අනුරාධපුර රෝහලේ දුරකතන ක්‍රියාකාරිනියක් වු වර්තමානයේ කාලකන්ණි පාලකයන් ගේ හා සල්ලිකාර සම – හරක් අමනයන් ගේ මිත්‍යා විශ්වාසයේ කැඩපත වු ඇයට වැදුම් පිදු කිරීමට තරන් වර්තමාන ජනාධිපති ක්‍රියාකිරීම ඉතාම අවාසනාවකි. 69 ලක්ෂයක් වු ජනතාව ගේ අසීමිත බලාපොරොත්තු ඉටු කිරීමට ජාතිවාදය හා අගම් වාදය කරපින්නාගෙන පැමිණි ගෝඨාභය රාජපක්ෂට මාරාන්තික අපල හා ජනතා අප්‍රසාදය දිනපතාම ඉහල යන නිසාම එය සිදුවන්නේ ශ්‍රි දළදාමාලිගාවේ පෙරහැර ජනතාවට දැකීමට නැති නිසා බවත්, ඒ පෙරහැර නිමාව සනිටුහන් කිරීමට දිය කැපීමක් සිදුවන අතර එන දිය කැපීමෙන් ලබා ගන්නා වතුරෙන් ගෝඨාභයට නෑමට ඥාණ මැණියෝ නියෝග කොට ඇත. (ප්‍රසිද්ධියේ හෙළුවෙන් නොවේ. )
ඉන් පසුව රටේ අසාමාන්‍ය ආකාරයෙන් සෞභාග්‍ය උදාවෙන බවත් ,දිනපතාම ජනතාව ඔහු පිලිබදව කතාකිරීමට පටන් ගන්න බවත්, ඇය කියා ඇත. මහනුවර ඇසල පෙරහැර පැවැත්වීම පසුගිය කොරොනා සමයේද සිදු විය. ඒත් කිසිදු ජන සහභාගිත්වයක් නොවුයේ මෙම කාලයේ වසංගතයක් රට පුරාම ව්‍යාප්තව තිබෙන නිසාය .
මීට පෙර අප විස්තරාත්මකව කියා සිටියේ …”ඥාණ මැණියෝ පෙරහැර කොරෝනා පොකුරක් ” සැදීමට සුදානම් වන බවයි. ඒත් දැන් එම තත්වය ස්ථිරවම සිදුවනු ඇත. මෙවනි අන්ධ භක්තියකින් මහනුවර පෙරහැර පවත්වා සිදුවන්නේ ඉතාම භයානක තත්වයකි. මේ වනවිට රටේ දිනපතාම කොරෝනා රෝගය වැලදි 50 කට වඩා මිය යන අතරම රෝගය වැලදුන ඇය රජයේ සංඛ්‍යා අනුව 1000 ඉක්මවා ඇත. ඊට වඩා 10 ගුණයකට වැඩි බව අපි දනිමු. ඒ පුද්ගලයන් PCR පරික්ෂණයට ලක් නොකරන නිසාය.පෙර හැර පැවැත්වීමට ඇති උවමනාව නිසාම මේ වන්විට මහනුවර ජනතාවට ලහිලහියේ චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලබාදෙමින් ඇත.
දැන් ගෝඨාව ගොඩ දැමීම කෙසේවෙතත් ඥාණා අක්කාටද සිදුවන්නේ රාජපක්ෂලා සමඟ වැලලීයාමට බවනම් අපට සක්සුදත් සේ පැහැදිලිය. ඒ අමන ජනතාව දැන් බුද්ධිමත්ව මේවා දෙස බලන බව සහතිකය.