මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ ඉන්නා විලිලැජ්ජාවක් ගෑවිලාම නැති ඈයො දෙන්නා වන්නේ පනික්කි විමලයා හා පැට්‍රෝල් ගම්මන්පිලය.මේ උන්දැලා මෙරට ප්‍රමෝට් කළ දේශප්‍රේමිත්වය දැන් නැට්ටට බං කොළොත් වෙලාය.මේ පනික්කි විමලයා පෙනී හිටියේ මේ බිමේ පංචායුදය විදියටය. භූත,කුම්භාන්ඩ,පෙරේතයන්ගෙන් ආරස්සාවට පැරැණ්නෝ තම පවුලේ කුඩාවුන්ගේ බෙල්ලේ ඔය පංචායුදය එල්ලන ලදී.කුඩා එකා දැනුම් තේරුම් වයසට යන විට දත් වලින් හපා ඒ පංචායුදය අටපට්ටම් වෙලාය.පංචායුදයා කියා අයිආර්සී කාරයෙක්ද ඉස්සර මෙරට ජීවත්වුනේය.ඔහු අග්ගොන චන්දරේ ගේ මංකොල්ල කණ්ඩායමේ සාමාජිකයෙකි.ඊ ළඟට මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය කුඩා දරුවන්ට එන්නත් කරණය කෙරෙන එන්නති පහ ප්‍රචාරණයට ඔය කියන පංචායුදය යොදා ගත් බවද අපට මතකය.මේ හැම පංචායුදයකටම වඩා මවුබිමේ පංචායුදය වූ පනික්කි විමලයා අමු තක්කඩියෙක් බව දැන් රට දැනගෙන හමාරය.
මේ තක්කඩියන්ගේ සැබෑ ස්වරූපය අඳුන්වා දුන්නේ ඇමරිකානු බැසිල්ය. මොනවා වුනත් අප ඒ ගැන ඇමරිකානු බැසිල්ට ස්තූතිවන්ත විය යුත්තේය.
පනික්කි විමලයාගේ හා පැට්ට්‍රොල් ගම්මන්පිලයාගේ දැන් ඇඳි රෙදි නෑය.දෙන්නාම අමු හෙළුවෙනි.මේ ජෝකර්ලා දෙන්නා සමග කරණම් ගැසූ තව අපතයෙක් සිටී .පී ඒ.කේ.ඒ.වයි.ඒ වාසුදේවය ඒ . දේශපාලනයේ එක්ස්පයර් බඩුවක් වන හා අද හෙටම වලකජ්ජ ගහන්න ඉන්න මේකා ගැන ලියනවාට වඩා නොලියා සිටින එක හොඳය.හැබැයි මේ තක්කඩියන් තුන්දෙනා ගැන මෙහෙමත් ලියන්න පුළුවන්ය.ඒ මේ තක්කඩියන් තුන්දෙනාගේම කටවල් සමාන කළ හැක්කේ අධෝමුඛයට පමණක් බවය.තමන් පහරන ලද ගූ බෙට්ටට පවා කැටයම් දමා අයිසින් කොට මේ ඇඟට සෙමට වාතයට ගුණ දිව්‍ය ඖෂධයක් යැයි කියා රටම මී වස්සන්ට අන්දා විකුණනන්ට තරමේ මේ උන්දැලා කපටියෝ වී සිටියෝය.හැබැයි දැන් මුළු රටම මේ උන්දැලා කෝවිඩ් වලටත් වඩා වසංගත බව තේරුම් ගනිමින් තිබේ. අද අප ලියන්නේ පනික්කි විමලයා ගැනය.වර්තමාන දේශපාලන වේදිකාව මත යන එන මං නැතුව නන්නත්තාර අනාථයකු වී සිටින මේ වාචාලයා අද වන විට කාලකණ්නි රාජපක්ෂ බංඟලාවේ කක්කුස්සි හේදීම හැර වෙන කෙරුවාවක් කරන්නට තමන්ට හැකියාවක් හා අවස්ථාවක් නැති බව තේරුම් ගෙන ඇත්තාසේය. පාඨලී චම්පික හා ජොයින්ට් වෙන්නට මේ පනික්කියා හා පැට්‍රෝල් බඩුව රහස් මන්ත්‍රණයක යෙදී ඇති බවද අපට ආරංචි වී තිබේ.එහෙත් රහස් මන්ත්‍රණය විසඳුමක් නැතුව අවසන් වී තිබේ.ඇතැම් විට තෙමිච්ච පපඩම් වී තිබෙන මේ තක්කඩියන් තම සංවිධානයට ගතහොත් තමන්ටද කෙල වෙන්නට ඉඩ ඇති බවට පාඨලී ගණන් හදා බලන්නට ඇත.පණ්ක්කි විමලයා වෙනදා පාන්දරට ඇඳෙන් නැගිටින්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් අත ළඟ යැයි විලාප තියාගෙනය.
අද මේ රටේ සිද්ධ වෙන ඒවා දකින විටත් ඇහෙන විටත් ඒ අසා දකිමින් පවා පනික්කි විමලයා ගොළු වී තක්බීරි වී සිටින අන්දම දැක්කාම මේකාගේ යට ජංගියත් ගැලවී තියෙන බව බව නම් අපට හිතාගන්නට පුළුවන.ඇමරිකානු බැසිල් මුදල් ඇමති වෙන්නට පෙර දෙබිඩි පුරවැසියන්ට අපේ පාර්ලිමේන්තුවට එන්න බැරියැයි පනික්කි විමලේ උඩුබිරුවේ ඇල්ටේෂන් බල්ලෙක් වාගේය.හැබැයි ඇමරිකානුවා පාර්ලිමේන්තුවට ඇවිත් මුදල් ඇමතිකමද ගත් පසු පනික්කියා නිකම්ම නිකම් පූස් පැටියෙක් වුනාය.මේ ගෝතයාගේ නෝනා හාමු හිතාගෙන හිටයේ මේ බඩ්ඩ කවදාහරි මේ රටේ අගමැති වෙනවා කියලාය.ඒ හීන අගමැතිකම කෝම වෙතත් මේ යන විදියට මෙයාට අනාගතයේදී වැලිකඩ කූරු ගනින්ට සිද්ධ වෙන එකට නම් බොහෝ ඉඩ කඩ තියෙනවාය.එහෙම වුනොත් හෙම ඉතින් වැලිකඩ හිරගෙදර තියෙන නැටුම් කණ්ඩායමට බැඳී බෙර ගහන්නට පනික්කියාට චාන්ස් එකක් තිබේ.
පනික්කි විමලේ ජවිපෙන් එළෙව්වේ පොළොන්නරුවේ ජවිපෙ සාමාජිකාවක හා රහසේ හැමිනෙන්නට ගොස් නෝන්ඩි වීම නිසා හා පක්ෂයේ රහස් සාකච්ඡා ගැන ද කාලකණ්නි මහින්ද දැනුවත් කළ බැවින්ය.ඒ දවස්වල සිටම මේ පනික්කි විමලයා විශ්වාස කරන්න බැරි අපතයෙක් විදියට තක්සේරු කර ගෙන හිටියේ ඇමරිකානු බැසිල් විතරමය.ඒ හැරුණ විට මේ තක්කඩියා කාළකණ්නි රාජපක්ෂ පවුලට තකට තක ගැලපුණේය.ජවිපෙන් එළවා දැමූ පසු මේ ගෝතයා විසින් හොරකම් කරගෙන ආ පක්ෂයේ රහස්‍ය ලියවිලි පොතක් විදියට මුද්‍රණය කොට “නැත්ත වෙනුවට ඇත්ත” නාමකරණයෙන් සමාජගත කළේය.මේ වංචාවට එරෙහිව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අළුත්කඩේට ගිය අතර ඒ නඩුව අවසානයේදී මෙි තක්කඩියාට තමන් සිදු කළ වංචාවට පක්ෂයට උසාවි තීන්දුවට යටත්ව වන්දි ගෙවන්නට සිදු වුනේය.
මේ නැත්ත වෙනුවට ඇත්ත පොතේ පනික්කි විමලයා ලියු ලියවිල්ලක මෙහෙම සඳහනක් තිබේ.
“…ජාතිකවාදී පිංතූරයෙන් දවස.ගෙවන පාලනයකට තීරණාත්මක ලෙස පහරදීමට අපේ උපාය මාර්ගයට සාපේක්ෂව ගත් කළ නිවැරිදි නොවේ.මා පවසන්නේ අහුවෙන අහුවෙන ඕනෑම පොල්ලකින් පහරදෙන හැසිරීම සම්බන්ධව පමණි.එහෙත් එසේයැයි කියා නිකම් සිටීමටද මේ බඩගිණි සිංහයාට නොහැක.ඒ නිසා ඒ සිංහයා අහුවෙන ඕනෑම ගොදුරක් ඩැහැගන්නා තත්වයට පත්වේ.එය කෙතරම් බරපතල වී ඇද්ද යත් අධිරාජ්‍ය වාදයේ අග්‍රගණ්‍ය ඒජන්තයා අල්ලාගත් ගොදුරෙන් ඉවතට විසි කරන මස් කට්ටක් කා දවස ගෙවන තත්වයටම මේ බඩගිණි සිංහයා පත් වී තිබේ…”
පනික්කි විමලේ මෙහි අධිරාජ්‍යවාදී ඒජන්තයා විදියට හදුන්වන්නේ කාලකණ්නි මහින්ද මයිනාය.බඩගිනි සිංහයා ජවිපෙයයි.
කරුමේ මහත ඒකා ලියු ලියවිල්ල අද දවසේ වන ඒකාටම ගලපා ගන්න හැකිය. එහි වෙනස් කරන්නට ඇත්තේ එකම වචනයකි.ඒ බඩගිනි සිංහයා විතරමය.එය දැන් ලියවිය යුත්තේ මේ විදියටය.
ඒ “…. අධිරාජ්‍යවාදයේ අග්‍රගණ්‍ය ඒජන්තයන්( කාලකණ්නි රාජපක්ෂ පවුල) අල්ලාගත් ගොදුරෙන් ඉවතට විසිකරන මස් කට්ටක් සූප්පු කරන කරන බඩගිනිකාර කැනහිලාගේ තත්වයට පනික්කි විමලේ පරාවර්තනය වී ඇත්තේය …” යනුවෙනි.