදා කවර ආකාරයෙන් පිපිරී යනවාදැයි අපි නොදනිමු .එහෙත් පොලීසියේ මෙම පරිහානිය බලපාන්නේ සමස්ත සමාජයටම බව අපි ලියා තබමු.