උණුසුම් පුවත්

මේජර් ජෙනරාල්ලා 04 ක් අලුතින් ටෙලිකොම් එකට ලංකාවේ හතර කොනෙන්ම වැඩ පටන් ගනී.

Spread the love


රාජපක්ෂ හමුදා ජුන්ටාවේ අළුත්ම පියවර ලංකාවේ හතර කොනක සිට ජනතාව ගේ ජීවිතයේ පුද්ගලිකත්වයට මැදිහත් වීමටය. ටෙලිකොම් සභාපති රෝහාන් ප්‍රනාන්දු නැමති පාහර හොරාගේ අනුහසින් ටෙලිකොම් සමාගමට මේ වනවිට රුපියල් ලක්ෂ ගනනක මාසික වැටුපකට බදවා ගෙන සිටින ආරක්ෂක ප්‍රධාන කලමනාකරු යටතේම තවත් මේජර් ජෙනරාල්ලා 04 දෙනෙකු යලි බදවා ගැනීමට දැන් ලහි ලහියේ සුදානම් වෙන බව අපවෙතට වාර්තා වී ඇත.

ඒ බදවා ගන්න 04 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂයක් ඉක්මවා වැටුපක් හා ටෙලිකොම් ආයතන්යෙ සියලු දීමනා හා අසාමාන්‍යවරප්‍රසාද සියල්ලම සිමිවේ. ඔවුන් 04 දෙනා කොළඹ ,මඩකලපුව ,යාපනය ,මාතර යන හතර කොනට දමා ඒ තුලින් ටෙලිකොම් හරහා ඇති සියලු දුරකතන වලට සවන් දීමට මේවනවිට සුදානම් කරමින් ඇත. මෙය කිසි සේත් රටකට කල නොහැකි නිති විරෝධි ක්‍රියාවකි. මෙය ටෙලිකොම් සභාපති විසින් ගෝඨාභය නැමති කාලකන්ණි මිනිමරුවාව සතුටු කිරීමට කරනු ලබන දෙයක් බව ටෙලිකොම් ආයතනයේම විධායක ඉන්ජිනේරුවන් අප හා පැවසීය.

දැනට ටෙලිකොම් ආයතනයෙන් ක්‍රියාතමක මොබිටෙල් වලිනද ඉදිරියේදි ඔබගේ පුද්ගලික තොරතුරු හා දුරකතන සංවාද ඇසීමට සුදානම් බව අපවෙතට වාර්තා වී ඇත. මෙයින් පාරිභෝගික ජනතාව ගේ මුදලින් ජීවතවේන කාලකන්ණි සභාපතිට එසේ කලහැකිදැයි වහාම සොයා බැලීම රටේ ජනතාවගේ වගකීමකි. කිසිදු නිතියානුකූල හේතුවක්නොමතව ඉතාම අත්තනෝමතිකව සභාපති ක්‍රියාකරන බවට එක්තරා අධ්‍යක්ෂකවරයෙක් පවා අපහා පැවසීය.

ටෙලිකොම් හා මොබිටෙල් පාරිභෝගිකයන ගේ දෛනික කටයුතු හා ඔවුන්ගේ පුද්ගලිකතවය මේ හමුදා ජේනරාලා අතට පත්වීමට බොහෝදුරට ඉඩ ඇත. ඒ නිසාම ටෙලිකොම් හා මොබිලෙල පාරිභෝගිකයනගෙමේ පිලිබදව දැඩි අවදානය යොමු කලයුතුය .විශේෂයෙන්ම රජයේම ඇමතිවරුන් ගේ දුරකථන වලට සවන් දීම මේවනවිටත් සිදු වුවත් මින්පසුව ඒය තවත් පුළුල්ව සිදුවෙනු ඇත.

මේ ආකාරයට ආණ්ඩුව තම හෙන්චයියලා මාර්ගයෙන් මෙසේ රටේ නිතිගරුක පුරවැසියන් ගේ මානව හිමිකම කඩකරමින් මේ උත්සහා ගන්නේ තවත් මියෙන්මාරයක් ශ්‍රි ලංකාවේ බිහිකර චීනයේ ආරක්ෂාව මත ගෝඨාභයගෙන් බැසිල් ආගමනය දක්වා රට අරාජික කොට රැගෙන යාමට බව අප ගේ නිරික්ෂනයෙන් පෙනියයි.


Spread the love

Leave a Comment

You may also like