උණුසුම් පුවත්

එදා සුනාමියට වැලලී ගිය ජිවිත සේම , ජිවිත බේරාගත් ඔවුන්ගේ ජිවිතත් වසර 13 ක් තිස්සේම එකම තැන වැලලී යනවා. ඒත් ඇමතිවරුනම් දිනපතාම පැටව් ගහනවා…

Spread the love

මීට වසර 13 ක අවාසනාවන්තම දිනය 2004 නත්තල් කුණාටුවත් සමඟම උදාවිය. ඒ සුනාමි රළ පහරෙන් අපිට අහිමි වු ජිවිත තවමත රජය නියමිත පරිදි ප්‍රකාශ කර නැත.

දළ වශයෙන් ඉන් ලක්ෂයකට ආසන්න ජිවිත අපේ රටට අහිමි විය.

මේ තත්වය තේරුම් ගත ලෝක වාසින් වැල නොකඩී නැව් ගනන් ආදාර එවා ඒ ඉතිරිවු ජනතාවගේ ජිවිත ඉතාම ඉක්මනටම නගාසිටුවීමට කටයුතු කලෝය.

ඒත් ජාතියේ අවාසනාවට අපිට සිටින දේශපාලකයෝ මළමිනී මතින් තමාගේ බඩ වඩා ගැනීමට උන්ගේ ලේ වලම සහජ ගතියක් ඇත.

ඒනිසාම එදා සිටිය පාලකයෝ සුනාමි අරමුදල් කියා අවසානයේ “හෙල්පින් හම්බන්තොට ” ගිණුම හරහා රුපියල් කෝටි 800 ආසන්න මුදලක්ගිල දැමුවාය. ඉන් නතර නොවු උන් අහිංසක ජනතාව නැවත පදිංචි කිරීමට ඉදිකල සෑම නිවසකිනම කොමිස් ගසා කෑවෝය.

ඒ සියල්ලම අමතක කරමින් ගෙඩිපිටින් ඡන්දය දී මුන්ව නැවත නැවතත ජනතාව බලයටත් පත් කලාය. කෙසේ වෙතත් වසර 13 ක ගොස් ඇතත් තවමත ලෑලි මඩුවල සුනාමි ගෙවල් යන නාමයත් සමගම තවත් අපේම ජනතාවක් මේ රටේම තවත් තැනක නොකා නොබී කල් ගෙවයි.

බල්ලන් ලැඟ සිටි තැනින් තවත් ටිකක හෝ සැප සොයා යන්නාසේ මේ දිනවල ඒ ඔඩොක්කුවෙන් මේකටත් මේකෙන් ඒකටත් පනින උන්ට ඇමතිකන් දැන් දෙන්නේ අරලිය සහල් මෝලෙන් එන මෛත්‍රිගේ ලාබයෙන් නොවේ මේ රටේ අහිංසක කම්කරුවාගේ බත්පතේ සිටම ගහන ටැක්ස් / වැට් වලිනි.

ඒත් අවුරුදු 13 කම තම සියල්ලම අහිමිව දරුවන් සමග ලෑලි මඩුවේ ලගින අහිංසකයන්ට නිවසක් නොදෙන කාලකන්නි පාලකයන් ඉන්න රටක්.

දැන් ජනතාව කල යුත්තේ තව තවත් එවන් අය පසුපස යාම නොව ඇත්තටම ජනතාවට සේවය කරන්නන් සොයා ඔවුන්ව පාර්ලිමේන්තු යැවීමයි. මේ අන්ධ පාලකයන් තවත් වියසනයක් වෙනතුරුත් මේ ජිවිත රැකීමට කිසිදු පියවරක් ගන්නා බවක් නම් නොපෙනේ.


Spread the love

Leave a Comment

You may also like