උණුසුම් පුවත්

අරලිය ඩඩ්ලි ගොරවයි. වීරයා ඇඹරෙයි

Spread the love

මේ ප්‍රවෘත්තිය උණු උණුවේම ලංකා දවසට ලැබුණේ මිල්ටෙරි නන්දසේන අහල පහල සිටි පොහොට්ටුවෙක් ගෙනි.ගැසට්ටු ගසා හාල් මෝල් හිමියන්ට දමන්ට හැදූ චන්ඩි පාට් එකට අරලිය ඩඩ්ලි රිටර්න් එක දී තිබේ.මිල්ටෙරි නන්දසේන  අරලිය ඩඩ්ලි ගේ ඒ ගෝරනාඩුවට ඇඹරී ගොසිනි.අරලිය ඩඩ්ලි කියා ඇත්තේ මෙච්චරය.
.”….ඔබතුමා කියන විදියට දෙන්න හාල් අපි ගාව නෑ නාඩු එකසිය දහයට අඩුවෙන් දීල අතින් කතේ බිස්නස් කරන්න අපට බෑ.අපි මෝල් කාරයො ඔක්කොම දැන් මෝල් වහනවා.පුළුවන් දෙයක් කරන්න එහෙනම්”…. “
මිල්ටෙරි නන්දසේන මුක පූට්ටු වී අරලිය ඩඩ්ලිට අසරණ යාදිනි කිවු බවත් ඒ යාදිනි ඔහු තඹ දොයිතුවකට මායිම් නොකළ බවත් පැවැසේ.
එහෙම නොවෙයි…එහෙම නොවෙයි ඩඩ්ලි  එහෙම නොවෙයි ..මේ වෙලාවෙ උදව්වක් විදියට  … 
.”..ජනාධිපතිතුමා මේ පිස්සු කතා කරන්න එපා දොල⁣ දන් දෙන්න හාල් අපේ ගාව නෑ .අපි බිස්නස් කාරයො.අපි හාල් මෝල් වහනව.පුළුවන්නම් එවන්න සීල් තියන්න.ඉතුරු ටික ඉන් පස්සෙ බලාගන්නම්….
මිල්ටෙරි නන්දසේන  හා අරලිය ඩඩ්ලි අතර ඇතිවූ දෙබස අවසන් වූයේ ඒ විදියටය.අරලිය ඩඩ්ලි ගේ කයිවාරුව චණ්ඩි කමිනි.මං වීරයාට ඇඳගෙන සිටින මිල්ටෙරි නන්දසේන ගේ කෙරුවාව ඔහුට අදාල නැත.ඉතුරු ටික පස්සෙ බලා ගන්නම් යැයි අරලිය ඩඩ්ලි අනතුරු ඇඟවූයේ ඒ නිසාය.
කෝපයට පත් වී සිටින අරලිය ඩඩ්ලි සන්සුන් කරන්නට මිල්ටෙරි නන්දසේන මිල්ටෙරි නිවුන්හැල්ල ⁣⁣පොළොන්නරුවට පිටත් කෙරුවේය.මිල්ටෙරි නිවුන්හැල්ල තවමත් මගය.අපට ලැබුණු ප්‍රවෘත්තිය උණු උණුවේ බව අප ලිව්වේ ඒ නිසාය.
 මිල්ටෙරි නන්දසේනගේ ගෝලයා පොළොන්නරුවට ගොස්  අරලිය ඩඩ්ලි කුදලාගෙන එනවාදැයි එහෙමත් නැතිනම් ගැසට් එකේ හැටියට දඬුකඳේ ගසනවාදැයි බලා සිටිමු.හෙට උදෑසන වන විට මේ නිවුස් එක මීඩියා වලටත් ලැබෙනු ඇත්තේය.
පව් හලෝ මිල්ටෙරි නන්දසේන……..


Spread the love

Leave a Comment

You may also like