මෙරට ප්‍රසිද්ධ කට්ටඬියකු කෝවිඩ් රෝගයෙන් විඳවා පෞද්ගලික රෝ්හළක ප්‍රතිකාර ගනිමින් සිටියදීී අවසන් ගමන් ගිය බව ජනමාධ්‍ය වාර්තා කෙරිණි.මේ කට්ටඬියා එසේ මෙසේ සිල්ලර පොරක් නොවේ.රජගෙදර රාජකීය වෛද්‍යවරයා ලෙස ප්‍රසිද්ධ වූ අයෙකි.ඉමේෂ් රංඟන නමින් සිල්ලර ගායකයකු ලෙස හා නුගේගොඩ වාහන සේල් පොළක සේවකයකු ලෙස කටයුතු කළ මොහු පසුකාලයකදී රාජකීය වෛද්‍යවරයා ලෙස නාමකරණය වන්නේ ඒලියන්ත වයිට් විදියටය.මේ රාජකීය වෛද්‍යවරයාගේ රෝගීන් සුවපත් කිරීමේ මහසෝන් දක්ෂතාව අවස්ථා ගනනාවකදී මහින්ද රාජපක්ෂගේ සුවිශේෂ ඇගයීමටද ලක්වූයේය.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඇතිවන ආබාධ සුව කිරීමට ඒලියන්ත වයිට් මැදිහත් වූ බවටද සමහර අවස්ථා වලදී මෙරට ජනමාධ්‍ය මගින් තළු මරමින් වාර්තා කොට තිබුණි.මෙරට ජනමාධ්‍ය මොහුගේ හාස්කම් පිළිබඳව කඩි මුඩියේ වාර්තා කරන සිද්ධීන් ගැන පසු විපරම් කොට වාර්තා නොකරන හෙයින් එම ක්‍රීඩකයන්ට රාජකීය වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව වූ බවක් හෝ සුව නොවූ බවක් අපි නොදනිමු.මෙරට ප්‍රාදූර්භූත වන ඕනෑම තක්කඩියකු කපටියකු නීලකාස හොරකුට විශ්ම කර්ම සළු පිළි අන්දා සමාජයට මුදා හරින්නේ අප රටේ වගකීමක් නැති බඩජාරී ජනමාධ්‍ය බවද අප මෙහිදී අප සඳහන් කළ යුතුමය.දේශපාලනිකව රටේ මහතැන වූ මහින්ද රාජපක්ෂ විසින් ආශ්චර්යමත් ඉසිවරයකු ලෙස රෙකමාදාරු කළ ඒලියන්ත වයිට් මෙරට බටහිර හෝ දේශීය වෛද්‍යවරයකු ලෙස වෛද්‍ය විෂය හැදෑරූ වෘත්තිකයකු ලෙස මෙරට නෛතික ආයතන වල ලියාපදිංචි වූවකු නොවේ.ඔහුගේ වෛද්‍ය ලියාපදිංචිය පැවතියේ රාජපක්ෂ වලව්වේය.රාජපක්ෂ හාමුලාට පවතින බය පස්සපාත කම නිසා මෙරට කිසිවෙකුත් ඔහුගේ වෛද්‍ය හැදෑරීම් පිළිබඳව ප්‍රශ්ණ නොකිරීමට වග බලා ගෙන තිබුණි.එහෙත් එකම එක අවස්ථාවක ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ කර්තෘත්වයෙන් ප්‍රකාශිත රාවය පුවත්පත ඒලියන්ත වයිට්ගේ ජාතකය හා පැටිකිරිය ප්‍රශ්ණ කරමින් විශේෂාංඟයක් පල කළ බව අපට මතකය.මොහු නිකම්ම නිකම් පුස්සෙක් බව රාවය අනාවරණය කෙරුවද රාජපක්ෂ හාමුලාගේ අධිපති වාදී දේශපාලනික බලය හා ඔවුන් විසින්ම සමාජය තුල මුදා හරින ගොබෙල්ස් ප්‍රචාරන යාන්ත්‍රණය තුල තවදුරටත් ඒලියන්ත වයිට් මෙරට ගෝත්‍රිකයන් අතර මහා වීරයෙක් විය.ඒලියන්ත වයිට් ගේ කෙරුවාව ගැන අප දන්නා තොරතුරු ලිවීම පසුවට තබා මෙරට ගෝත්‍රිකයන් ගේ ආචීර්න කල්පික විශ්වාස ගැන ලිවීමට අපට සිදු වී තිබේ.රාජපක්ෂ හාමුලා තරම් ඔළුව මංඥං වන තරමට කට්ටඬි ගුරුකම් පිළිබඳව විශ්වාස කරන වෙනත් දේශපාලන ගොයියන් ගැන අපට අසන්නට ලැබී නැත.මහින්ද රාජපක්ෂ ලොකු හාමු තුළ කට්ටඬි ගුරුකම් පිළිබඳව පවතින දැඩි විශ්වාසය නිසාම ඒ හා සබැඳිව අතේ වශී බෝල වලල්ලක් පළඳින බව දකින්නට ඇත.රාජපක්ෂ හාමුලාට පවතින වහල් පක්ෂපාතී බවසහතික කිරීම සඳහා පොදු ජන පෙරමුණේ බොහෝ තරුණ මන්ත්‍රීවරුන් ගනනාවක්ම මෙම වශී බෝල වලල්ල පළඳින බව දකින්නට තිබේ.එහි හොඳම විහිළුව වන්නේ විද්‍යාත්මක පදනමකින් දේශපාලනික මෙහෙවරක් ඉටු කිරීම පිණිස දොස්තර එස්.ඒ වික්‍රමසිංහ විසින් මෙරට පිහිටුවන ලද කොමියුනිස්ට් පක්ෂයේ වත්මන් උප සභාපතිවරයාද රාජපක්ෂ හාමුලා කෙරෙහි පවතින සිය පක්ෂපාතී වහල් භාවය තහවුරු කිරීමට මෙම වශී බෝල වලල්ල පැළඳීමය.මහින්ද රාජපක්ෂ හාමුගේ වහල් මන්ත්‍රී වරු වශී බෝල වලල්ල පළඳින අතර මිල්ටෙරි නන්දසේනගේ වහල්ලු අත ඔතාගෙන තිබෙන්නේ කට්ටඬි කාලි ඥානා අම්මී විසින් මැතිරූ රතු නූලය.මහින්ද හාමු ගේ පාර්ලි මේන්තු වහල්ලු හා මිල්ටෙරි නන්දසේනගේ දේශපාලනික වහල්ලු බලා හඳුනා ගැනීමට යම් අයෙකුට අවශ්‍ය නම් හාමුලා වෙනුවෙන් මේ ගෝත්‍රික වහළුන් විසින්ම ස්වයං ශරීර හංවඩුව ලෙස භාවිතා කරන අත පළඳනාව ලෙස වශී බෝල වලල්ලද එසේත් නැතහොත් ඇත්තේ රතු නූලද යන්න ගැන විමසා බලා එම අනන්‍යතාව ගැන නිශ්චිත තහවුරුවක් කර ගත හැකිය.මේ අතර රාජපක්ෂ හාමුලා සමග ඩීල් කරන විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු අතරද මේ රතු නූල හා වශී බෝල වලල්ල පළඳින බව අපට දකින්නට තාබේ.විජේදාස රාජපක්ෂ වැනි දේශපාලනික යෝදයන්ද කට්ටඩි කාලි ඥානා අම්මීගේ පාද නමදින ගෝත්‍රිකයන් අපට වාර්තා වී තිබේ.එසේම රාජපක්ෂ හාමුලා විසින් මෙරට සංස්කෘතිය තුල පටවන ලද ආචීර්ණ කල්පිත කට්ටඬි යන්ත්‍ර ගුරුකම් ගැන විශ්වාසය මෙරට රාජ්‍ය පරිපාලනයේ ලේකම් වරු අතරද සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන් අතරද පැතිරී ගොස් තිබේ.මේ තත්වය මෙරට සමාජයේ මානසික පසුගාමී තත්ත්වය පිළිබඳව කරන ඉඟියක් වැන්න.කොටින්ම කියතොත් අද රට පාලනය කරන්නේ මානසික ලෙඩුන් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කළ හැකි ලුම්පන් කට්ටඬියන් පිරිසකි.මේ කට්ටඬි ගුරුකම් අද මෙරට විවිධ ආකාරයෙන් විවිධ මුහුණුවරින් පැතිරී ඇති වසංගතයකි. පොදුජන පෙරමුණේද විපක්ෂයේද බොහෝ මන්ත්‍රී වරුන් ගේ අත් වල රෙදි කච්චියක් විවීමට තරමේ සුදු නූල් පොදිය.මේ රට අවුරුදු හැත්තෑවක් තිස්සේ සංවර්ධනය වී ඇත්තේ අමුම අමු ගෝත්‍රික වනචාරී විශ්වාසයන් ගෙන් පමනක් යැයි ඒවා දකින විට අපට වටහා ගත හැකිය.තවදුරටත් වත්මන් දේශපාලනික නියෝජනයන්හි ආත්මාර්ථකාමී ස්වරූපයද ඉන් පිළිඹිඹු කෙරේ.රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ පෙර දවස සිටි පාර්ලිමේන්තු නියෝජනයන් වූ ඇන්.ඇම් පෙරේරා,කොල්වින් ආර් ද සිල්වා,ඊ.ඩබ්.කන්නන්ගර ,සී පීද සිල්වා වැන්නන්ගේ අතේ පයේ ටොන් ගනන් පිරිත් නූල් හෝ කට්ටඩි මැතුරුම් රතු නූල් බැඳ නොතිබුන බවද මෙහිදී සිහිපත් කරන වටී “…ලංකාවේ පවතින බෞද්ධ විශ්වාසයක් වන්නේ බුදු ගුණ ගාතා වල සහ පිරිත් වල අමනුෂ්‍ය භය දුරු කිරීමේද රෝග පීඩා දුරු කිරීමේද ග්‍රහ අපල දුරු කිරීමේද බලයක් ඇති බව හා ඒවායින් අනාගතයේ දී එළඹිය හැකි විවිධ ආකාරයේ කරදර වලින් මිදෙන්නට හැකි බවය.පිරිත් නූලකින් හා පිරිත් පැන් වලින් ඒ ආගමික බලය සැදැහැවතුන්ට ලබා දීම සිදු කෙරෙමින් පවතී
මේ සම්බන්ධයෙන් ලංකා පුවත්පතේ විනිවිද විශේෂාංඟයෙන් යන්ත්‍ර මන්ත්‍රවලින් ලෙඩ සුව කළ හැකිද යන මැයෙන් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ ඒ.ඩී ගුණසේකර විසින් ලියන ලිපියක කොටසක් උපුටනයක් ලෙස දක්වමු
“…….මහාචාර්ය එම්.එස්.එම්.සමරසිංහ විසින් රචිත බුදු දහම හා බුද්ධාගම කෘතියේ දැක්වෙන්නේ ” මුල් පිටක ග්‍රන්ථ වලට සම්පූර්ණයෙන් පටහැණි පිරිත් සංජ්ඡායනය ව්‍යහාරයට පැමිණ ඇත්තේ මෞර්ය අධිරාජ්‍ය යුගයේ ඇතිවූ ගෝත්‍රික හා ප්‍රධාන ආගම් එකට එකතුවීමේ ප්‍රතිඵළයක් ලෙසින් බවය.යන්ත්‍ර මන්ත්‍ර සහ ශාන්තිකර්ම ප්‍රතික්ශේප කළ මිනිසාට දෙපයින් නැගී සිටීමට ශක්තිය ලබා දුන් බුදුන් වහන්සේගේ ඉගැන්වීමි සියල්ල පසෙකට දමා බුදුන් වහන්සේටම යන්ත්‍ර,මන්ත්‍ර,ශාන්ති කර්ම භාර ගැනීමට තරම් අසරණ තත්වයකට ආටානාටිය සූත්‍රය මගින් බුදුන් වහන්සේ පත් කර ඇති බවද ඒ මහතා දක්වා ඇත.
ශබිදයක් ඇතිවන්නේ යම් වස්තුවක් චලනය වූ විටය.චලනය නිසා වාතයද චලනය වීමෙන් වාතය මඟින් එම චලනය සම්ප්‍රේෂණය වේ.ද්‍රව හෝ ඝන මාධ්‍යයකටද ශබ්ද තරංඟ සම්ප්‍රේෂණය කළ හැකිය.මෙම තරංඟ තත්පරයකට සිදුකරන කම්පන වාර ගනන විස්සේ සිට විසිදාහ අතර නම් එම තරංඟ මිනිස් කණෙන් හඳුනා ගත හැකිය.කණට මිහිරි සංඛ්‍යාතයක් ඇති ශබ්ද සංගීතයේ ස්වර ලෙස හැඳින්වේ.නිදසුනක් වශයෙන් ස ස්වරයේ සංඛ්‍යාතය හර්ට්ස් දෙසීය හතලිහකි.රි ස්වරයේ සංඛ්‍යාතය හර්ට්ස් දෙසීය හැත්තෑවකි.මෙම ස්වරහතකට පසු ලැබෙන ස ස්වරයේ සංඛ්‍යාතය හර්ට්ස් හාරසිය අසුවකි.මේ වශයෙන් ස්වර සප්තකද හෙවත් ස්වර හතේ කාණ්ඩ සංගීතයේ අඩංඟු වේ.ස්වර සංයෝජනය හා රිද්මය අනුව සංගීතයෙහි කණට මිහිරි තනු නිර්මාණය කර ඇත.කිසිම ශබ්ද තරංඟයක ගුණා ගුණ නැතශබ්ද තරංඟ නූල් වලට හෝ ජලයට හෝ ගබඩා කළ නොහැකිය.ශබ්දයකින් ඇතිවන තරංඟයකින් වස්තුවක චලනයක් ඇති කළ හැකි නමුත් එය ඉක්මනින් නිශ්චල වේ.මන්ත්‍ර හෝ පිරිත් නූල් වලට හෝ ද්‍රව්‍ය වලට හෝ ජප කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.මන්ත්‍රවල හෝ පිරිත් වල හෝ වෙනත් යාතිකා හා යාඥා වල බලයක් ඇතැයි යන්න මිථ්‍යා විශ්වාස පමණි…” (උපුටනය අවසන්)
අපි නැවතත් රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් ගේ කෙරුවාව ගැන ලියමු.රාජකීය වෛද්‍යවරයා ලෙස මුද්‍රා තබා ගනිමින් මේ තක්කඩියා රාජපක්ෂ හාමුලා ළඟ තබා ගත්තේ රට මෙතෙක් නොදන්නා ගේමකට බව අප දැන් අනාවරණය කරමු
මෙරට ජනාධිපති අරමුදල කෝටි ගණනක මුදල් ප්‍රතිපාදනයන් සහිතව මහජන සුභ සිද්ධිය සඳහා ස්ථාපිත ඒකකයකි.
බරපතල රෝගී තත්වයන්ට ලක්ව ශල්‍යකර්ම වලට බඳුන් වන රෝගීන්ට ජනාධිපති අරමුදලින් විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත මුල්‍යමය ප්‍රදානයන් සිදු කෙරේ.ඒලියන්ත වයිට් ගේ ඉසිවර වෙද්‍ය හාස්කම් මැජික් එක තිබුණේ මෙම ජනාධිපති අරමුදලේ වෛද්‍ය සහනාධාර ප්‍රදානයන් තුලය.ඔහු ඒ මැජික් සෙල්ලම කෙරුවේ රාජපක්ෂ හාමුලාගේ දැන්වත්වය
එය සිද්ධවුයේ මෙලෙසය.ඒලියන්ත වයිට් ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් ගෙන් ඔහු ජනාධිපති අරමුදලේ වෛද්‍ය සහනාධාර අයදුම්පතකට රෝගියාගේ අස්සන් තබා ගනී.ඔහුගේ ප්‍රතිකාරය ඇරඹෙන්නේ එම ඉල්ලුම්පත අස්සන් තැබූ විට පමණය.එවැනි ඉල්ලම්පත් යොදා ගනිමින් මේ තක්කඩියා හා රාජපක්ෂ හාමුලා ජනපති අරමුදලෙන් කෝටි ගනනක මුදල් ගසා කා ඇති බව අපට අනාවරණය වී තිබේ.මේ වැඩේ සිද්ධ වී ඇත්තේ නෛතික ආවරණයක් යටතේ හෙයින් එම යෝද මුල්‍ය වංචාව කිසිදිනක හෙළි නොවන බව විශ්වාසය.මෙලෙස වංචා කළ කෝටි ගනන් මුදල් යොදවා යෝෂිත බබා හාමු හා එක්ව ඒලියන්ත වයිට් බලපිටිය අහුංගල්ල මුහුදු තීරයේ සංචාරක හෝටලයක් ද ඉඳි කර තිබේ.වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින් ඉඳි කර ඇති මෙම සංචාරක හෝටලයේ නාන තටාකය ඇත්තේ මහ මුහුදේය
රාජපක්ෂ හාමුලාගේ සමීපතම විශ්වාසන්ත වහලකුවූ ඒලියන්ත වයිට් මෙරට කෝවිඩ් රෝග ව්‍යාප්තියට උඩ ගෙඩි දුන කාලකණ්නියෙකි.මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිමය විශ්වාසය හා බැඳි සතර මහා දෙවිවරුන් සඳහා මතුරන ලද ජලය සහිත මුට්ටි හතරක් බැස යන ගංඟා සතරකට දැමීමේ මගෝඩි ව්‍යාපෘතියද ඒලියන්ත වයිටි ගේය.මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ පවුල මේ ගුරුකම් වලින් මෙරට කෝවිඩ් රෝගය ව්‍යාප්ත නොවන බවට දැඩි විශ්වාසයකින් සිටියහ.මේ මුට්ටි විසි කිරීමේ නාඩගමට ගම්මන්පිල හා පවිත්‍රාදේවී වැනි ඉංජිනේරු හා නීතිඥ වෘත්තික අමාත්‍ය නියෝජනයන් ද සිටි බව මාධ්‍ය වෙතින් අනාවරණය කෙරිණි.සැබැවින්ම ඔවුන් මේ මැටි මෝල් වැඩේට සහභාගි වූයේ රෙදි ඇඳගෙනදැයි අපි අසමු.ප්‍රසන්න රණතුංග වැනි දඩෝරි මීගොන් වස්සෙක් මේ වැඩේට සම්බන්ධ වීම නම් ප්‍රශ්න කළ නොහැකි යථාර්තයයි.මේ මුට්ටි ගඟට විසි කිරීමේදී ඒලියන්ත වයිට් විසින් බළපිටිය මාදු ගඟට මුට්ටියක් විසි කෙරිණි.මාදු ගඟ යනු ගඟක් ලෙස නාම කරණය වුවද කලපුවකි.මේ කට්ටඬි වෙදා ඒ ගැන නොදැන සිටින්නට ඇත.කෙසේවෙතත් මෙවැනි විකාර පයිත්තියන් වැඩ රාජපක්ෂ හාමුලාට හා උන්ගේ වහලුන්ගේ ජානගත උරුම ක්‍රියාකාරකම්ය.සතුරෙකු වුවද හදිසියේ මියයාම ගැන ආචාර ධාර්මිකව හා මානව හිතවාදීව අපට සතුටු වන්නට නොහැකිය.එහෙත් ඒලියන්ත වයිට් කෝවිඩ් රෝගයෙන් දුක් විඳ මිය යාම ගැන කාටත් සිතන්නට හැක්කේ රට රැවටූ මගෝඩිකාර තක්කඩියෙකුගෙන් මේ මහ පොළොව නිදහස් වූ බව විතරමය.