උණුසුම් පුවත්

එකම වේදිකාවකට ගොඩවී එකම හැඩයේ “ප්‍රචාරක යාන්ත්‍රණයක්” ඇරඹිය යුතුයි.

Spread the love

  • රුවන්වැලි සෑය අසල ප්‍රතිඥා දෙමින් මෙරට රාජ්‍ය පාලනය බාරගත් මිල්ටෙරි නන්දසේන ⁣නා⁣⁣හෙන් අඬා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගෙන හිට්ලර් භාවිතයකට ඉඩ හදා ගත්තේය මේ වනවිට මිල්ටෙරි නන්දසේන මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රයම කුඩු පට්ටටම්කර අවසානය.එහිදී ව්‍යවස්ථාදායකයේ හා  අධිකරණයේ කොන්ද කඩා පැරලයිස් කරන ලදී.දැන් මෙම  පැරලයිස් ආයතන හැසිරවෙන්නේ මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුලේ  ඕනෑ එපා කම් අනුවය.එම  ආයතන අද කෙතරම් නිවට  බයාදු ආකාරයට හැසිරෙන්නේද කිවහොත් රාජපක්ෂ පවුලේ යාවජීවසිකියුරටි කාරයා වන නෙවිල් වන්නිආරච්චි විසින් දෙන නියෝගවලට පවා “අළුත්කඩේ නඩුකාරයන්ට” ඇඳිවතේ “චූ”යන්නේය.කක්කා බර ඇතිවෙන්නේය  ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවතිය යුතුවිධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය  යන කුළුණු තුන වෙනුවට අද මෙරට විධායකය ලෙස “ඥාණා කාලි අම්මීගේ දේවාලයද ව්‍යවස්ථාදායකය විදියට  රාජපක්ෂ නඩයද  අධිකරණය ලෙස මිල්ටෙරි ආධිපත්‍යය”ද වේ.මේ නාමකරණය විහිළුකාර වුවද අද මෙරට පවතින යතාර්ථය නම් මෙය වන්නේය.

එහෙත් මිලිටෙරි නන්දසේන මෙලෝ රහක් නැති ජනාධිපතිවරයකු බව මෙරට සතා සිවුපාවාද  වටහා ගෙන ඇතත්  රට පාලනය වන්නේ රාජපක්ෂ පවුල හා ජවාරම් කාර මුදලාලිලා රොත්තක් විසිනි.රාජපක්ෂ පවුල වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයේ එක කොටසක් මිල්ටෙරි නන්දසේනට පවරා දී ඇතැයි අප සිතිය යුතුය.විමල් වීරවංශලා ගම්මන්පිලලා වාසුලා ඉඳහිට ආණ්ඩුවට එරෙහිව සූස් නයා පෙන්නුවාට රාජපක්ෂ පවුල තේ මේසයේ ගන්නා තීන්දු තීරණ වෙනස් වෙන්නේ නැත.⁣රට තුළ පවතින අර්බුදය රාජපක්ෂ පවුල කළමණාකරනය කරගන්නේ පවුලේ තේ මේසයේදීය.මේ තේ මේසය අසල හිටගෙන ඉන්නා  සිකුයුරටි නෙවිල් වන්නිආරච්චිට තරමේ බලයක් පාර්ලිමේන්තුවේ කැබිනට් එකටවත් නැත.රාජපක්ෂ පවුලට කැබිනට් එකත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුත්  නිකම්ම නිකම් හාල් කෑලි විතරමය.පවුලේ තේ මේසයේදී ගන්නා තීන්දු තීරණ කොහොමවත් වෙනස් වෙන්නේ නැත්තේ ඒ නිසාය.

බෙලිඅත්ත බෙල්කෝ සිනමාහලේ  මැනේජර් වන්නිආරච්චිගේ පුත්‍රයා සාමාන්‍ය  ⁣හමුදා සෙබළෙක් ලෙස හමුදාවට බැදී ටික කාලයක් සේවය කොට හමුදා සේවයෙන් පැන ආ අයෙකි. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික රියදුරා ලෙස සේවය කළ නෙවිල් පසුව මහින්ද  රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සිටි කාලයේ හමුදාවේ කොමිෂන් නිළධාරියකු ලෙස පත්වේ.මෑත කාලයේදී නෙවිල් මේජර් තනතුරට උසස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ගැසටි පත්‍රයට අත්සන් තබා “අඩෝ එහෙනම් උඹත් දැන් මේජර් කෙනෙක් වුනා” යැයි අත මිටි ගුලි කර හීනියට නෙවිල් ගේ බඩට ඇණ මහ හයියෙන් සිනාසුන බව ඒ අසල සිටියවුන් පවසයි.මේ නෙවිල් අද කෝටිපතියෙකි.ඔහුගේ හිමිකාරිත්වය  යටතේ තෙල් පිරවුම් හල්ද වටිනා ඉඩකඩම් ද බොහොමයකි.ලංකාවේ අධිවෙිගී ව්‍යාපෘති වල පස් වැලි අදින සය රෝද ටිපර් රථ දාහක පමණ හිමි කරු නෙවිල්ය .නමුත් ඇත්ත කතාව එය නොවේ.මේ හැම දේපොලකම පිටුපස ඇත්තේ රාජපක්ෂ බබා හාමුලාය.රාජපක්ෂ බංගලාවෙි දඩ බල්ලා නෙවිල්ය.බලු කූඩුවෙි මුදල් හංඟා ගෙනතිබීම ගැන කිසිවෙකුගේ අවධානයට ලක් වන්නේද නැත.සැබවින්ම මෙරට නිල නොවන පොලිස්පතිවරයාද මේ නෙවිල් වන්නිආරච්චිය.මෑතකදී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ කාන්තාව ගැන පසුගියදා පොලිස් දෙපාර්තමේන්තුව තුල අර්බුද කාරී තත්වයක්  නිර්මාණය වූයේ ඇය එම තනතුර සඳහා සුදුසුකම් සපුරා නොසිටි හෙයිනි.එහෙත් ඇය ගැන කිසිවෙකුත් නොදන්නා කාරණයක් තිබේ.⁣ඒ මේ නියෝජ්‍ය පොලිස්පතිනිය නෙවිල් වන්නිආරච්චිට නිදි යහනේ සැප දෙන්නියක වීම නිසා ⁣ඇයගේ උරහිස  මත වී කරල් සුකුරුත්තම පිපුණු වගය.රාජපක්ෂලා උසී කියන විට ඕනෑම දඩයමකට සූදානම් නෙවිල් වන්නිආරච්චි රාජපක්ෂ පවුල විසින් සිදු කළ සෑම යටිබිම්ගත ජාවාරමක් පිළිබඳව හා සාහසික අපරාදයක්  ගැනම ඒටු ඉසෙඩ් දන්නා එකාය.

රාජපක්ෂ පවුල රට පාලනය කරන තියරිය හිට්ලර්ගේ කෙරුවාවට සමානයහිට්ලර් සිය ස්වයං චරිතාපදානයේ මෙවැනි අදහසක් ලියා තිබේ.

“……..දේශපාලකයෙකුට ප්‍රබල නායකයකු වන්නට අවශ්‍ය නම් තමන්ගේ දේශයේ කිසි දිනක සාමය ඇති නොකළ යුතුය.ඔහු හැම විටම වාගේ වියවුල් ඇති කළ යුතුය.එසේමමිනිසුන් භීතියේ තබා ගත යුතුය.අනාරක්ෂිත බවේ,තැවුලේ සංකාවෙි තබා ගත යුතුයි.ජනතාවට තමන්ව ඕනෑ වන එහෙව් තත්වයක ඔවුන් තබා ගත යුතුයි.ඔබේ අසල්වාසීන් අතර සැබෑ හෝ ව්‍යාජ සතුරන් නිර්මාණය කරන්න.ඒත් සතුරන් හැමවිටම පැත්තකින් තබා ගන්න.ඔබේ නායකත්වය නැතිවී යතැයිඔබට දැනෙනා මොහොතේ යුද්ධයක් නිර්මාණය කරන්න.මොකද යුද්ධයෙන් විතරයි ……….”

රාජපක්ෂ පවුලේ තියරියද හිට්ලර් කෙරුවාවට සමාන බව අප ලිව්වේ ඒ නිසාය.අද මෙරට සිද්ධවෙමින් පවතින දේ ගැන බැලුවාම එය තහවුරු කරගන්නටද පුළුවන. දැන් මෙරට ජනතාව අතර රාජපක්ෂ පවුල පිළුණු වී යද්දී ඔවුන් විසින් ඇඟ ලොම් දැහැ ගැන්වෙන අඩව් කස්තරමි කරණම් පෙන්වන බව නම් සහතිකය.අප ඒ නිසා ප්‍රවේශම් වන ලෙස ජනතාවට අනතුරු අඟවමු.

පාස්කු බෝම්බ ප්‍රහාර කුමන්ත්‍රණයේ සැලසුම රාජපක්ෂ වරුන්ගේ බව දැන් ජාත්‍යන්තරයට අනාවරණය වෙමින් තිබේ.එහි තොණ්ඩුව වැටී ඇත්තේ මිල්ටෙරි නන්දසේනගේ ⁣බෙල්ල මුලටය.රාජපක්ෂ බංගලාවේ මස් කටු ලොවින චීවරධාරීන් මේ වන විට වේදිකාව උඩ ආටානාටිය කියමින් විලාප දෙන්නේසිංහල බෞද්ධ කමේ කිරි පල්ල කිති කවා ජාතිවාදය අවුස්සා මිල්ටෙරි නන්දසේන ගේ බෙල්ලට වැටී ඇති තොණ්ඩුව ගලවා ඔහු මුදවා ගන්ටය. මේ චීවරධාරී ගනින්නාසේලා සමාජය තුළ  කුජීත වී හමාරය.බෞද්ධ චීවරය උකසට තබා සාහසික ජාවාරම්කාර පවුලක් ආරක්ෂා කිරීමට දඟලන මේ   නොසන්ඩාල යන් නිසා නිර්මල බෞද්ධ දර්ශනයද ඇස් රතු කරවන විහිළුවක් බවට පත් වෙමින් තිබේ

ඉදිරි කාලයේදී පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සොනික් සොනික්ලා කවුදැයි අනාවරණය වනු ඇත.යාන්තම⁣ට ඒ ගැන ඉඟියක් දෙනවා නම් ඉංග්‍රීසි එස් අක්ෂරය සොනික්ටත් සලේටත් ගැලපේය.⁣මේ සොනික් පාස්කු ප්‍රහාරය මෙහෙයවූවද එහි මුදුනා ඔහු නොවන බවද අපි දනිමු.කෙසේවෙතත් පාස්කු බෝම්බ ප්‍රහාර සිදුවීම පිළිබඳව රාජපක්ෂලාට වෙනදා මෙන් හුරතල් වීමට නොහැකි ඉඩක් ඉදිරියේදී නිර්මාණය වෙමින් පවතින බව නම් අප කිව යුතුමය

එහෙත් දැනට මේ රටේ පවතින සමාජ වටපිටාව අනුව නීතිය යනු අහවලාය යන්න මහජනතාවගේ මානසිකය තුළ පැළපදියම් වී තිබේ.ඒ ඒ පුද්ගලයාගේ අවශ්‍යතාව මත නීතිය ක්‍රියාත්මක වීම එයට හේතුවයි.මිල්ටෙරිි නන්දසේනගේ ආණ්ඩුව පලිගැනීමේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන හොඳම නිදර්ශනය වන්නේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය.සීඅයිඩී යේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානි අබේසේකරගේ රාජකාරිය  ගැන රාජපක්ෂ පවුල තැති ගෙන සිටියහ.බොරු  නඩුවක් පටලවා ඔහු බන්ධනාගාර ගත කරන ලද්දේ ඒ නිසාය.වැඩ තහනමකට ලක් වී සිටින ශානිට අදටත් අඩ වැටුප්වත් ලැබෙන්නේ නැත.  ශානි කවර ආකාරයේපොලිස් නිළධාරියෙක්ද යන්න ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලනකොමිෂමට දී ඇති සාක්ෂියේ කොටසකින් අවධාරණය කර ගත හැකිය.මේ ඒ සාක්ෂියේ කොටසයි

“…ඔබගේ පදිංචිය කොහේද?නාරාහේන්පිට ඇල්විටිගල තට්ටු නිවාස සිවාමීනි

එය ඔබගේ නිවසක්ද?

මම අවුරුදු විස්සක් පදිංචි වෙලා හිටිය කුලී කාරයෙක් විදියට.ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කුලී ගෙවූ පසු මට ඒ ගෙය ගන්න පුළුවන් වුනා ස්වාමීනිඒ ගෙදර වර්ග ප්‍රමාණය කොපමණද?වර්ග අඩි පන්සීයය ස්වාමීනි

ශානි කවර ආකාරයේ නිළධාරියෙක්ද යන්න පිළිබඳව ඔය සාක්ෂි කොටස හොඳටම ඇතිය.මේ රටේ පොලීසියක ඕඅයිසී කෙනෙකු රාජකාරි කරන කාලයේදී ඉඳිකරගන්නා මන්දිරයක හා බලන විට ශානි ගේ නිවසට වඩා ඕඅයිසී ගේ මන්දිරයේ තියෙන බලු කූඩුව විශාලය.මහජනතාව වෙනුවෙන් සාධාරණව රාජකාරිය  ඉටු කළ ශානි හා ඔහුගේ දරු පවුල  අද විඳින විඳවිල්ල අහන දකින කිසිම රජයේ නිළධාරියකු පොතේ විදියට රාජකාරි නොකරන බව නම් සහතිකය.ඒ සිදුවීම ඒ තරමටම කණගාටුදායක ශෝකාන්තයකි.

මේ තොරතුරු මෙරට විරුද්ද පක්ෂය විසින් ජනතාව අතරට ගෙන යා යුතු මිල්ටෙරි නන්දසේනගේ අවලම් වැඩය.එහෙත් අද අප දකින විරුද්ධ පක්ෂය තුල සිදු කෙරෙන්නේ  එක එකා තනි තනිව බුදු වෙන්ට හදන ආකාරයේ ගේම්ය.හුදකලා විරෝධතාය.විපක්ෂයේ බොහෝ ඇත්තන්ට ඇත්තේ  වොයිස් කට් පොරවල් ⁣වීමෙි මාන්දමය.ඒ රටේ ජනතාවගේ කාලකාන්නි කමය.මිල්ටෙරි නන්දසේනගේ ආන්ඩුව අද හෙට ⁣ගැලවී වැටෙනු ඇතැයි විපක්ෂය සිතන්නේනම් එය හරියට එළුවගේ ඇට දෙක බිමට වැටෙන තුරු  නරියා ගේ කතන්දරය සිහිපත් කරන්නකි.දැන් මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ අපේක්ෂාව විරුද්ධ පක්ෂයේ  හඬ නගන ක්‍රියාධරයන් ආණ්ඩු මට්ටු කිරීමය.ඒ සඳහා සුදු වෑන් එව්වේ නැතත් දැනට ක්‍රියාත්මක වෙන වහල් අධිකරණය මගින් ඒ ක්‍රියාධරයන් එක එකා බැගින් වැලිකඩට දැක්කීමට මිල්ටෙරි නන්දසේන මැදිහත් වනු ඇත්තේය.අප ඒ සම්බන්ධයෙන් මීට ඉහතදීද විපක්ෂයට අනතුරු ඇඟවූයෙමු. පසුගිය දවසක සීඅයිඩීයට පාම පාඨලී චම්පක  රණවකද පාම මනූෂ නානායක්කාරද  කැඳවන්නේද මිල්ටෙරි නන්දසේන ගේ ඒ  දඬුවම් ව්‍යාපෘතියේ  ඇරඹුමක් ලෙසය.අද පාඨලී හා මනූෂ වන අතර හෙට පාම හෙක්ටර් අප්පුහාමි විය හැකිය.අසෝක අබේසිංහ වෙන්නත් පුළුවන.එහෙමත් නැතනම් රාජිත සේනාරත්න වීමටත් ඉඩ කඩ පවතී.නමුත් මිල්ටෙරි නන්දසේන ⁣ඔහුගේ අත පුච්චාගන්නේ ජවිපෙ නායක අනුර කුමාරට මාංචු දමන්නට ගිය දවසට බව අපි දනිමු.එය එසේ වුව හොත් වීදි සටන් පෙලක ඇරඹුම එයම විය හැකිය.එහෙත් විරුද්ධ පක්ෂය මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ පවුලේ ආණ්ඩුවට එරෙහිව ගෙන යන මතවාදී අරගලය තවමත් සමාජය තුළ සාර්ථක දේශපාලන ඇවිලීමකට තරමේ නැති බව කිව යුතුමය.විපක්ෂයේ පක්ෂ  නායකයන් සිවිල් සංවිධාන ක්‍රියාධරයන් මිල්ටෙරි නන්දසේනට එරෙහිව ඇඟ හිරි වැටෙන වොයිස් කට් දෙන බව   නම් ඇත්තය.එහෙත් ඒ වොයිස් කට් දවසේ ප්‍රවෘත්ති වලට පමනක් සීමා වී ඇත්තේය.එසේත් නැතිනම් යූ ටියුබයේ ඒවා අසා මිල්ටෙරි නන්දසේන  හා   රාජපක්ෂ පවුලට හෙන හත වදින්ට ඕනෑය කියා හුදකලා සිතීමකට පමනක් සීමා වී ති⁣බෙි.

මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිවන සියළු මතධාරීන් පාට පක්ෂ කුලය හා උස් මිටි කම්  නොතකා මේ හෝරාවේ එකම වේදිකාවකට එක්වී වොයිස් කට් දෙන ප්‍රචාරක යාන්ත්‍රණයක් වහා ඇරඹිය යුතුය යන්න අපගේ යෝජනාවයි.එක් එක් අය තැන් තැන් වල   හුදකලාව වොයිස් කට් දෙනවාට වඩා යෝද ශක්තිමත් ස්වරූපයක් ඉන් ගොඩ නැගෙනු ඇත.බලය ලබා ගැනීමට වඩා මේ හෝරාව වැදගත් වන්නේ  රාජපක්ෂ තක්කඩියන් ගේ සැබෑ ස්වරූපය සමාජයට හෙළිදරව් කිරීමයි.මිලිටෙරි නන්දසේනට එරෙහිව ජාත්‍යන්තරය තුල පසුගියදා පැවැති විරෝධතාවන් ගැන මෙරට විපක්ෂය එතරම් උනන්දුවක්  ගත් බවක් හෝ ඒවාට මතවාදීව සහයෝගය දෙන බවක් වත් අප දුටුවේ නැත.ඒ විපක්ෂයේ මන්ද පෝෂණ මානසිකත්වයේ හැටිය.ජවිපේ ක්‍රියාකාරීන් සිතන්නේ හෙට මැතිවරණයක් තිබ්බත් ඔවුන්ට බලය ගත හැකි මේනියාවෙනි.එහෙත් ඒවා සිහිනය.ජවිපෙට හැමදාම වරදින්නේ ඔය අධි තක්සේරුවයි.හැබැයි ජවිපෙ දේශපාලනය තවමත් හරි හැටි වටහානොගත් දේ වන්නේ ජන සමූහයක් යටි බිම් ගත දේශපාලනයේ සිටින බවය.මොනවා වුනත් අපි පක්ෂය කියන දේට එකගය කියන ජවිපේ ක්‍රියාකාරීන්ට පොදු සමාජය එකඟ නැතබොහෝ දෙනා ජවිපේ විවේචනයන්ට එකඟය.ලව්ය.හැබැයි එවැන්නන් පවා මැතිවරණයකදී ජවිපෙට කතිරය ගසන්නේ නැත.ජවිපෙ හරියට හමුදාව ව⁣ගේ හැමදාම තරුණය.අවුරුදු දහ අටේදී ජවිපෙට ඡන්දය දාන ගැටවරයා අවුරුදු හතලිහ වන විට ජවිපෙ හැරයයි.ඒ හැර යාමේ හිස් තැන පුරවන්නට තව ගැටවරයකු ජවිපෙට එක්වේ.හැමදාම සිද්ධ වන්නේ ඔය ටිකය.ජවිපේ තීන්දු තීරණ ගන්නා පොලිටි බියුරෝව තර්කානුකූලව තීන්දු තීරණ ගන්නවා විය හැකිය.එහෙත් මෙරට පවතින  ජනප්‍රිය දේශපාලනය තුල ඒ පොලිටි බියුරෝවේ තීන්දු තීරණ වැදගම්මකට නැත. 

දැන් ජවිපෙ, සමගි ජන බලවේගය, පෙරටුගාමීන් ඇතුළු පක්ෂත් නීතිඥ සේනක පෙරේරා නීතිඥ නාමල් රාජපක්ෂ සමීර පෙරේරා වැනි සිවිල් සංවිධාන ක්‍රියාධරයන් ඇතුළු වෘත්තීය සමිති නායකයන්ද  එකම වේදිකාවකට ගොඩවී එකම හැඩයේ “ප්‍රචාරක යාන්ත්‍රණයක්” ඇරඹිය යුතුය.එම ප්‍රචාරක යාන්ත්‍රික වේදිකාවෙන් වීදියට බහින එකම  හැ⁣ඩයේ විරෝධතා සටන් වලට එළඹිය යුතුය.ඒ අන් කිසිවක් නිසා නොවේ .මිල්ටෙරි නන්දසේනලාගේ බඹරා තවමත් වැල්ලේ කැරකෙන නිසාය.පංගු බේරු නොමැතිව “ඔව් අපි ලෑස්තියි” නම් අරගලය ජයග්‍රහණයෙන් නිම වනු ඇත්තේය.එසේ නැතිනම් රාජපක්ෂ පවුල බලයෙන් එළියට ඇද දැමීම හීනයක් වනු ඇත්තේය.


Spread the love

Leave a Comment

You may also like