සෞඛ්‍ය සේවාව තුල පවති හැකියාවන් නිවැරදිව භාවිතා කිරීමට ඉඩ ලාබා නොදෙමින්, මතුවන විවිධ ජන කැලඹවීම සදහා විශාල ප්‍රචාරයක් ලබා දෙමින් එන්නත්කරණය සෞඛ්‍ය සේවවෙන් පිටමං කිරීමට සැලසුම් සහගත උත්සාහයක් පවතින බව නිරීක්ෂණය වේ.
මේවන විට රටේ විශාලතම ඉල්ලුම ඇති ෆයිසර් එන්නත, ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට අපොහොසත්වීම කිසිසේත්ම සෞඛ්‍ය කාර්‍යමණඩලයේ වරදක් නොවන අතර, ෆයිසර් එන්නත විදීම සම්පූර්ණයෙන්ම යුධ හමුදාවට පැවරීම වැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තියකි.
ලංකාවේ සෑම ගමකම ඉතා විදිමත් ව්‍යුහයක් යටතේ සෞඛ්‍ය සේවාව විහිදී ඇති අතර ප්‍රධාන රෝහල් පද්ධතියට අමතරව, ප්‍රාථමික සත්කාර ඒකක 1500ක්, දිසා රෝහල් 500ක්, මූලික රෝහල් 70ක් පමණ තිබියදී විවිධ ස්ථාන වල සැනකෙලි ස්වරූපයෙන් එන්නතකරණය සිදු කිරීම හේතුවෙන් සෞඛ්‍ය අයතනවල ව්‍යුහාත්මක පදනම දෙදරාගොස් ඇත.
ඒසේම ඕනෑම තැනක ඕනෑම ප්‍රමාණයකට එන්නත් විදීම සදහා එන්නත් ලබා දී නොතිබෙන තත්වයක් හමුවේ, ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනකදී එන්නත ලබා දිය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරීන් විසින්ම ප්‍රකාශ කිරීම හරහා සෞඛ්‍ය සේවාවේ ව්‍යුහය නොසලකමින් මහජනතාව අනවශ්‍ය ලෙස එකම එන්නත් සදහා ඒකරාශී වන තත්වයක්ද, ඒ හේතුවෙන්ම ඇති වන කලහාකාරීත්වයන්ද පෙනවමින් සෞඛ්‍ය සේවාවේ එන්නත ක්‍රියාවලිය අසාර්ථක බව හැගවීම යථාර්ථය නොවේ.
එසේම සෞඛ්‍ය පරිපාළණයේ සහ සුළු වශයෙන් වන පුද්ගලික වැරදි සදහා දඩුවම් ලබා දෙමින් ඒවා නිවැරදි කිරීම වෙණුවට, සෞඛ්‍ය සේවාවේ කාර්‍යන් ක්‍රමාණුකූලව හමුදාකරණය කිරීම බර පතලය.
එබැවින්, සෞඛ්‍ය සේවාවේ ව්‍යුහාත්මක යාන්ත්‍රණය ශක්තිමත්කොට, සෞඛ්‍ය සේවාවේ කාර්‍යන් ඒ සදහා වැටුප් ලබන නිළධාරීන්ගේ වගකීමක් බවට පත්කොට, පිරිහී ඇති මහජන් අවශ්‍යතාවන් හා සමාජ සුභසාධනය තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාවේ ශක්තිය සහ.දායකත්වය උපරිමයෙන් යොදවා ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු