උණුසුම් පුවත්

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හෙට සිට අඛණ්ඩ වර්ජනයක් ආරඹයි.

Spread the love

මාධ්‍ය සාකච්චාව
2021.07. 04
☝️ජනාධිපතිවරයා විසින් සාකච්ඡා කිරීමේදී දේශපාලනිකව හිතවත්  වෘත්තිය සමිති සමඟ පමණක් සාකච්ඡා කිරීමත්, වෛද්‍ය නිලධාරි සංගමය වැනි සංගම්, සෞඛ්‍ය අමාත්‍යාංශය  තුළ දේශපාලනය කිරීමත්, හේතුවෙන් ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවට අලුත් ගැටලු ගණනාවක් අප සේවාවන්ට එරෙහිව මතු කර ඇති බැවින් මෙම වර්ජනය නොවැලැක්විය හැකි බව අවධාරණය කරමු.
☝️කපුටන් එල්ලන්නට උපදෙස් දෙන ඇමතිවරුන්ගේ හා මර්දනයට අත තබන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාගේ පාළණය වැරදිපාරකට ඇද දැමීමට උත්සාහ දරමින් සිටින බැවින්, ඒ පිළිබදව ප්‍රවේශම් වන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.
☝️එසේම වර්ජන ඇතිවන ආකාරයට ජනාධිපති මන්දිරයේ සිට තීන්දු ගනිමින්, එය භාවිත කොට ඇමතිවරු මාරු කිරිම හිසේ අමාරුවට කොට්ට මාරු කිරීමකි.
මාණ්ඩලික සේවා තත්වය, 5/12 උසස්වීම් ක්‍රමය, පොදු දීමනා ක්‍රමය  පිළිබඳ තීරණ ගැනීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා හොඳින් දන්නා බැවින්, ජනාධිපතිවරයා  ඉදිරියේ සෞඛ්‍ය ලේකම්වරයා ඒ පිළිබඳව පැහැදිලි කළේ ද යන්න පිළිබඳව අපි ප්‍රශ්න කරමු.
☝️සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සහ නිවැරදි ගැටළු පිළිබඳව ජනාධිපතිවරු ඉදිරියේ මුනිවත රකින නිලධාරින් හේතුවෙන් හා වෛද්‍ය සංගමයට බයාපස්සව සියළු තීරණ ගණු ලබන නිලධාරීන් හේතුවෙන් ඇතිවී ඇති මෙම ගැටලු සහගත අර්බුධය, සෞඛ්‍ය අමාත්‍යවරිය පමණක් මාරු කිරීමෙන් නොවිසදෙන බවද අපි කල්තබා සිහිපත් කරමු.
☝️වසංගතයේ සැබෑ තත්වය හෙළිදරව් කිරීමට විද්‍යාත්මක සාක්ෂි සපයන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කට වසා දමන්නට උත්සාහ දරන්නේ කිනම් හේතුවක් නිසාද යන්න හෙලි කළ යුතුය.

Spread the love

Leave a Comment

You may also like