මෙරට මාධ්‍ය ප්‍රධානීන් සමග අද දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ඊළඟ අවස්ථාවේද ජනපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින බව ජනපති මිල්ටෙරි නන්දසේන පවසා තිබේ.රට වලපල්ලට යැවූ මේ කාලකණ්නිි මිල්ටෙරි නන්දසේන තවමත් කල්පනා කරමින් සිටින්නේ තමා මෙරට ජනතාව අතර ජනප්‍රිය නායකයකු බවය.
ජානගත මානසික ලෙඩකින් පෙළෙන මිල්ටරි නන්දසේන එසේ කල්පනා කිරීම වරදක් නැත.උද්දච්කම ඉහ වහා ගිය මේ මිල්ටෙරි කාරයාගේ කෙරුවාව අද වන විට කුඩා ළමයින්ගේ පවා විහිළුවට ලක් වී ඇති බව සයිබරයේ දෘශ්‍ය ප්‍රකාශිතයන් තුළින් දැක ගත හැකිය.මෙතරම් ඉක්මනට අප්‍රසාදයට ලක් වී ඇති මෙරට පාලනය කළ ජනපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් තවත් නැත.එපමනක්ද නොව මිල්ටෙරි නන්දසේන ජනතා අප්‍රසාදයට පමනක් නොව විහිළුකාර චරිතයක් බවට පත්වී තිබීමද විශේෂ කාරණයකි.රටේ බුද්ධි අංශ එක්කෝ මේ මිල්ටෙරි කාරයා ගොනාට අන්දා ඇතැයි අපට සිතේ.
එසේ නැතහොත් මේ මනුස්සයාට මානසික ආබාධය වැඩි වී ඇතැයි අපට සිතා ගත හැක.ඒ සිතීම නිවැරිදියැයි අපට සිතන්නේ නැවත වරක් මෙරට ජනපති අපේක්ෂකත්වය අපේක්ෂා කරන බව ඔහු මාධ්‍ය ප්‍රධානින් ඉදිරියේ කරන ලද ප්‍රකාශය පදනම් කරගනිමිනි.
ඇතැම් විට මේ අදහස මේජර් සේනාධිපති හා දෙරණ දිලිත් ජයවීරගේ න්‍යාය පත්‍රයේ දිගුවක් වන්ටත් බැරි නැත.තවදුරටත් මේ ප්‍රකාශය විමසා බලන්නෙකුට මිල්ටෙරි නන්දසේනගේ මේ කැමැත්ත බැසිල් රාජපක්ෂට එරෙහි ප්‍රකාශයක් ලෙසද සිතිය හැක.
ඒ මේ වන විට බැසිල් පාර්ශවය හා මිල්ටෙරි නන්දසේන පාර්ශවය ලෙස පෝට්ටු දේශපාලනයේ බෙදීමක් පිළිබදවද වාර්තා වන හෙයිනි. විමල් වීරවංශ ගම්මන්පිල ආදීන් බැසිල්ට එරෙහිව මිල්ටෙරි නන්දසේන පිල නියෝජනය කරමින් සිටී.එලෙස කවර කාරණයක් පදනම් කරගත්තද මිල්ටෙරි නන්දසේන නැවත වාරයක් මේ රටේ ජනපති පදවියට පත් කරගන්නට තරම් රටේ ජනතාවට ඔළුවේ අමාරුවක් නැතැයි අපි සිතමු.
හොඳයි ඔව් නැවත මිල්ටෙරි නන්දසේන ජනපතිවරණයට තරග කිරීමට එන්නේනම් ප්‍රතිවාදී අපේක්ෂකයා විය යුත්තේ ජනරාල් සරත් ෆොන්සේකා බව අපි සදහන් කරමු.ඒ මිල්ටෙරි නන්දසේනගේ උද්දච්චකමට හොඳම පිළිතුර වන්නේ ජනරාල් සරත් ෆොන්සේකා බව අප දැඩි ලෙස විශ්වාස කරන නිසාය.