උණුසුම් පුවත් දේශපාලන

පොලීසියේ රථවාහන අංශය පොලිෂ් කරන්නට මිලියන 83 ක් පොකට් ගහන්න ගිය හරක් -වීරේ ගේ බඩු මට්ටුයි පහත ඇති හඩ පට අසන්න.

Spread the love

පොලීසිය පොලිෂ් කිරීමට යැයි ප්‍රකාශ කරමින් පොලිස් ඇමති සරත් වීරසේකර සැළසුම් කළ  ඩිජිටල් හැ⁣ඩයේ යටිකූට්ටු  ජාවාරමක් පිළිබදව ලංකා දවසට අනාවරණය වේ.මේ මගෝඩි බිස්නස් ගේම් එක අනාවරණය වීම පිටුපස්සේ මිල්ටෙරි නන්දසේන හෝ රාජපක්ෂ පවුලේ කූට්ටාලියකු සිටින බව අපි සැක කරමු.
ඩිජිටල් හැ⁣ඩයේ යටිකූට්ටු  ජාවාරමක්…..
පොලීසියේ රථවාහන අංශය නවීකරණය කිරීමේ  එළ කිරි ව්‍යාපෘතියක් ලෙස ඇඟවෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ජනවාරි මාසයේ ඉදිරිපත් කරමින් මෙම  ජාවාරමට පදනම සළසා ගෙන ඇත්තේ පොලිස් ඇමති වරයාය.එම කැබිනට් පත්‍රිකාවේ අදහස නම් මරේ මරුය.කොස්සක⁣ට ඇත්තේ ඒ මරේ මරු වැඩේ අස්සේ කරන්නට ගිය ජාවාරම අතේ පත්තුවීමය.
මිල්ටෙරි නන්දසේන හා නාකි මහින්ද  රාජපක්ෂ පවුලේ බබාලා ගේ  දැනුවත් බවෙන් තොරව අමාත්‍යවරුන්ට ඕනෑ ඕනෑ ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීමට පෝට්ටු සෞභාග්‍යයේ දැක්මේ පාලනය තුල ඉඩ පහසුවක් නම් නැත.ඇමතිවරුන්ට එහෙම  ස්වාධීනව කටයුතු කිරීම වචනයට පමණක් සීමා වුවකි. ඒ බව වඩාත් තහවුරු කරන සිදුවීමක් පසුගියදා මෙරට ජනමාධ්‍ය මගින් වාර්තා ⁣⁣කර තිබුණි.
ඒ විදුලිබල මණ්ඩලයේ කොටසක් ඇමරිකානු සමාගමකට පැවරීම හා සම්බන්ධ ජාවාරමිකාර ගණුදෙනුවක් ගැන සදහන්  අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම දැන ගත්තේ එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සාකච්ඡාවට ගත් ඇමති මණ්ඩල රැස්වීම ආරම්භයත් සමග බව වූ සඳහනය.අද අමාත්‍යංශ පාලනය වෙන්නේ ඇමති මණ්ඩලයට ඕනෑ විදියට නොවේය.
රාජපක්ෂ බබාලා⁣ගේ උපදෙස්නැතිව කන්න ගිය සරත්……
මිල්ටෙරි නන්දසේනගේ හා රාජපක්ෂ බබාලා⁣ගේ උපදෙස් නියෝගවලට යටත්වය.ජනමාධ්‍ය ඉදිරියට පැමිණ පොර ටෝක් දෙන ඇමතිවරු පවා  රාජපක්ෂ වරුන් විසින් වෘෂණ කෝෂ ඉවත් කොට පුස්සන් කර ඇත්තේය.
අද මේ ඇමති පුස්සන් කටයුතු කරන්නේ වෙච්ච දේට ⁣එන්න සෙයියරදු සිස්ටම් එකෙන් රාජපක්ෂලාට මස් කෑල්ල දී කට්ට සූප්පු කරන එකය.

පොලීසියේ රථවාහන අංශය පොලිෂ් කිරීමට ඩිජිටල් වැඩක් සැළසුම් කළ පොලිස් ඇමති ඒ  හරහා කරන්නට ගිය මගෝඩි ජාවාරම චීන පටාස් ලෙස පත්තු වූයේ ඇතැම් විට මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ බබාලා ගොනාට අන්දමින් එය කරන්නට ගිය නිසා වෙන්නට ඇති යැයි අපි සිතමු.රාජපක්ෂ වරුන් ළඟ ඉඳිමින් ඔවුන්ට  හොරා පොලිස් සෙල්ලම් දාන එවුන් බ්ලාස්ට් කරන්නේ ඔය විදියට බව අපි හොදටම දනිමු .
ඒ ගැන අප දන්නා අපූරු කතාවක් මෙහෙමය.මහින්ද ජනපතිවරයාගේ කාලයේ බාල ඩීසල් බෙදාහැරීමක්  නිසා රට පුරා ජනතාව අතර ආන්දෝලානාත්මක ප්‍රශ්නයක්  උද්ගත විය.එවකට බල ශක්ති ඇමති වරයා වූයේ සුසිල් ප්‍රේමජයන්තය.මෑන්ස් ගේ නෝනා බාල ⁣තෙල් සෙල්ලමේ වගඋත්තරකාරිය බව මහින්ද රාජපක්ෂ දැන සිටියේය.ජනපතිවරයා නියෝග කෙරුවේ සුසිල් ප්‍රේමජයන්තට වහාම බලශක්ති ඇමති කමෙන් ඉල්ලා අස්වන ලෙසටය.එහෙත් සුසිල් ප්‍රේමජයන්ත ජනපතිවරයාගේ නියෝගය පයිසෙකට ගනන් ගත්තේ නැත.අවසානයේදී එදවස ජනපතිවරයාගේ සමීපතමයා වූ සජින් වාස් ගුනවර්ධන ජනපති මහින්ද රාජපක්ෂ දුන් සීඩී තැටියක්ද රැගෙන බලශක්ති අමාත්‍යංශයට ගොස් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා හමුවිය.
ජනපතිවරයා දුන් සීඩී තැටිය ඇමතිවරයාට දුන් සජින් වාස් ගුණවර්ධන එය නරඹන ලෙසටද ඉල්ලීමක්ද කෙරුවේ.එය නැරඹූ ඇමති සුසිල් ප්‍රේමජයන්තගේ ඇස් උඩ ගොස් කන් කඩා වැටී ඉහින් කනින් දාදිය වැගිරෙන්නට ගත් විට ඒ මේසය උඩ තිබූ වතුර වීදුරුව ඇමතිවරයාගේ අතට දුන් සජින් වාස් මෙන්න වතුර ටිකක් බොන්න ඇමතිතුමා යැයි කිව්වේ නක්කලයටය.
ජනපති මහින්ද රාජපක්ෂට තග දාන්න⁣ ගොස් නෝන්ඩි වූ සුසිල් ප්‍රේමජයන්ත ඒ මොහොතේම සිය අස්වීමේ ලිපිය සජින්වාස් අතට පත් කෙරුවේය.අර සීඩී තැටියේ  තිබුණේ මොනවාදැයි අපි නොදනිමු.එහෙත් ඒ තුල සුසිල් ප්‍රේමජයන්තගේ ඇඟ හීතල කරවා ඇඳ සිටින උපාසක සිල් රෙදි ගලවන තරමේ බෑඩ් කැරැට්ටුවක් ගැන සඳහනක්  තිබුණ බව නම් අපට සිතාගත හැකිය.අයියා පා⁣ට් එකේ හිටිය සුසිල් ප්‍රේමජයන්ත බල්ලා මාක් වූයේ ඒ නිසාය.මේ සිද්ධිය අතේ පැලවෙන බොරුවක් නොවන්නේ සජින් වාස් මේ සම්බන්ධයෙන් කරන කයිවරුවක් තවමත් සයිබරයේ හුස්ම ගන්නා නිසාය.
රාජපක්ෂවරු තමන්ට ඉහළින් යන්න දඟලන ඇමතිවරුන්ගේ ඇඩ්‍රස් නැතිකරන්නේ එහෙමය.
 පසුගියදා පොලීසියේ රථවාහන අංශයේ ඩිජිටල්කරණය කිරීමේ අදහස හා ඒ ජාවාරමේ සැළසුම ජනපති මිලටෙරි නන්දසේන හා ඔහුගේ ජාවාරම්කාර හෙංචයින්ගේ ⁣වෙන්ට ඕනෑය.
පොලිස් ඇමතියා හා ඔහුගේ චක් ගෝලයන් සැට් එක…….
සමහරවිට එය පසුගියදා පොලීසියට තුන්රෝද රථ ගෙන්වූ මේජර් සේනාධිපතිගේ බිස්නස් එකක් වෙන්ටත් ඕනෑය.හැබැයි මේ බිස්නස් එක කරන්නට යොදා ගත්තේ පොලිස් ඇමති සරත් වීරසේකරය.පොලිස් ඇමතියා හා ඔහුගේ චක් ගෝලයන් සැට් එක හිතන්නට ඇත්තේ මේ නම් කල්ල මරේ බිස්නස් එකක් කියාය. 
පොලීසියේ රථවාහන අංශයේ වාර්ෂික ආදායම බිලියන  4.7 (හතරයි දශම හතක් ) බව කියවේ.මෙම ආදායමෙන් මිලියන අසූ තුනක් මාසිකව පික් පොකට් ගසන්නට සකස් කරන ලද
පොලිස්  රථවාහන අංශ ඩිජි⁣ටල් කරණය පොලිස් ඇමති සරත් වීරසේකර විසින් බාර දීමට අපේක්ෂා කළ තාක්ෂණික සමාගමේ අධ්‍යක්ෂවරුන් ⁣පොලිස් ඇමතිගේ රෙද්ද අස්සේ උපදේශකයන් වීම  ජාවාරම  අතේ පත්තු වීමට හේතු වී ඇත්තේය.
පොලිස් ඇමතිගේ රෙද්ද අස්සේ උපදේශකයන්……..
මේ ජාවාරම ගැන සමගි ජන බළවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පසුගියදා පාර්ලිමේන්තු රැස්වීමේදී ⁣හඬ නගද්දී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ගල් වූ බව අපට දැකගන්නට ලැබුණි.පොලිස් ඇමති වීරසේකර මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පිළිතුරු දුුුුන්⁣නේ කකුල් දෙකෙන් අල්ලා පොළවේ ගැසූ කුකුල් නාම්බකු සේ  කිසිත් කර කියා ගත නොහැකි අසරණයකු විදියටය. ඇත්තටම පොලිස් ඇමති සරත් වීරසේකර ඒ වෙලාවේ හි⁣ටියේ යට ජංගියේ චූ ගොස් මුඛ පූට්ටු වෙලාය. 
සරත් වීරසේකරගේ යටි ජාවාරමේ  හඬ පට……..
 මනූෂ නානායක්කාර මන්ත්‍රී වරයා  ඒ වෙලාවේදී කිව්වේ සරත් වීරසේකරගේ යටි ජාවාරමේ  හඬ පට පවා ඔහු සන්තකයේ තිබෙන බවය.මේ විදියට පොලිස් ඇමති හොර රහසේ කතා බහ කරන ඒවා පවා පටිගත කරන එවුන් සිටී නම් මෙරට බුද්ධි අංශ වල කෙරුවාව ගැන කියන්නට ඇත්තේ සොරි ඩොට් කොම් කියාය.ඒත් එය එසේ නොවන බව අපට සිතිය හැක මේ ගොබ්බ පොලිස් ඇමතියා මෙහෙම අමාරුවේ දැම්මේ රාජපක්ෂ සැට් එක විසින්ම බව බව අප මුලදී කිව්වේ ඒ නිසාය.
 පොලීසිය  ඩිජටල් කරණය කිරීම සඳහා පොලිස් ඇමති සරත් වීරසේකර බාරදෙන්නට අපේක්ෂා කළ සමාගමේ අධ්‍යක්ෂවරයකු හා ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශයේ  අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ටපමණක් සීමා වුවකි. 
පොලිස් පොඩ්ඩන් මේ ඩිජිටල්කරණය ගැන ගොනාට අන්දන විදිය……….
ඇතිවී තියෙන දුරකතන සංවාදයකදීී එම අධ්‍යක්ෂවරයා  පොලිස් රථවාහන අංශයේ අධ්‍යක්ෂ  ජේෂ්ඨ පොලිස් අධිකාරි  ඉන්දික හපු ගොඩට උපදෙස් දෙන්නේ පොලිස් පොඩ්ඩන් මේ ඩිජිටල්කරණය ගැන ගොනාට අන්දන විදිය ගැනය.
පොලීසියේ රථවාහන අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපු ගොඩ ද එසේ මෙසේ බඩ්ඩක් නොවේ.
මේකා නිට්ටඹුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස  කටයුතු කරද්දී නිදන් හාරන්නට ගොස් අතේ කෝස්  නඩුවකට මාට්ටු වී හිරේ ගිහින් එළියට බැස්ස එකෙකි.ඉන්දික හපුගොඩ නම් මේ හොර ගෙඩියා හරහා රථවාහන අංශ ඩිජිටල්කරණ ගේම් එකෙන්  කල්ල මරේ චාන්ස් එක සැළසුම් කිරීම ලේසි වැඩක් බව පොලිස් ඇමති සරත් වීරසේකර හා ඔහුගේ ජාවාරමුන් කල්පනා  කෙරුවත් රාජපක්ෂලාගේ කනෙන් රිංඟා ගතමනාවේ වැඩි පංගුව ඔවුන්ට අහිමි වෙන ආකාරයෙන් ඒ ජාවාරම කරගෙන යාම නිසා මෙහෙම අමාරුවක වැටුන බව තවමත් සරත් වීරසේකර නොදන්නා බව නම් අපට සහතිකය.
           සිකියුරා ටෙක් පුද්ගලික සමාගම හරහා මේ පොලිස් දඩ මුදල් ගසා කෑමට සරත් වීරසේකර ප්‍රධාන නඩය සුදානම් වී ඇත. මේ සමාගමේ අධ්‍යක්ෂක සරත් වීරසේකරගේ උපදේශකයෙකි. කෙසේ වෙතත් මේ සියල්ල සරත් වීරසේකර සිදු කර ඇත්තේ රාජපක්ෂලාට හොරෙන්ය.
ඒ නිසාම මේ සියල්ලම අප වෙතට පැමිණියා දෝයි සැකයක ද නැතුවා නොවේ.
සරත් වීර සේකර සිංහල බෞද්ධ ඡන්ද රැගෙන 2024 දි ජනාධිපතිවරණයට ඒමට මේ ආකාරයෙන් සල්ලි පිල්ලි ගසන බවත් දැන ගැනීමට ඇත. (අප සතුව ඇති සියල්ලම මෙහි පලකල නොහැකිය ඒ සියලු හඩ පට ගන්න 37 කි.)
කතෘ සටහන;
මෙම චෝදනා අසත්‍ය නම් හඩ පට ව්‍යාජ නම් වහාම විමර්ෂණයට අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවට භාර දෙන ලෙසත් අප සතුව ඇති සියලු සාක්ෂි එහිදි රටේ ජනතාව ගේ දැන ගැනීමට අධිකරණයට භාර දෙන්නෙමු. මෙය අපි හරක්-වීරසේකර ඇමතිට කරන අභියෝගයකි.

Brief about the situation(1)Aminda James- Presently works at ICTAForm 20 of Securatec Lanka.MD Lalindra Danawardena(1)Form 20 of Securatec Lanka.MD Lalindra DanawarCabinet Paper of the Project(1)Cabinet Paper of the Project(1)dena(1)Cabinet Paper of the Project(1)


Spread the love

Leave a Comment

You may also like