පාන් කියා ගැනීමට බැරි පවුලක් වාහන සේල් එකකින් කාර් මිලට ගන්නවා යැයි කිවොත් ඔබ පුදුම වෙනු ඇත. ඒ හා සමානවම තව නොබෝ දිනකින් චීන්නුන් විසින් ගෙඩිය පිටින් මිලට ගැනීම සුදානම්ව සිටින ශ්‍රි ලංකාව තම හිස් වු භාණ්ඩාගාරයේ ඉතිරි ටිකටත් කෙලවීමට සිතා කාලකන්ණි රාජපක්ෂලා තවත් රාජපක්ෂයෙක් හරහාම ප්‍රහාරක යානාMI -M35 යානා 03 ක් අළුත් වැඩියාවට ඇමරිකානු ඩොලර් මිලියන 03 ක් වියදම් කිරීමට සැදි පැහැදි ඇත.මෙහි ආයුකාලය දිර්ඝ කිරීමට ද ටෙන්ඩරය කැදවා ඇත. එය ද කොලේ වසා ගසන් ගේමකි.
මෙහි ඇති අපුරුම ගැහිල්ල රටේ ගොවියන්ට පොහොර ටික ගෙන්වීමට ඩොලර් සංචිත නැති මහ බැංකුව කිසිම යුද්ධයක් නැති අවස්ථාවක හෙලිකොප්ටර් අළුත් වැඩියාවට තදියම ඇත්තේ කතරගම හිටපු බස්නායක නිලමේ වු කුමාර් රාජපක්ෂටලාට දේශිය ඒජන්ත කරු (කොස්මික් ටෙක්නොලජිස් ) රාජපක්ෂ පවුල හරහා ගානක් ගසා කැමට ඉඩ සලසා දිමටය.කොස්මික් ටෙක්නොලජිස් හා සෙන්කා ඇග්‍රො යන සමාගම දෙකය, මේවා අයත්වන්නේ මේ කුමාර් රාජපක්ෂටය.
වසංගතයක් ඇති මොහොතක සියලු අමතර වියදම් නතර කිරීම ලෝකයේ දියුණු රටවල් පවා සිදු කරමින් තිබියදි රටකට මේ අවස්ථාවේ ප්‍රයෝජනයක් නොමති ප්‍රහාරක යානා අළුත්වැඩියාව සිදු කිරීම කිසිසේත් නොකල යුතුය. ඒ ටෙන්ඩර් කැදවීමේ සිටම ටෙන්ඩර් පිරිනමා ඇත්තේ වැඩිම ලංසුව ඇති පුද්ගලයාටය. කිසිදු විනිවිද භාවයක් නොමති මෙයින් රාජපක්ෂ සනුහරේටම සල්ලි යන බව අපි දනිමු. පහත ඇත්තේ එම ලේඛණයන්ය.
ඒ අනුව සාක්කුවට යන ඩොලර් මිලියන ගාන ගැන කල්පනා කරනවා හැර උන්ට නින්ද නොයන බව නම් අපි දනිමු.
සියලු ලේඛණ වෙනුවෙන් ස්තුතිය ද ලිඩර් වෙතට





