උණුසුම් පුවත්

රටට විනකරන විධායක ජනාධිපතිදුරය දින සියයෙන් ඉවත් කරනවා යැයි කී මෛත්‍රිම තමාට ජනාධිපතිදුරියේ සිටිය හැක්කේ වසර 05 ද නැතිනම් 06 ද කියා හෙට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි.

Spread the love

ලංකා ඊ නිවුස් නැමති වෙබ් අඩවිය තුලින් ලාංකිය මෙන්ම විදේශිය ප්‍රජාව තුල මෛත්‍රි යනු මහින්දගේ තවත් දඩබල්ලෙක් නොවන බව ඒත්තු ගැන්නවීමට මහත් පරිස්ශමයක් දැරු බව එදා අපි දුටුවේ පුදුම වෙමිනි.
ඒත් දැන් දකින්නේ ,අසන්නේ නොඇසිය යුතු දේවල්ය. මෙවනි කැපකිරීමක් කල වෙබඩවියක් තහනම් කිරීමට පවා මෛත්‍රි දෙවරක් නොසිතන ගුණ මකුවකුබවයි.

 

කුමන පාටකින් කුමන් නමකින් ආවත් ලංකාවේ දේශපාලනය සිදුවන එකම සත්‍ය නම් මොකා ආවත් කියන කිසිවක් නොකරන බවය.

ලංකාවේ තරන් පොරොන්දු දේශපාලනයේ යෙදෙන රටක් අඩුම තරමින ඉතියෝපියාව ,හයිටිය,වැනි ඉතාම නොදියුණු රටවලවත් නැති තරම්ය.

මේවනවිට ජනාධිපති දුරය හොබවන මෛත්‍රිපාල සිරිසේනත් ඒ තනතුරේ රසය ඉතාම හොදට අනුභව කරමින් සිටින නිසාම රාජපක්ෂලාට නොදෙවිනි යුද්ධයක් කොට මොහුවත් යම් දවසක එලවාදැමීමට සිදුවන බවනම් ඒකානතය.

මහින්ද සතුරෙකු බව අදුනා ගෙන සතුරාට එක එල්ලේම ප්‍රහාරයක් එල්ල කල හැකි වුවත් මෛත්‍රි ඉන්නේ මිතුරු ලෙසින් රඟපාන සතුරෙකු ලෙසිනි.

අදින් වසර 03 කට පෙරදී මෛත්‍රි කිදේ නිසාම රටේ ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද සිතුවේ මොහු අසියාවේ බිහිවු තවත් එක් “මහත්මාගාන්ධි ” කෙනෙක් බවය.

ඒත් දැන් වෙනකොට මෛත්‍රි කරන කියන් දෑ සමග ලාංකිය 62 දෙලක්ෂය පමණක් නොව මොහුව පිලිගත්ත ලෝක ප්‍රජාවත් තේරුම් අරන් තිබෙනවා මේ මහින්දගේම අඩෙපාරේ යන්න තටමන තවත් එක්තරා ඒකාධිපතියෙක් බව.

ඇමරිකාවට හිනාවෙලා රුසියාවට අපරාධකරුවන් භාර දෙන ඩබල් ගේම කාරෙක් පමණක් නොවේ තමාව බලයට ගෙනා ජනතාව මාධ්‍ය ආයතන වලට පයින් ගසා නැවතත් බල්ලන් සමග ලැගීමට තටමන් මැක්කෙක් බව මේවනවිට ලෝක ප්‍රජාව අවබෝධ කර ගෙන හමාරය.

ලංකා ඊ නිවුස් නැමති වෙබ් අඩවිය තුලින් ලාංකිය මෙන්ම විදේශිය ප්‍රජාව තුල මෛත්‍රි යනු මහින්දගේ තවත් දඩබල්ලෙක් නොවන බව ඒත්තු ගැන්නවීමට මහත් පරිස්ශමයක් දැරු බව එදා අපි දුටුවේ පුදුම වෙමිනි.
ඒත් දැන් දකින්නේ ,අසන්නේ නොඇසිය යුතු දේවල්ය. මෙවනි කැපකිරීමක් කල වෙබඩවියක් තහනම් කිරීමට පවා මෛත්‍රි දෙවරක් නොසිතන ගුණ මකුවකුබවයි.

ලෝකයා දැන් මොහු හදුනාගෙන හමාරය. ඇත්තේ දැන් ඉදිරියට සිදුවන හා ජනතාව ප්‍රතික්ෂේප කල හොරුසමග ලගින හැටි බලාසිටීමය.
එදා ජනතා සල්ලි ගිලින යකා යැයි කී විධායක ජනාධිපති ක්‍රමය දැන් ගුණය. හෙට අදිකරණයට යන්නේ තමාට මේ රසය තව කොපමන කලක් විදියහැකිදැයි උරගා බැලීමටය.

ඡායාරූප ස්තුතිය ලක් රුවන් වන්නිආරච්චි.

 

 


Spread the love

Leave a Comment

You may also like