පසු ගියදා කොරෝනා වැලදි ඉතාම අසාධ්‍ය තත්වයෙන් සිට ඉන් සුවය ලබා නැවතත් තම සුපුරුදු ජීවිතය ඇරඹුවා පමණි. ඒ පිලිබදව ඔහු මීට දින කිපයකට පෙර සමාජ මාධ්‍යටද තම මිනිබිරියන් සමඟ ඉතාම සතුටින් කාලය ගතකරන විඩියෝවක් ඒලි දක්වා තිබුණි. සුනිල් පෙරේරා මහතා තම ගායන හැකියාව තුලින්ද ශ්‍රි ලංකාවේ දේශපාලන දැඩි ලෙසට විවේචනය කරන ලද සත්‍ය හා යුක්තිගරුක තම ජීවිතය ගෙන ගිය අයෙකි.
ඊට දැඩි සේ වෛරයෙන් සිටියේ සුනිල් ගේ වාග් සංගීත ප්‍රවාහයෙන් තම කුණු හෙලිවෙ යැයි සිතු පුද්ගලයන්ය. සමාජ පරිවර්තනයක් පිලිබදව සිහින මැව් සුනිල් සියල්ල ඇතහැර අද යන්න ගියේය. ආදරණීය සුනිල් ඔබට නිවන් සුවය ලැබේවායි ලංකා දවස අපි ප්‍රාර්ථනා කරන්නෙමු.