උණුසුම් පුවත්

ශ්‍රි ලංකාව බංකලොත් භාවය ආසන්නයටම CCC +   වසර 73 ක කෙරුවාවේ ප්‍රතිඵලය.

Spread the love

මේවනවිට ආර්ථික ,සාමාජීය ,හා දේශපාලනිකව සීග්‍ර පරිහානියක් කරා ශ්‍රිලංකාව ලඟාවී ඇත. ඒ වසර 73 ක් තිස්සේ පුද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කතිරය ගැසීමේ මහගු ප්‍රතිඵලයේ විපාකයන්ය.

තවත් සති කීපයකට පමණක් ශ්‍රි ලංකාවේ  ආහාර ඇති බවත් මෙය රටක ජාතික ආරක්ෂාව බිදවැටීමේ එක සංධිස්ථානයක් බව ආර්ථික විශේෂඥයන් ගේ අදහසයි. ඒ බව අද ලෝක Standard & Poor’s  වර්සීකරනයන් අනුව හෙලිවිය. ඒඅනුව ශ්‍රි ලංකාව CCC + නැමතිලෝකයේ  ප්‍රධාන ණය නැවත ගෙවීමේ හැකියාව පිලිබදව ශ්‍රේණිගත කිරීමේ  රටවල් අතර  10 වෙනි ස්ථානයේ පහලින්ම සිටින එකම අප්‍රිකානු නොවන ආසියාතික  රට ශ්‍රි ලංකාවය.

ලෝකයේ බංකලොත් (  Sovereing Default –  SD ) රටවල්  05 ක් ඇත. බංකලොත් වීමට ආසන්නතම රටවල 06 ක් ඇති අතර ඉන් ඇති ප්‍රධානම රට ශ්‍රි ලංකාවය.දැඩි දරිද්‍රතාවයෙන් පෙලුන අප්‍රිකානු රටක් වු මොසැම්බික් රාජ්‍ය හා කොංගෝව ඇංගෝලාව, පවා ශ්‍රි ලංකාවට ඉහලින් සිටීම විශේෂත්වයකි.

මේවනවිට අතිවිශාල ධනයක් රාජපක්ෂලා ප්‍රමුඛ කල්ලිය විසින් සොරකම් කරමින් වසර 73 තිස්සේ මෙරට ජනතාව තම පුද්ගලික අභිමතාර්ථයන් හා ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රතිඵලය තවත් නොබො අත් විදිනු ඇත. ග්‍රිසිය හා ලෙබනනය මෙන් ශ්‍රි ලංකාවේ සමස්ථ බැංකු පද්ධතියම කඩා වැටි රට බංකලොත් භාවයට පත්වනු ඇත.

ඊට කදිම පුරෝකතනය නම් ශ්‍රි ලංකාව ඩොලරයට රුපියල් 260 ක් ගෙවීම තවත් දිනකීපයකින් උදාවන බවය.

පහත ජාත්‍යන්තර වර්ගකිරීම බලන්න .

 


Spread the love

Leave a Comment

You may also like