පස්කු ප්‍රහාරයේ සියල්ලම දැන් එකම පස් ගොඩක් වී ඇත. ඒ මෙම ප්‍රහාරය ඉතාම සුක්ෂමව සැලසුම්කල යුධහමුදා බුද්ධි අංශයේ මහ මොළකරු වු මේජර් ජනරාල් වර්තමාන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් සුරේෂ් සලේට සහරාන් හසීම්ලාට භාර දුන් සියලු කොන්ත්‍රාත්තුව නිසිලෙසට ඉටු කරන්නේදැයි පරික්ෂා කිරීමට (ඔත්තු බැලීමට )යොදවා සිටි පුලස්තනී මහේන්ද්‍රන් නොහොත් සහරා ජස්මින් නැමැත්තියවද ඒදිනම රැගෙන ගොස් මරා දමා ඇති බවට අපගේ ඔත්තු කරුවන් මේ වනවිට තහවුරු කොට හමාරය.
පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සහරා රැගෙන යාම
පුලස්තනී මහේන්ද්‍රන් නොහොත් සහරා ජස්මින් සහරාන්ලා ගේ නිවසට ගොස් සහරාන් මල්ලී,පියා හා බිරිද සමඟ සිට ඇත. ඒ බවට පාස්කු කොමිසමේ දි සහරාන් ගේ බිරිද පවා සාක්ෂි ලබාදි ඇත. එම අවස්ථාවේ මේ පිලිබදව වාර්තා කිරීමට මොහොමඩ් නියාස් නැමති ප්‍රාදේශිය මාධ්‍යවාර්තා කරුවාද පැමිණ සැඟවි සියල්ල සිදුවනවා බලා සිට ඇත. ඒ අවස්ථාවේදි බොම්බය පුපුරවා ගැනීමත් සමඟම අසල සැඟ සිටි යුධ හමුදා විශේෂ බලකායේ යතුරු පැදි කණ්ඩායම ඉතාම ඉක්මනින් පැමිණ ඇත.
ඒ වේලාව තත්පර ගනනකින් පැමිණි බවට අසල සැඟව සිටි අයෙක් කියා ඇත. ඒ යතුරු පැදි කණ්ඩායම සමඟම යුධ හමුදා ජීප් රථයකින් පැමිණි නිලධාරින් යතුරු පැදි කරුවන් සහරාන් ගේ නිවස වටලන විට පිටුපස වැසිකිලියේ සැඟව සිටි පුලස්තනි මහේන්ද්‍රන් නොහොත් සහරා ජසමින් කිසිදු තුවාලයකින් තොරව යුධ හමුදා ජීප් රථයට දමා ගෙන රැගෙන ගොස් ඇත.
මොහොමඩ් නියාස් වෙඩි තබා මරාදමා……
ඒත් සමඟම යුධ හමුදා විශේෂ බලකාසෙබළුන් ගේ ග්‍රහනයට හසු වු මොහොමඩ නියාස් නැමති ප්‍රාදේශීය මාධ්‍යවේදියාවද එම ස්ථානයේදීම වෙඩි තබා මරාදමා ඇත. ඒ සහරා නොහොත් පුලස්තනි රැගෙන යනවා දැක ඇති නිසා බවට අපට තහවුරු වී ඇත. මෙම අපරාධ ස්ථානයට ප්‍රථමයෙන්ම පැමිණියේ පොලිස් නිලධාරින් නොවන බවට සහතික කොට අප හට ප්‍රකාශ කල හැකිය. මෙම සථානයේ සියලුම පරවේෂණීය සාක්ෂි සියල්ලම විනාශ කල යුධ හමුදා විශේෂ බලකායේ පිරිස් පිටව ගිය පසුව එම ස්ථානයට පොලිස් නිලධාරින් පිටත් කොට යැවීය . අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර ඔහු හිතාමතාම අපරාධකරුවන් හා අපරාධ ස්ථානයක සාක්ෂි විනාශ කිරීමට ආධාර අනුබල දීමකි.
එවනි සිද්ධික් පිලිබදව වහාම ක්‍රියාත්මක කරනවා වෙනුවට කොළඹින් ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකල බව අපට සහතිකය. එසේම පසුව සොකෝ හෙවත් අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින් කැදවා ඇත. අපරාධ ස්ථානය හා ඒ අවට නිලධාරින් 16 දෙනෙකු යොදවා දැඩි විමර්ෂණයකට හා වැටි ඇති හා දමා ගිය සාක්ෂි සියල්ලම එකතු කොට ඇත. මෙහිදි සහරාන් ගේ මල්ලි හා පියා මස්සිනා යන අයවලුන් පුපුරවා ගෙන මිය ගිය ස්ථානයේ වෙඩි වැදිම් තුවාල සහිතව වැටි සිටි මොහොමඩ් නියාස් ගේ සිරුරද තිබී ඇත.
මෘත ශරීර පිලිබද විමර්ෂණයක් නොකොට……..
ඒත් අරුම පුදුම කොට්ඨාශ භාර පොලිස් නිලධාරි ලෙසට එම වෙඩි වැදි මැරි සිටි මොහොමඩ් නියාස් ගේ මරණය මිනිමැරුමක් බැවින් කිසිදු විමර්ෂණයක් අද දක්වාම සිදු කොට නැත. මෙයට ජේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර වගකිව යුතුය. ඔහු හිතාමතාම පාස්කු ප්‍රහාරකයන්ට අවශ්‍ය පුර්ණ සහයෝගය ලබා දී ඇත. එම මෘත ශරීරයට වෙඩි වැදි ඇත්තෙ කෙසේද ?………..
පොලිස් නිලධාරින්ට ප්‍රථම පැමිණි අය පිලිබදව අවශ්‍ය වේලාවට අපි කරුණු ඉදිරිපත් කරන්නෙමු. පසුව සාමන්ත විජේසේකරලා ලහි ලහියේම අක්කරෙයිපත් තුව මහේස්ත්‍රාත් අධිකරණයට පට්ට පල් බොරු කරුණු සහිත B වාර්තාවක් ඉදිරිපත් කොට මහේස්ත්‍රාත් පරික්ෂණය ඇරඹීය . B වාර්තාවන් අමුලික බොරු බව අපි විශේෂ විමර්ෂණ පිලිබදව හසල දැනුමක් හා අත්දැකීමක් ඇති ලියුම් කරු ඉතාම හොදින් පරිෂිලනය කොට ඇත.
අමුලික බොරු B වාර්තාවක්…….
ඉන් එක් කරුණක් නම් මියගිය මොහොමඩ් නියාස් ගේ මරණයට කොහොම කවරෙකු සිදු කලාද නොදන්න බවත් එය යුධ හමුදාව සමඟ ඇති වු ගැටුමින් මිය ගිය බව කියයි . එසේ නම් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියන්නේ පොලිසිය පැමිණීමට පෙර අසල සැඟවී සිටි යුධ හමුදා විශේෂ සෙබළුන් එහි ගිය බව නොවේද ……….?
තවත් අවස්ථාවක සහරා ජෙස් මින් එම බොම්බය සමඟ මිය ගිය බව කියයි. ඇය නිවසේ සිටි බවට අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි දන්නේ කෙසේද …….?
ඔහුට ඇය සිටින බව කීවේ කව්ද …………?
මේවා අහිංසක පොලිස් නිලධාරින් උඩින් යවා අපරාධකරුවන් සමඟ ඩිල් දමා බේරීමට අපි කිසි සේත් ඉඩ නොදෙන්නෙමු.එම B වාර්තාවට අනුව සහරා නොහොත් පුලස්තනී ස්ථිරවම මිය ගිය බවට පොලිස් අධිකාරිවරයා අක්කරෙපත්තුව අධිකරණයේ සාක්ෂි දි මුලික විමර්ෂණයක් පවත්වන්නේ කෙසේද ………?
DNA පරික්ෂාවක්……..
ඒත් මේ සියල්ලම කණ පිට හරවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහරා ගේ මව ගේ DNA පරික්ෂාවක් සිදුකල විට අම්පාර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිට කලිසමේ මුත්‍රා පිටව ගියේ සහරා ගේ DNA සමඟ ඒම ස්ථානයේ කිසිදු පරික්ෂණ නියදියක් නොගෙලපෙන බව විද්‍යානුකූලව ඔප්පු වු නිසාය. අවට පොලිස් ස්ථානාධිපතිවරුන්ට දුරකතන ඇමතුම් දී ඔහු බේරා ගැනීමට සහාය ඉල්ලු බවත් අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු.
පොලිස් ගරාජයේ සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා…….
සහාරා යතුරු පැදියකින් රැගෙන ගියා යැයි අම්පාර පොලිස් ගරාජයේ සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අත් අඩංගුවට ගෙන ඔහුව සිරකර තැබීම අමුලික බොරුවක් බවත් අප ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු. ඔහු කිසිත් නොදන්න අහිංසක පොලිස් නිලධාරියෙකි.
පසුව එක්තරා පොලිස් ස්ථානාධිපතිවරයෙකු (නම හෙලි නොකරන්නේ ඔහු පිලිබදව අප වෙනත් විමර්ෂණයක් කරන නිසාවෙනි. )
සහරා පලා යාමේ පිටපත…….
පලාතේ නමගිය පල් හොරෙකු කැදවා අපුරු සාක්ෂියක් පිටු 16 ක් පුරාවටම ලියා ඇත. එම පුද්ගලයා ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයා ගෙ කීමට ලියා දුන්න දේ ඉතාම හොදින් කියවා පොලිස් අධිකාරි මගේ සාක්ක්කුවේ සිටින්නේ යැයි කයිවාරු සැසීම ඔහු ගේ විනෝදය විය. පසුව අපරාධපරික්ෂණ දෙපාර්තමේතුවෙන් මේ පිලිබදව පරික්ෂා කිරීමේදි එම පුද්ගලයා කියන පරිදි සහරා ජස්මින් නැමති අය කැබ් රථයෙන් පලා ගිය බව කීම අමුලික බොරුවක් බවට තහවුරු විය . ඒ ගෙතු බොරුව සාමන්ත විජේසේකර ගේ තිර පිටපතකි. ඒ බවට අපි සහතික කොට ප්‍රකාශ කරන්නේ මේ වනවිට ප්‍රසිද්ධ නොකල කොමිෂන් වාර්තාවේ ඒ පිලිබදව ඇති නිසාය. එය අපගේ ඔත්තුකරුවන් විසින් කියවා තහවුරු කොට ඇත.
සිඟිති අපරාධ සාක්ෂිවසන් කිරීම්…..
ඔහු විශ්වාස කල නොහැකි සාක්ෂි කරුවෙකු ලෙසට නම්කර ඇත. දැන් සාමන්ත විජේසේකරට අසුජි පිටවෙන්නේ ඉන් පසුවය. වහාම ක්‍රියාත්මක් වු අම්පාර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයා හීනෙන් නැගිට පැමිණ දින් 03 කට පසුව සාරා නොහොත් පුලස්තනී රාජේන්ද්‍රන් ගේ හැදුනුම්පතත් සමඟම රු.10 නෝට්ටුවක් දමා තිබු කාන්තා ප්‍රස් එකක් ගෙනවිත් දේපල කුවිතාන්සි පොතේ ඇතුලත් කලාය. (ඒ පිටු අංකය අප සතුව ඇත.)
ඔහු එසේ සිදු කලේ සහරා බෝම්බයට හසුවු බවට තහවුරු කිරීමටය. ඒත් සැඟවීමට ගිය එවනි ආකාරයේ අපරාධ පරවේෂණ සාක්ෂි මත අපරාධකරු අදුනාගෙන අත් දැකීම් ඇති අපරාධ විමර්ෂකයෙකු බව මතක් කරන්නේ සාමන්ත විජේ සේකරලා ගේ සිඟිති අපරාධ සාක්ෂිවසන් කිරීම් , කෙරිලි ගැන සිනහ වෙන බව මතක් කිරීමටය. ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයාට එම සාරා ගේ මුදල් පසුම්බිය හමුවුයේ කෙසේද……? ඔහු උසස් නිලධාරින් ගේ ගමන් සටහන් පොතේ සටහනක් යොදමින් කියන්නේ ඔහුට පොලිස් සැරයන් වරයෙකු ගෙනවිත් දුන් බවය.
සැරයන් ගේ ප්‍රකාශයක් ගෙන වහාම ප්‍රශ්ණ කලයුතුය. එසේම ඒම මුදල් පසුම්බිය හා හැදුන්ම්පත එදා සොකෝ ස්ථානීය පරික්ෂණය සිදුකල නිලධාරින්ට හමු නොවීම පිලිබදව හා තම රාජකාරිය පැහැර හැරීම පිලිබදව දෙපාර්ත්මේන්තු විනය සංග්‍රහයේ යටතේ වහාම චෝදනා පත්‍ර දිය යුතුය. මෙය ලෝකයක් හෙල්ලු අපරාධ යක් බවත් සාමන්ත ව්ජේසේකරගේ ටිකිරි මොලේට තේරුම් නොයාමත් කණගාටුවකි. මේ නිසා ස්ථිරවම සහරා ජස්මින් නොහොත් පුලස්තනී මහේන්ද්‍රන් මරා දුෂණය කොට මරාදැමු බව නිගමනය කල හැකි අතරම් ඒ පිලිබදව තවත් ඉදිරි විමර්ෂණ්යෙන් අපි හෙලි කරන්නෙමු.
ජේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර උසස් වීමක් දී කොළඹට
මේ පිලිබදව එදා පාස්කු කොමිසමට සාක්ෂි දි ඔහු කියා සිටින්නේ අදෝනාවකි . ඒ මේ විමර්ෂණය යනවිට ඔහුව ඉන් ඉවත් කල බවයි. ඔහු ඉවත් කලේ කොලඹට ස්ථාන මාරුවීමටය. ” ඉබ්බා දියට වැටුන වෙලේ ඇන්නාවේ” කිවා සේ එදා පාස්කු ප්‍රහාරකයන් ගේ දඩබිම මුඩු බිමක් සේ වනසා දමා සාක්ෂි විනාශ කල එවකට අම්පාර ප්‍රදේශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේ සේකර පාස්කු ප්‍රහාරය වෙනුවෙන් කල යටිතල මෙහෙයට ගෝඨාභය ජනාධිපතිවරයා විසින් වහාම රටේ මත් ද්‍රව්‍ය කාර්යංශ භාර අධ්‍යක්ෂකවරයා බවට පත් කල බව රාජපක්ෂ මිනිමරුවනට සුදු හුණු ගාන අති උතුම් කාඩිනල් හිමිපානන් දන්නවාදැයි අපි නොදනිමු.
( සහරාන්ලා ගේ ප්‍රහාරයට පෙර තවත් ප්‍රහාරකට සිංහල කණ්ඩායමක් සෙව්වේ කවුද……? මීළඟ ලිපියෙන් )