පසු ගියදා දැඩි පරිශ්‍රමයකින් ජේ.නි.පොලිස්පති පතිනායක මහතා ගේ ඝෘජු අධීක්ෂණය යටතේ කරන ලද වැටලීමේ දි කොග්ගල හන්දියේ දි උප පොලිස් පරික්ෂක සිල්වා ගමන් ගත් වාහනය සමඟ මාර්ගය හරස් කොට අත් අඩංගුවට ගෙනඑමත. එහිදි හෙලිව ඇත්තේ ඒම හෙරොයින් ඔහු පානදුර සලිදුට භාර දීමට යන බවයි.
එම සැකකරු පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයට භාර දී ඇති බවයි. පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය සැකකරු රදවා දිර්ඝ විමර්ෂණයක් කරනවා වෙනුවට සිදුකර ඇත්තේ සැකකාර සිල්වා නැමති උප පොලිස් පරික්ෂකවරයා රක්ෂිත භාරයට පත් කිරීමය. ඒ රෝහිත අබේගුණවර්ධන ගේ ලැබුණ නියෝග නිසාය. අද මේ පිලිබදව විමර්ෂණය කරන පොලිස් නිලධාරින්ම අප හට කියා සිටින්නේ මුළුමනින්ම විමර්ෂණ අඩපන කල බවයි.
කවුද මේ මතුගම ශාන් …..?
මේ කිලෝ 52ක හෙරෝයින් ජාවරමේ තවත් ප්‍රධානම පුද්ගලයෙක් සැගවීමට පොලිසිය ඉතාම සුක්ෂම ක්‍රියාකර ඇත. ඒ කලක් මහින්ද සමරසිංහගේ අතිජාත මිත්‍රයා වු දැන් රෝහිත අබේගුණවර්ධන ගේ ඔඩොක්කුවේ සිටින ප්‍රධාන පෙලේ කුඩු හා පාතාල සාමාජිකයෙක් වු මතුගම ශාන් නැමැත්තාය. ශාන් සලිත ගේ ගජමිතුරාය ඔවුන් සියල්ලම පොලිස් නිලධාරින් ගේ ආවතේව කරුවන්ය. පානදුර ත්‍රිවිල රථයකට වෙඩිතබා මහ දවල් ඝාතනයේ යෙදුන මිනිමරුවන් ගේ T56 එවකට ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි වු වර්තමාන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වු ප්‍රේමරත්නට ගිහින් දුන් පුද්ගලයාය.
එදා ඒ ගිනි අවිය කනත්තක දමා ප්‍රේමරත්න ලවා පාතාලයට උවමනා ආකාරයට සියළු සටහන් යොදා ගත්තේ මේ මතුගම ශාන්ය. මතුගම ශාන් ඒ වෙඩි තැබීමේ බයිසිකලය බොල්ගොඩ ගගට දැමුවේ තවත් ජේෂ්ඨ පොලිස් නිල්ධාරියෙකු ගේ උවමනාවටය. සැබවින් ඒ කුඩු ජාවාරමේ ගැටුමක් වුවත් අවසානයේ පොලිසිය්ටට කෝට් 02 ක් ගෙවා සලිතලා ,මතුගම ශාන් ලා බේරුනාය.
ඒ කුඩු ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනි සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා අද ශ්‍රි ලංකා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයාය.
ඉතිං අපි රටේ කුඩු නවත්තමු, නේ…..