උණුසුම් පුවත්

ශ්‍රි ලංකාවේ අළුයට ගිණි –  බැසිල් සමඟ ඇමරිකාව හා ඉන්දියාව වැඩට බසී.

Spread the love

මේ වනවිට ශ්‍රි ලංකාවේ  සාගරය ,ගුවන හා ගොඩබිම දැඩි අනාරක්ෂිත තත්වයකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කොට ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙසට කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව මැදිහත්වන්නේ බැසිල් හරහාය.

චීනය අද දහවල් වන විටත් බැසිල් රාජපක්ෂ ගේ පැමිණීම වලකාලීමට දැඩි වෙහෙසක් ගත්තේය. ඒත් ඒ සියල්ල මේවන විට නවතා ගෝඨාභය ජනාධිපතිට පවා ඇමරිකානු මැදිහත්වීමට ඉඩදීමට සිදුව ඇත. එක් අතකින් එය ශ්‍රි ලංකාවේ කිසියම් ඉදිරි ගමන් මාර්ගයට යහපත් වන්නේ චීන වන්දනාව තරමක් හෝ අඩපනවීම නිසාය.

මේ වනවිට චීනය රාජපක්ෂලා වෙනුවෙන් අසීමිත මුදල් කන්දරාවක් විසිකර  ඇති නිසාත්, රටේ පිලිගත් ආයතන වලට හා බෞද්ධ භික්ෂුන්ට මුදල් දි රටේ භූමිය චීනය අත්පත් කර ගැනීමට ඉතාම තීක්ෂණ සැලැස්මක්  ගෙනයාම සමස්ථ කලාපයේම  ආරක්ෂාවට මහත් තර්ජනයක් විය.

එසේම රාජපක්ෂලා අතයට මුදල් කෝටි ගනනක් ගෙන චීනයට පෝට් සිටිය පවරාදීම ද ඇමරිකාවට හා ඉන්දියාවට දැඩි තර්ජනයක් වී ඇත. මේ නිසාම බැසිල් රාජපක්ෂ රටේ ජනාධිපතිබවට පත් කිරීමට ද ඇමරිකාව හා ඉන්දියාව ඉතාම සැලසුම් සහගතව ක්‍රියාතමක්ව පවතින බව ජාත්‍යන්තර ඔත්තු සේවාවකින් දැන ගැනීමට හැකිවිය. ඒත් චීනය මේ මොහොත තෙක්ම බැසිල් රාජපක්ෂ වෙතට මුදල් අමාත්‍යංශය ලබා නොදිය යුතුයැයි ඉතාම තදබල ලෙසට බලකරමින් ඇත. ” රාජපක්ෂලා දැන් ගෙදර ගියොත් අඹුව නසී…. මග හිටියොත් තෝ නසී…..” තත්වයට පත්ව ඇති බවද ජාත්‍යන්තර ඔත්තු සේවාවන් පවසයී.

එලබෙන 08 හො 10 දිනයක දි බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණෙන නමුත් මුදල් අමාත්‍යංශය සමඟම රටේ බොහෝ වෙනස් කම් සිදු වීමට නියමිතය. ඒ රාජපක්ෂලා ගෙන් රටේ ජනතාව අපේක්ෂා නොකරන තරමේ දේවල් වුවත්, රටක් ලෙසට ඒ පිලිබදව විවෘතව බැලිය යුතු වනු ඇත. එසේම රනිල් වික්‍රමසිංග ගේ පැමිණීමත් ඊටම අදාල වීමට බොහෝ දුරට ඉඩ ඇත. මේ නිසාම චීනය දැඩි සේ රාජපක්ෂලා පිලිබදව කිපී ඇති බවත් ඒය උග්‍ර වුවහොත් කිසියම් රාජපක්ෂකෙනෙකු චීනයේ බිල්ලක් වීමට ද බැරි නැත.

කෙසේ වෙතත් රාජපක්ෂලා චීනයට රට විකිණීමට ගැසු ගිවිසුම් පිලිබදව නැවත සමාලෝචනයක් වීමට ද බොහෝදුරට ඉඩ ඇත. ඒ ඇමරිකාවේ හා ඉන්දියාවේ අපේක්ෂාවයි.  13 වන සංශෝධනය මෙන්ම ප්‍රකාරව  උතුරු නැගෙනහිරට පොලිස් බලතල ලබාදීම , යුද්ධයෙන් මිය ගිය අයට වන්දි, හා අතුරුදහන් වීම පිලිබදව යුක්තිය ඉටු කිරීමට ද , එක්සත් ජාතින් ගේ සංවිධානය සමඟ සමීපව ක්‍රියාකිරීම වැනි බොහෝ වෙනස් කම් සිදු වන්නේ බැසිල්  මේ වනවිට ඇමරිකාවට හා ඉන්දියාවට ලබාදි ඇති පොරොන්දුමතය.

   එමෙන්ම කීර්තිමත් දේශපාලඥයෙකු වු ගාමිණි දිසානායක ගේ මඟ අනුගමනය කිරීමට ද සුදානම් බව දැන ගැනීමට ඇත. ඒ ගමන තවත් රාජපක්ෂ කෙනෙකු ගේ ගමනක් නොවු නොත් …..?


Spread the love

Leave a Comment

You may also like