මහනුවර සිටි කූප්‍රකට වාහන ජාවරම් බ්‍රෝකර් කෙනෙකු වන දැන් කෝටිපති ව්‍යාපාරිකයෙකු වු වරාය ඇමති රෝහිත අබේ ගුණවර්ධනගේ දුව ගේ මාමන්ඩිය වන සේරම් ද ,ඓතිහාසික පට්ට හොරෙකු වු අග්‍රාමාත්‍ය ලේඛම් වු ගාමිණි සෙනරත් ද, රෝහිත අබේගුණවර්ධන මෙන්ම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයාද, මෝටර් රථ ලියාපදිංචි කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන නිති නිලධාරිද මෙම ජාවාරමේ ප්‍රධානම හවුල් කරුවනය.
මේ වනවිට වරායට ගෙනවිත් ඇති රුපියල් බිලියන ගනනක් වටිනා වාහන වලට කිසිදු රේගු ගාස්තුවක් ගෙවා නැති බව, අපි ඉතාම වගකීමෙන් කියන්නෙමු. වාහන ගෙන්වීම සම්පුර්ණවම නතර කොට තිබියදී ,රාජපක්ෂලාට නිතිවිරෝධිව ඒ අධි සුඛෝපභෝගි වාහන මෙරටට ගෙන්විය හැකි දේව වරමක් ලැබී ඇත.
මේ ආකරයටම ගඩාෆි හා උගේ පවුලේ අයත් ජීවිත ගතකොට ඇත. අවසානයේ රටේ ජනතාව ගෙන මැරුම් කා කුණුකාණුවක මිය ගියාය.
රාජපක්ෂලා ගේ ඉරණමත් එසේ යම් දිනයක විසදෙන බවනම් දැන් අපිට සහතිකය. වරාය ඇමති රෝහිත නොහොත් රත්තරං ගේ දුව විවාහ වී සිටින්නේ මෙම සේරම් නැමති වාහන සේල් කරු ගේ පුතා සමඟය. දැනට මෙම වාහන විකිණීම සිදු වන තරම යමෙකු මුදල් රුපියල් ලක්ෂ 700 ක් ගෙවන්නේ නම් ඔහුට රුපියල් ලක්ෂ් 900 ක් පමණ වටිනා වාහනයක් වරායට් ගොස් තෝරා ගැනීමට හැකිය.
එසේම මෙම වාහන පිලිබදව සියළු ලියකිවිලි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ පරිඝණකයේදි නිසි ලෙසට ඇත. ඒ වාහන වෙනිවෙන් බැංකු ෆිනෑස් හා වෙනත් ණය මුදල්ද ලබාගැනීමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිඝණකය තුලින් යමෙකු විමසීමක් කලහොත් පිලිතුරු දිය හැකිය. ඒත් මුදල් ගෙවා වාහනයට අංකයක් ලැබෙනු ඇත.
ඉන්පසුව රාජපක්ෂලා ගේ සෙල්ලම ක්‍රියාත්මක වේ. වාහනය මිලට ගෙන දින කීපයක් ගිය පසුව වරායේ පරිඝණකවලින් හා මෝටර් රථ කොමසාරිස් ගේ පරිඝණ්ක වලින් වාහන පිලිබදව සියළු දත්ත අතුරු දහන් වෙනු ඇත. මෙම මුදල් ගෙවීම සම්පුර්ණවම අග්‍රාමාත්‍ය ලේඛම් වෙතට සල්ලිවලින් ගෙවිය යුතුය.
කිසිදු බැංකු හුවමාරුවක් සිදු කරන්නේ නැත. මේ කූටප්‍රකාර මාෆියාකරුවන් රටට බිලියන ගන්නක් මේ වන විටත් අහිමි කොට ඇත. එවනි වාහන දැනට 200කට ආසන්න ප්‍රමානයක් විකුණා ඇති බව අප ගේ ඔත්තුකරුවන් පවසයි.
අපසතුව ලිඛිත සාක්ෂි ඡායාරූප ඇති අතරම මේ ප්‍රවෘතිය අසත්‍ය නම් පුවත්පතට නඩුපවරන ලෙසට ගාමිණි සෙනරත්ට අපි අභියෝග කරන්නෙමු. මේ වාහන මිලට ගත් ලංකාවේ සුප්‍රකට පාහරයන් කව්දැයි අපි නම් ගම ඇතිව ඡායාරූප සහිතව කරන්නෙමු.
ප්‍රවේසමෙන් අවසානයේ කෝටියක් සැප ගැනීමට ගොස් කෝටියක් දුක් විදීමට සිදුවනු ඇත.