- වලව්වේ හාමුට එදා වේල හොයා ගන්න බැරි තරමට කෝඩෙ වැදුන විට වලව්වේ ඇන්ටික්ස් බඩු ටික විකුණයි.ඒ හැම දේවල්ම විකුණා හමාර වූ විට ඉඩ කඩම් කට්ටි කර විකිණීම අරඹයි.මේ විකුණන හැම දේපොලක්ම පරම්පරාවෙන් ලැබුණ දේවල් කියා ගානක් ඒ මනුස්සයාට නැත.අන්තිමේදී වලව්වේ හාමුට ඉතිරි වන්නේ හාමු පට්ටම විතරමය.අපේ රටටද වෙලා තියෙන්නේ මේ සන්තෑසියමය.
- අවුරුදු හැත්තෑවක් තිස්සේ රට පාලනය කළ හාමුලා ගේ කෙරුවාව නිසා අපි හිඟන ජීවිතයකට ඇද දමා තිබේ.ඒ හිඟන ජීවිතය කැරකෝප්පුවටම ඇද ගෙන යාමට රාජපක්ෂ හාමුලා අද වන විට සූදානමින් සිටී.අවුරුදු තිහක් තිස්සේ පැවතුන යුද්දය ජයගන්නට හැකි වීම රාජපක්ෂ පවුලට ඇදුන ලොතරැයික්ම විය.එතැන්සිට ජනපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ වුන් ජාවාරම්කාර තක්කඩියන් එක්ව මෙරට ආර්ථිකයෙන් කොල්ල කෑ ධන සම්භාරය ගැන ගනන් හදන්නට බැරි තරමේය.රට බේරාගත් අප්පච්චී ලෙස සමාජය විසින් අදහන්නට ගත් මේ මදාවිකාර සල්ලාල හා මංකොල්ලකාර මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල් වල යටිබිම්ගත තක්කඩිකම පිළිබඳව මෙරට බොහෝ ජනතාවට පැහැදිලි දැනුමක් අවබෝධයක් නොමැති විය.මෙම වටපිටාව තුළ තක්කඩි රාජපක්ෂ පවුලට මෙරට පොදු දේපොළ රිසි සේ මංකොල්ලකෑමට වංචා කිරීමට හා අයුතු ලෙස භාවිතා කරන්නට ඉඩ පහසුව සැලසිණි.රටේ නීතිය හා සාධාරණය ලෙස අර්ථ කතනය වූයේ මහින්ද රාජපක්ෂගේ කට වචනයයි.
- අද මෙරට ජනපතිවරයා වන මිල්ටෙරි නන්දසේන ගේ කෙරුවාවද මහින්ද රාජපක්ෂගේ කාඩ පාලනයේ දිගුවක්ම වී තිබේ.මිල්ටෙරි නන්දසේන ප්‍රකාශ කරන්නේ රටේ නීතිය ඔහු බවය.මහින්ද රාජපක්ෂටත් වඩා උද්දච්ච මෝඩයෙකු වන මිල්ටෙරි නන්දසේන ගේ කෙරුවාවෙන් අද රට තුල මතුවී තිබෙන ආර්ථික අර්බුදය ඉතා බරපතලය.මේ ආර්ථික අර්බුදය නිසා අන්ත අසරන මිනිසුන් දුක් විඳිනවා විනා මෙරට සුපිරි ජාවාරම්කාර වෙළඳ පන්තියට ඉන් කිසි හානියක් නොවේ.ඔවුන් මේ වන විට කාඩ රාජපක්ෂ පවුල හා බොර දියේ මාළු බාමින් සිටී. ආර්ථික අර්බුදය වැඩිවන තරමට මේ තක්කඩියන් මෙරට මහ පොළවේ වැලි කැටයෙන් පවා ආදායම් ගැනීමට පෙළඹී තිබේ .කාඩ රාජපක්ෂ වරුන්ගේ සිත් පිත් නැති මෙලේච්ඡ බව තහවුරු කරන තවත් සිදුවීමක් වන්නේ භාණ්ඩ හයසිය ගණනකට අදාල අපනයන රේගු බදු නහුතෙට නැංවීමයි.මේ භාණ්ඩ ලැයිස්තුවේ මෙරට ජනතාවට අතවශ්‍ය භාණ්ඩ ගනනාවක් ඇතුළත්ය.
- කෙසේ වෙතත් මේ සීමා කිරීම් ක්‍රියාත්මක කිරීමෙන් පසුව මෙරට සාමාන්‍ය ජනතාවට දොඩම් ගෙඩියක මිදිගෙඩියක රහ බැලීමට සිදු නොවනු ඇත. ඒ රහ සීමා වන්නේ ජාවාරම් කාර සුපිරි පන්තියට පමණකි.වර්තමානයේදී ලංකාවට විදේශයන්ගෙන් පිරිසිදු ජලය පවා ආනයනය කෙරේ.රාජපක්ෂ පවුල දෛනිකව භාවිතයට ගන්නේ නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වන පිරිසිදු ජලය වේ.ඒවා ගෙන්වන්නේ උන්ගේ අතේ මිටේ මුදලින්ද නොවේ.මහජනතාවගේ බෙල්ල මිරිකා රජයට එකතු කරන බදු ආදායමිනි.සීමා කිරීම් භාණ්ඩ ලැයිස්තුවට පිරිසිදු ජලය ආනයනයට සීමා පමුනුවා නැත්තේ මේ පාහරයන්ගේ වාසියට නිසා විය හැකිය.රාජපක්ෂ කාඩ පවුල වැසිකිලි ගොස් පස්ස පිහදාගන්නේද මහජනයාගේ බදු මුදලිනි.බබා නාමල් බේබිට කක්කා පැම්පස් වලට වැය වන්නේද මහජන බදු මුදල්ය.මේ තක්කඩි කාලකණ්නියන්ට මෙරට ජනතාව විඳින දුක ගැන හැඟීමක් නැත්තේ ඒ නිසාය.
- දැන් පුරවැසිි හයිබ්‍රිඩ් මුදල් ඇමතිවරයා මෙරට පෞරාණික වටිනා කමක් සහිත ගොඩනැගිලි හා ඉඩකඩම් චීනයට විකිණීමට සැලසුම් කරමින් තිබේ.මෙලෙස චීනයට අලෙවි කරන මේ වටිනා දේපොල වලින් රාජපක්ෂ කාලකණ්නියන් සියයට දහයක කොමිස් මුදලක් ලබා ගන්නා බවත් අපට වාර්තා වී තිබේ.කොළඹ ටෙක්නිකල් හන්දිය මෙරට ජනතාවට අමුතුවෙන් හඳුන් වා දිය යුතු ස්ථානයක් නොවේ.අපූරු හා අභිමානවත් ගෘහ නිර්මාණ ශිල්පීය සැළසුමකට ඉඳි කරන ලද ගොඩනැගිල්ලක් පිහිටා ඇත්තේ මේ ටෙක්නිකල් හන්දියේය.ඒ ගොඩනැගිල්ලේ ඇත්තේ මෙරට වෘත්තීය සමාජයට බොහෝ උගතුන් විද්වතුන් ගනනාවක් දායද කර දුන් කාර්මික විද්‍යාලයයි.
- මරදාන කාර්මික විද්‍යාලය ලෙස නාමකරණය වී ඇත්තේද මෙම කාර්මික විද්‍යාලයයි.මෙරට පාලනය කළ බ්‍රිතාන්‍යය ජාතිකයන් විසින් පෙරට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වලට කාර්මික හා ඉංජිනේරු ආදී වෘත්තීය ක්ෂේත්‍ර වලටඅවශ්‍ය කෙරෙන ශිල්පීන් එංගලන්තයෙන් ගෙන්වා ගැනීම විශාල වශයෙන් මුදල් වැය කිරීමට ආණ්ඩුවට සිදු විය.ඒ තත්වය සළකා බැලූ ඉංග්‍රීසි ආණ්ඩුව එම වෘත්තීය ශිල්පීන් මෙරට පුහුණු කිරීම සඳහා 1893නොවැම්බර් මස 10 වනදා මෙම කාර්මික විද්‍යාලය අරඹන ලදී.එතැන් සිට මෙම කාර්මික විද්‍යාලයෙන් වෘත්තීය අධ්‍යාපනය හදාරා මෙරට වෘත්තීය ක්ෂේත්‍රයට විද්වතුන් ගනනාවකි.ඒ අතර මෙරට විදුලිය ලබා දීමට පුරෝගාමී වූ ඩී.ජේ විමලසුරේන්ද්‍ර ද පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය ලෝකයට හදුන්වා දුන් එන්.එස්.කුලසිංහ හා සාහිත්‍ය ලෝකයේ විශිෂ්ටයකු වූ මහගම සේකර වැන්නන් වේ.1957 වසරේදී මෙම මරදාන කාර්මක විද්‍යාලයට අනුබද්ධිතව කණිෂ්ට කාර්මික පාසැල ගාල්ලේදී ඇරඹුන අතර මේ වනවිට එලෙස ඇරඹුන කාර්මික විද්‍යාල තිස් හතක් මෙරට තිබේ.අද වන විට මරදාන කාර්මික විද්‍යාලයේ පැරණි කාර්මික විෂයන් මෙන්ම තොරතුරු තාක්ෂණය ජීව වෛද්‍ය තාක්ෂණය කෘෂි තාක්ෂණය ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය සැලසුම් ශිල්පය ආදී පාඨමාලා ගනනාවක් උගන්වනු ලැබේ. ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ)පද්ධතිය මෙරට ශිල්පීය ක්ෂේත්‍රයට හඳුන්වාදීම සිදු වූයේ මරදාන කාර්මික විද්‍යාලය හා එය කේන්ද්‍රීය කරගනිමින් ස්ථාපිත කරන ලද කාර්මික විද්‍යල වලිනි.මෙරට වෘත්තීමය රැකියා ක්ෂේත්‍රයට ඉතා වටිනා සේවාවක් ඉටු කළ මෙම කාර්මික විද්‍යාල වලට මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවෙන් රතු කොඩි දමා තිබේ. එහිදී බරපතල අවදානමට ලක්වී පවතින්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු මරදාන කාර්මික විද්‍යාලයයි.මිල්ටෙරි නන්දසේන හා ඔහුගේ පවුල මෙරට පුරාවිද්‍ය වටිනාකම් සහිත දේපොල හෝ ඒවායේ පවතින පෞරානික වටිනාකම් තඹ දොයිතුවකට ඇගයීමක් නොකරන තක්කඩි කාලකණ්නියන්ය. උන්ට ඕනෑ ඒ පුරාවිද්‍ය වටිනාකම් ඇති දේපොල විදේශයකට විකුණා කොමිස් මුදලක් ගැනීමය.සෙලන්දිවා පනත වැනි ආයතන ස්ථාපිත කරමින් මේ කාලකණ්නියන් වර්තමානයේ සිදු කරන්නේ මෙරට භූමිය හා දේපොල මංකොල්ල කෑමය.රාජපක්ෂ කාඩයන් සමූහය සිදු කරන මේ මහා දේපොල මංකොල්ලය ගැන මෙරට සමාජයෙන් කිසිම හා හවූක් නැති වීම ඉතා කණගාටු දායකය.
- යහපාලනය අවදියේ රාජ්‍ය පාලනයට සම්බන්ධ කාර්යාල කාර්ය සහායකයකුට අධෝවාත්යක් ගිය විට පවා එළියට බැස වොයිස් කට් දුන් චීවර ධාරී කල්ලිය අද නිර්වින්දනය වෙලාය.එක්කෝ මේ තක්කඩි ගනින්නාසේලා රාජපක්ෂ තක්කඩියන්ගේ මුදලට යට වෙලාය.තවත් චීවරධාරීන් යාන වාහන වලට ආත්මය පාවා දීලාය.නැතිනම් වර්තමානයේ කාලකණ්නි රාජපක්ෂ වරුන් සිදු කරමින් තිබෙන මවුබිම උකස් කිරීමේ ව්‍යාපෘතියන්ට එරෙහිව නැගී සිටිය යුතුය.අප මේ මේ ලිපියේ මරදාන කාර්මික විද්‍යාලය පිළිබඳ තොරතුරු ඇතුළත් කරන ලද්දේ රාජපක්ෂ කාඩයන්ගේ අළුත්ම ගොදුර වී ඇත්තෙ මෙම කාර්මික විද්‍යාලය නිසාය.මේ වටිනා සමිපත චීනයට විකිනීමට සියළු සැලසුම් සකස් කොට අවසන් වී අරති බව අපට දැනගන්ට ලැබී තිබේ.එහි මූලික පියවර ලෙස කාර්මික විද්‍යාලය නාවුක හමුදාවට බාර දෙන ලෙස විද්‍යාලීය පරිපාලනයට ලිඛිතව දන්වා තිබේ.එම ලිපියේ සදහන් කළ ආකාරයට නම් සිද්ධ වෙන්නේ කාර්මික විද්‍යාලය නාවුක හමුදාව මගින් ප්‍රතිසංස්කරණ කරන බවකි.එහෙත් කාඩ රාජපක්ෂලාගේ තක්කඩි ගේම් ගැන දන්නා වුන්ට ඔය ප්‍රතිසංස්කරණ කතා විහිළු කතාය.මෙය චීනයට උකස් කරන බවට අනාවරණය වුවහොත් සමාජයේ යම් ඇවිලීමක් ඇති වෙතැයි රරාජපක්ෂ කාඩයන් දනී.නාවුක හමුදාව යොදවා ගේම ගහන්නේ ඒ නිසාය.තව මාස කිහිපයකින් කිසිවෙකුට හාන්කාවිසියක් නොදැනෙන ලෙසට මරදාන කාර්මික විද්‍යාලයේ අයිතිය චීනයට පවරා ඇති බවට ඔබට ආරංචි වුව හොත් ඒ ගැන ඔබ පුදුම විය යුතු නැත.එහෙත් ඔබ ලැජ්ජා විය යුතුය.ඒ මේ ත්‍රාඩ රාජපක්ෂ තක්කඩියන් නිසා මේ රට හිමිකම ඔබේ දරු මුණුපුරන් ඔබට අහිමි වන බැවිනි.එපමනක්ද නොවේ මෙරට තියෙන අනෙකුත් කාර්මික විද්‍යාල වලටද මේ රාජපක්ෂ කාලකණ්නියන් වින කටිනු ඇත්තේය.දැනටමත් ඒ තක්කඩි සැළසුම මත අනුරාද පුරය හා කුලියාපිටිය කාර්මික වසා දමා ඇති බවට අපට වාර්තා වී ඇත.නැගෙනහිරපලාත කේන්ද්‍රීය කරගනිමින් තිබූ එකම සිංහල කාර්මික විද්‍යාලය වූ හාඩි ආයතනය මේ වනවිටත් ජාවාරමි කාරයෙකුට අලෙවි කර ඇත. මේවාට එරෙහිවන්නට හැකි තරමේ සටන්කාමී විපක්ෂයක් නැති වීම ගැනත් අපි දුක්වෙමු.ඒ නිසා මේ රටට සිද්ධ වෙන මහා විනාශය ගැන අපට අසන්නට ඇත්තේ ඇස් ගෙඩි වලට හෙණ ගහලද තොපගේ කියාය.