උණුසුම් පුවත්

සිරකරුවන් ගේ අයිතිවාසිකම් සුරකීමේ කොමිටුවට තහනම් නියෝගයක්

Spread the love

අද (26 ) දින සිරකරුවන් ගේ අයිතිවාසිකම් සුරකිමේ කොමිටුව විසින් සංවිධානය කර තිබු උද්ගෝෂණය එම ස්ථානයේ පැවැත්වීම තහනම් කොට අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා දී ඇත.

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ගේ  B වාර්තාවට හා කරුණු දැක් වීමට අනුව කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් අංක B 52476/02/21 දරණ නියෝගය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට හෝ ඊට ආසන්නව සියලු රැස්වීම උද්ගෝෂණ තහනම් කරමිනි සිරකරුවන් ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති නිතිඥ සේනක පෙරේරා මහතා වෙතට මෙම නියෝගය නිකුත් කොට ඇත.

ඒ අනුව අද දින (26 )පැවැත් වීමට නියමිත උද්ගෝෂණය නතර කොට ඇත. මේවනවිට වැලිකඩ සිරකරුවන්ට සිදුව ඇති අසාධාරණයන් පිලිබදව සිරකරුවන් ද සත්‍යග්‍රහයක් සිදුකරමින් ඇත.

අධිකරණයෙන් එවා ඇති තහනම් නියෝගය පහතින් ඇත.


Spread the love

Leave a Comment

You may also like