කෝවිඩ් පාලනයට ඉතාම සුවිශේෂිත මැදිහත් වීමක් සිදු වු විශේෂ්ඥ මංඩලයකින් යුක්ත කෝවිඩ් තාක්ෂණ කොමිටුව දැන් මනාලයා නැති මඟුල් ගෙදරක සිරි ගෙන ඇති බව අපවෙතට අදහස් දැක් වු ශ්‍රි ලංකාවේ ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙකු පැවසීය.
මේ වනවිට ඉතාම සීග්‍රයෙන් ශ්‍රි ලංකාවටම ආවේනික ඩෙල්ටා + යන කොරෝනා වෛරසයේ ඉතාම ප්‍රභල විනාශකාරි වෛරසයක් ඉපදී ඇති වකවානුවක නිසි වෛද්‍ය මැදිහත්වීමක් නොමතිව අබ්බ ගොබ්බ උද්ධච්ඡ ගෝඨාභය සිදුකරන මනුෂ්‍ය සංහාරයට තවදුරටත් කොන්ද නමාගෙන තමන්ට සිටිය නොහැකි බවත් ගමේ අහිංසක දුප්පත් ජනතාව කිසිදු දැනුමක් නොමතිව මියයදිදි ඊට නිසි කලමනාකරනයකින් මුහුණ දීමට සංවිධාන ව්‍යුහයක් තිබිය යුතු වුවත් ඇත්තේ හමුදා බල ඇණියක් හා එන්නත් ජාවාරම්කාරයන් ගේ මාෆියාවක් පමණි.
ඒත් ප්‍රථම කොරෝනා මැඩලීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේඛම්ට හා එම අමාත්‍යංශයේම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ට කොරෝනා මැඩලීමට නිසි උපදෙස් දි මඟපෙන්වීම සිදුකලෝය. ඒත් ඒ සියල්ලම ශවින්ද්‍ර ගේ හා ගෝඨා ගේ මැදිහත් වීමෙන් මේ තාක්ෂණික කොමිටුව විසුරවා ගජමිතුරන්ට අවශ්‍ය ලෙසට රටේ කොරෝනා ව්‍යාප්තියක් සිදු සිදුකරමින් පවති.
ඊයේ ඉවත් වු මෙරට කිර්තිමත් විශේෂණ වෛද්‍යවරයෙකු වු ආනන්ද අබේවික්‍රමද අද කොරෝනා තාක්ෂණ කොමිටුවෙන් ඉවත් වු විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න හා මීට පෙර ඉවත් වු මහාචාර්ය පත්මේෂරම් ද මහාචාර්ය නෙලිකාන් මලවිගේ යන අයට ඇති කසේරුකාව පිලිබදව ලංකා දවස පුවත්පත ජනතාව වෙනුවෙන් හිස නමා ආචාර කරන්නෙමු.
ඒත් තවමත් රාජපක්ෂලා ගේ අසුජි ගුබ්බෑයමට රිංගා අසුජි වලදන වෛද්‍ය ප්‍රසන්න ගුණරත්න හා උත්පල ඉන්ද්‍රවංශලාට මේ වෛද්‍යවරුන් පිලිබදව ඇස් ඇර බලන ලෙසට අපි කියන්නෙමු. අද කොරෝනා මැඩලීමට තටමන්නේ ශවින්ද්‍ර හා ඔහු ගේ බිස්නස්කාර ඇඹණිය පමණි. දැන්වත් උද්දච්ඡ ගෝඨාභයට ඇස් ඇර බලන ලෙසත් රටේ ජනතාව ගේ ජීවිත විනාශ කිරීම පිලිබදව කවදා හෝ දවසක වන්දි ගෙවීමට සිදුවන බවත් අපි සිහි ගන්නනෙමු.