” මේ මිලේඡ්ච ප්‍රහාරයට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දඩුවම් ලබාදෙනවා ” ජනාධිපති අපේක්ෂක ගෝඨාභය- 2019 ජුලි
” වගකිවයුත්තන් නිතිය ඉදිරියට ගෙන ඒනවා “- ජනාධිපති ගෝඨාභය-2021
මෙසේ කීවේ එදා 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරය පිලිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල විමර්ෂණයන් හා ඒ වන විට පැවති විශේෂ පාස්කු විමර්ෂණ කොමිෂන් සභාව පිලිබදව රටේ ජනාධිපතිවරයා විසින් තම නිතියානුකූල අදහස ඉදිරිපත් කලාය.
ඒ එදාය, අද පාස්කු කොමිසම් වර්තා ලැබීමත් සමඟම ආණ්ඩුව දෙලොවක් අතරය. පාස්කු ප්‍රහාරය පිලිබදව දැන් ඕනෑවටත් වඩා පරවේෂ්ණ සාක්ෂි ලබාගෙන ඇත. ඒ අතර විවිධ පුද්ගලයන් පාස්කු කොමිසමට සාක්ෂි ලබාදෙමින් ඇත්ත ප්‍රකාශ කලත්, ඒ සියල්ලම අඩංගු කිසිදු වාර්තාවක් එලිදක්වා නැත. දැන ගැනීමට ඇති පරිදි මේවනවිටත් පාස්කු වාර්තාව අවස්ථා 04 කදි සංශෝධනය කරමින් විවිධ දේවල් එකතු කොට හා තවත් තමන් ලබාදුන් සාක්ෂි ඇතුලත් නොකට ඇති ආකාරයක් දක්නට ඇත.
අවසානයේ ඉදිරිපත් කල කොමිෂන් සභා වාර්තාවට අනුව එවක රාජ්‍ය බුද්ධි අංශ භාර අධ්‍යක්ෂකවරයා වු ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති නිලන්ත ජයවර්ධන පිලිබදව ඇත්තේ අපරාධ නඩුවක් ගොනුකරන ලෙසට නිතිපතිට කරන ලද නිර්දේශයකි. එසේම රොහාන් ගුණරත්නද මෙම ත්‍රි පුද්ගල මහාධිකරණයේ රජයේ සාක්ෂිකරුවෙකු ලෙසට සාක්ෂි දීමට දැන් නිතිපති නිර්දේශ කර ඇති බව අපගේ තොරතුරු කරවන් වාර්තා කරයි.
එසේම වර්තමාන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් සුරේෂ් සලේ ද මේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දි රජයේ සාක්ෂිකරුවෙකු ලෙසට නම් කොට ඇත. දැන් සතියකට දෙතුන් වතාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක්වරයාද නියෝජ්‍ය පොලිස්පතිවරයාද නිතිපතියට කැදවා මේ වනවිටත් උපදෙස් දෙමින් ඇත. මෙයින් සිදුවන්නේ අපරාධකරුවන් රජයේ සාක්ෂිකරුවන් කොට අපරාධ වින්දිතයන් එල්ලුම් ගස් යැවීමේ නිතිපතියේ තුප්පැහි ක්‍රියාවකි. මෙය ලෝකයේ කිසිදු රටක නොවියයුතු දෙයකි. පාස්කු ප්‍රහාරය සැලසුම් කරුවන් හා ඊට ආධාර අනුබල දුන් අය රජයේ සාක්ෂිකරුවන් කොට ගෝඨාභය නැමති මිනිමරුවා රැකීම ඔවුන් ගේ පරම යුතුකම වී ඇත.
පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් අධිකරණයේදි එලිවීම වැලැක්වීමට බැසිල් ගේ අග්‍රපුරෝහිත නිතිපති ලාගේ එකතුවෙන් සෑදු නින්දිත නාටකයකි. නිලන්ත ජයවර්ධන නැමති රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සිටියේ ලෝකයේ වෙනත් රටකනම් අද ඔහු ගේ සියල්ලම එලියට ගෙන, මේ වනවිට කම්බිකුරු ගනිමින් ඇත. ඒත් මේ ප්‍රහාරය සිදු වුයේ ලංකාවේ, එසේ නොවන නිසාම අද නිලන්ත ජයවර්ධන සිටින්නේ මධ්‍යම් පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති ලෙසටයි. එයයි අමුතු ඇටේ ශ්‍රි ලංකාවේ වෙනස,මෙයින් තවත් දින කීපයකින් දිග හැරෙන ත්‍රි පුද්ගල් පාස්කු නටකයත් ඔබට නැරඹීමේ වාසනාව උදාවනු ඇත.