සති ගනනාවක සිට වනජීවි නිලධාරින් පිරිසක් මින්නේරිය ජාතික වනාන්තරයේ අවට රැකවල් ලා සිට ඇත්තේ අළුත උපන් අලි පැටව්න් සොරකම් කරන පිරිසක් පිලිබදව ලද හෝඩුවාවක් පිලිබදවයි. මේ පිලිබදව වන ජීවි අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ගේද උපදෙස් අනුව පොලිසියේද සහාය ඇතිව ඒ වැටලීම සිදුකරමින් සිටින විට ඊයේ මධ්‍යම රාත්‍රියේ අනුරාධපුර ප්‍රදේශයේ යුධහමුදා ජෙනරාල්වරයෙකු තවත් වාහන් 03 ක හමුදා භට පිරිසක් සමඟ අලි හොරකමට පැමිණ ඇත.
ඒ අවසථාවේ සැඟවී මුර කල එක් වනජීවි නිලධාරින් කණ්ඩායමකට ඔවුන් හසුව ඇත. ඒ අවස්ථාවේ හමුදාභට කණ්ඩායම පලායාමට උත්සහා කිරීමේදි එය අවහිකල වනජීවි නිල්ධාරින්ට පහර දී ඇත. මෙහිදි එම ස්ථානයේ වීරසිංහ නැමති කණ්ඩායම මෙහෙය වු නිලධාරියාද සිට ඇති නමුත් එහි සිටි එක් හමුදා නිලධාරියකු තමා අනුරාධපුර දිස්ත්‍රිකය භාර යුධ හමුදා ජනරාල් මොහාන් රත්නායක් බවත් තමාව කිසිවෙකුට අත් අඩංගුවට ගැනීමට බැරි බවත් කියා වන ජීවි නිලධාරින්ට අමානුෂිකව පහරදී ඇත.
මෙම ජනරාල් අලි හොරකම කලක් පටන් මහාපරිමාන ජාවාරමක් ලෙසට කරගෙන යනු ලබන පුද්ගලයෙක් බවත් ,මෙය යුධහමුදා නාමයට බලවත් කැලලක් බවත් හෙලිවිය.
මොහු අනුරාධපුර සතොස කඩා අරක්කු ගත් ජනරාල්වරයාම බව යුධ හමුදා ඉහල නිලධාරියෙක් අපහට පැවසීය,. ශවින්ද්‍ර සිල්වා දැන් මේවාට පිලිතුරු දිය යුත්තේ හෙළුවෙන් පැමිණ බව අප කියන්නේ ඔහුට අද තම අයාලේ යන නිලධාරින් පාලනය කිරීමට බැරිවී ඇති නිසාය.
මෙම නිලධාරියින්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක් නොවන්නේ නම් අපිට සිතිය හැක්කේ ශවින්ද්‍ර සිල්වා හමුදාපති දැන් ජෙනරාල් ලාව යොදවා අලි හොරකමේ යන බවය. සරත් ෆොන්සේකා එදා හමුදාව තුල තිබු විනය දැන් ඇත්තේ බල්ලා ගේ අධෝ මුඛයේය.
වහාම මේ ජෙනරාල් මොහාන් රත්නායක් අත් අඩංගුවට ගත යුතුය.
විඩියෝව වෙනුවෙන් 5 නිව්ස් වලට ස්තුතිය