උණුසුම් පුවත්

රාජපක්ෂ සමාගමේ මුද්‍රාව අලිබබා හොරු හතලිහට සමානය.

Spread the love

මිල්ටෙරි නන්දේ…..

මේ ස්ටෝරිය ලියන්න වෙන්නේ මිල්ටෙරි නන්දේ ⁣මෙරට ආරක්ෂක ලේකම් කාලයේ සිද්ධ වෙච්ච සිද්ධියකිනි.
රාජපක්ෂවරු තරම් මන්තර ගුරුකම් පිළිබඳව විශ්වාස කළ දේශපාලන පවුලක් ලංකාවේ නොසිටින්නට ඇත.ඔවුන් ඉතා රහසිගතව ⁣මෙරට භූමියේ තැන් තැන් වල ඇති නිදාන ගොඩ දමමින් හා මැණික් ඇති ස්ථානයන් හාරමින් භූගත ධනය තමන් සන්තකයට ගත්හ.විටෙක රාජ්‍ය බලය යොදා ගනිමින් සිදුකරන සංවර්ධන කටයුතු වල මුවාවෙන් හා වෙනත් බාහිර පාර්ශවයන් යොදාගනිමින් රාජපක්ෂවරු මේ නිදන් කොල්ලය සිදු කළහ.එක් අවස්ථාවක දුටුගැමුණු රජතුමාගේ යෂ්ටිය කෝට්ටේ විහාරස්ථානයක ඇතැයි කියන සිදුවීමක් ආරංචි වීමෙන් පසුව රාජපක්ෂ වරු එය පැහැර ගැනීමට සැළසුම් කළහ.ඒ සඳහා ඔවුන් යොදාගන්නා ලද්දේ නිළමේ නැමැත්තාය.මෙම නිළමෙි එම විහාරවාසී භික්ෂූන් හා ගණුදෙනු කළ තැනැත්තෙකි.රාජපක්ෂවරුන්ගේ දැනුවත් කිරීම මත මෙම ඉපැරිණි යෂ්ටිය පැහැර ගැනීමට සිදු කළ සැළසුම් සහගත ප්‍රයත්නයේදී නිළමේ නැමැති පුද්ගලයා අතින් එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ නමක ඝාතනය විය.

හොරොයින් ජාවාරම් වැටලීමෙි දෙබිඩිඩෙක් වූ රංගජීව….

මෙම ඝාතනය සම්බන්ධයෙන් නිළමේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණි.එහෙත් පොප රංගජීව විසින් වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ඝාතනයේදීී නිළමේද රංගජීව විසින් ඝාතනය කරන ලදී.එහි හොඳම සිදුවීම වන්නේ නිළමේ ඝාතනය ලක්වූ දිනට පසු දින ඔහු ගේ නඩු දිනය වූ අතර එදින මිනීමැරුම⁣ට සම්බන්ධ වූ ආකාරය ගැන නිළමේ විනිසුරුවරයාට රහස් කට උත්තරයක් ලබා දීමට නියමිතව තිබීමය.මේ පුවත ආරංචි වීමෙන් පසුව පොප රංගජීව යොදා ගනිමින් හොරොයින් ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි හිරකරුවන් පිරිසක් ඝාතනය කරන අතරේ මෙම නිළමේද ඝාතනය කිරීමට එවකට ආරක්ෂක ලේකම් වූ මිල්ටෙරි නන්ද සේන සැළසුම් කරන ලද්දේය.

හොරොයින් ජාවාරම් වැටලීමෙි දෙබිඩිඩෙක් වූ රංගජීව මිල්ටෙරි නන්දසේන ගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉතා ඕනෑ කමින් සහභාගි වූයේ ඔහුගේ විෂමාචාර ක්‍රියා කළාපය දැන සිටි හා ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර සිටි හොරොයින් ජාවාරම් වලට සම්බන්ද කිහිප දෙනෙකුම වැලිකඩ සිටි නිසාය.රංගජීව විසින් වැලිකඩ සිර ගෙදරදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයන් අතර ඔහු විසින්ම තෝරා ගත් අයවළුන්ද ආරක්ෂක ලේකම් ⁣මිල්ටෙරි නන්දසේන එවූ ⁣නාම ලේඛනයක අයවළුවන්ද විය.ඒ අතර නිළමේ ගේ නම තිබුණේ මිල්ටෙරි නන්දසේන විසින් රංගජීව අතට පත්කළ ලේඛනයේය.කෙසේ හෝ රාජපක්ෂ වරුන්ගේ සාහසික නිරුවත අනාවරණය කිරීමට නිළමේ ඝාතනය වූයේය.

මධුර විතා⁣⁣නගේ අනියම් සුන්දරිය….

නිළමේගේ ඝාතනය යටපත් කිරීමට අනතුරුව රාජපක්ෂ වරු ගත්තේ අපූරු ක්‍රියා මාර්ගයකි.ඒ නිළමේගේ සොයුරියට පොදුජන පෙරමුනෙන් කෝට්ටේ නගර සභාවට තරග කිරීමට අපේක්ෂත්වය ලබා දීමය.ඉන්පසු ඇය ජයග්‍රහණය කිරීමේ වගකීම කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානේගේට පැවරිණි.මේ වනවිට නිළමේගේ සොයුරිය කෝට්ටේ නගර සභාවෙි පොදුජන පෙරමුණෙි මන්ත්‍රිවරිය වන අතරම මධුර විතා⁣⁣නගේ අනියම් සුන්දරිය බවටද පත් වී සිටින්නීය .නිළමේ ඝාතනය යටපත් කිරීමට රාජපක්ෂ වරු නිර්මාණය කළ සැලසුම එලෙසය.
රාජපක්ෂ වරු විසිිින් සිදු කර ඇති මනුෂ්‍ය ඝාතන මංකොල්ල හා සාහසික අපරාද බොහෝ ඇතත් ඒ සියල්ල මෙවැනි ආකාරයට සැලසුම් සහගතව සිදු කළ ඒවාය.මෙරට කිසියම් ස්ථානයක භූගත යම් වටිනා වස්තුවක් ඇතැයි වාර්තා වන්නේ නම් ඒ ස්ථානයේ කවර ආකාරයේ හෝ සංවර්ධන කටයුත්තක් කිරීම රාජපක්ෂවරුන්ගේ සිරිතය.

දියතලාවේ පිහි⁣ටි හලංගොඩ සමුද්‍රය….

දියතලාවේ පිහි⁣ටි හලංගොඩ සමුද්‍රය මැණික් සම්පත බහුලව පිහිටි   ස්ථානයකි.යුද හමුදා ඉඩමක පිහිටි මෙම හලංගොඩ වැව හෑරීමට එවකට ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන කටයුතු කරන ලදී.එම වැව හාරා ගොඩ දමන පස් සියල්ල හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙන එන ලදී..අදටත් මෙලෙස ගෙන ආ පස් වලට සිදු වූයේ කුමක්ද යන්න කිසිවෙකුත් නොදනී .සියල්ල සිදුවූයේ හමුදාව යොදා ගනිමින් නිසා මෙම ප්‍රවෘත්තිය මෙතෙක් ජනමාධ්‍යද අනාවරණය කර නැත.

විනිල් මැණික් ගේ එකම පුත්‍රයා අබිරහස් රිය අනතුරක…..

රත්නපුර කුරුවිට පිහිටි ගැමුුුණු හේවා බලඇණියේ රෙජිමෙන්තු මූලස්ථානය පිහි⁣ටි ඉඩමද මැණික් පිරි භූමියකි.මෙම භූමිය පැහැර ගැනීමට ආරක්ෂ ලේකමි දැරූ වෑයම අසාර්ථක වූයේ විනිල් මැණික් ව්‍යාපාරකයාද ඒ සඳහා මැදිහත්වීමක් සිදු කළනිසා යැයිි පැවසේ. කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් හා විනිල් මැණික් අතර ඇතිවූ මෙම ආරවුල නැවතුනේ විනිල් මැණික් ගේ එකම පුත්‍රයා බලපිටියේදී අබිරහස් රිය අනතුරකට මුහුණ පා ජීවිතයෙන් සමුගැනීමෙන් පසුවය.එහෙත් මේ වන විට ජනපති මිල්ටෙරි නන්දසේන ගේ උපදෙස් පරිදි රත්නපුර අධිවේගී මාර්ගය මෙම හමුදා කඳවුර ආසන්නයෙන් ඉදි කිරීමට අපේක්ෂිතය.⁣ඉන්පසු හමුදා කඳුවුරට සුමන සමන් දෙයියන්ගේ පිහිට පමණක් බව අපි ලියා තියමු.
රාජපක්ෂලාගේ යටිකූට්ටු වැඩ එහෙමය.ඒවා ජනතාව නියමෙට ගොනාට අන්දන ඒවාය.⁣මොවුන් විසින් සිදු කරන හැම සංවර්ධන ව්‍යාපෘතියක් තුලම ඇත්තේ පාදඩ පාහර වංචාවකි.ගේම් එකකි.

චීනයේ මැරීන් හමුදාව යොදවා වැව් මංකොල්ලය……

මොවුන් විසින් සිදු කරන හැම අසික්කිත හොරකමක්ම ආරක්ෂා කිරීමට තරමි මහජනතාව ඇස් ගිණි කන වැටී ඇත්තේය.මේ වනවිට රාජපක්ෂ හොර නඩය අත ගසා ඇති අළුත්ම මංකොල්ලය වැව් හෑරීමය.චීීන හමුදා යොදා ගනිමින් මේ වනවිටත් තිස්සමහාරාමයේ වැව හෑරීමේ කටයුතු අරඹා තිබේ.මෙම ව්‍යාපෘතිය අරඹමින් මහ රාජපක්ෂ චමල් ප්‍රකාශ කරන ලද්දේ ⁣වැව හෑරීම සදහා කිසිදු ප්‍රතිපාදනයක් රජය මගින් වැය නොකරන බවත් වැව හාරා ගන්නා වැලි වලට පස් වලට චීනය විසින් ගෙවන බවය.චීනය විසින් සිදු කරමින් පවතින මෙම වැව හෑරීමේ කටයුතු හා සම්බන්ධ මාධ්‍ය වල ප්‍රකාශිත ඡායාරූප නිරීක්ෂණය කරන අයෙකුට එහිි යොදා ඇති යන්ත්‍ර මගින් පස් සෝදාා ගැරීමේ කටයුතු සිදු කිරීමක් කරන බව පෙනේ.එය එසේ නමි රාජපක්ෂ හොර නඩය මෙි චීනයත් සමග එක්වී සිදු කරමින් පවතින්නේ ⁣වැව තුල තිබෙන වටිනා මුතු මැණික් හා දේපොල මංකොල්ල කෑමක් බව ස්ථිරය.

යුද හමුදා පන⁣තේ 143 වගන්තියේ මෙසේ…..

මේ ව්‍යාපෘතිය සඳහා චීනය යොදවාගෙන ඇත්තේද චීන කම්කරුවන් නොවන බව පැහැදිලිය .ඒ මෙහි වැඩ රාජකාරියේ සිටින්නේ මහජන චීන හමුදාවේ හමුදා නිල ඇදුම ඇඳගත් පිරිසක් බැවිනි. මෙරට හමුදා නීතියට අනුව කිසිවෙකුටත් ආරක්ෂා හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳීම තහනම්ය.ඒ බව යුද හමුදා පන⁣තේ 143 වගන්තියේ මෙසේ දැක්වේ.
143(අ) අග්‍රාන්ඩුකාරයා විසින් සපයන ලද නොහොත් බලය පවරන ලද සාංග්‍රාමික පළඳනාවක් පදක්කමක් පදක්කම් බඳනයක් නිල ලකුණක් සම්මාන පටියක් හෝ සංකේතයක් නොහොත් එහි යම් අනු කෘතියක් නිල බලයක් නොමැතිව රැවටීමේ අදහසින් පාවිච්චි කරන හෝ පළඳින හෝ නැතහොත්
(ආ)එබදු යම් පලදනාවක් පදක්කමක් පදක්කම් බදනයක් සම්මාන පටියක් හෝ සංකේතයක් පාවිච්චි කිරීමට හෝ පැළදීමට හිමිකම් ලැබූ හෝ ලබා සිටින තැනැත්තකු ලෙස ව්‍යාජයෙන් පෙනී සිටින නැතහොත්
(ඈ)එබදු යම් පළඳනාවක්…….පාවිචිචි කිරීම හෝ පැළදීමට බලයක් ⁣නොමැති යම් තැනැත්තකු වෙත නිල බලයක් හෝ හේතුවක් නොමැතිව එබන්දක් සපයන හෝ සැපයීමට ඉදිරිපත් වන
සංග්‍රාමික නීතියට යටත් තැනැත්තකු හැර සෙසු සෑම තැනැත්තකුම වරදකට වරදකරු විය යුතුය.
ඒ යුද හමුදා පනතය.
දණ්ඩ නිති සංග්‍රහයේ 169වගන්තිය යටතේ වංචනික චේතනාවෙන් නිල ඇදුම් භාවිතා කිරීම වරදක් ලෙස දැක්වෙන අතර එය දණ්ඩ නිති 402 වගන්තියට යටත්ව අන් අයකු ලෙසපෙනී සි⁣ටීමේ වරදට ගත හැකිය
තවදුරටත් ජනපති මිල්ටෙරි නන්ද සේන ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරන අවධියේදීී මෙරට පෞද්ගලික ආරක්ෂක සේවාවන්ට හමුදා වලට සමාන නිළ ඇදුම් භාවිතය තහනම් කොට ⁣පොදු පෞද්ගලික ආරක්ෂක සේවා නිළ ඇඳුමක් සමාජගත කරන ලදී
දැන් මෙහිදී ප්‍රශ්නයක් මතුවන්නේ තිස්සමහාරාමය වැව හාරනු ලබන්නේ චීන හමුදාවද යන්නය.මෙම කාර්යයේ නිතර වූවන් චීන විමුක්ති හමුදා නිළ ඇඳුම ඇඳ සිටී .රටවල් දෙකක් අතර යුද සම්මුතියක් එකඟතාවක් නැතුව මෙරට හමුදා වගකීම් පරිපාටිය අභිබවා මෙහෙයුම් කටයුතු වල නිරත විය නොහැක.යම් හෙයකින් විදේශීය රටක ඉංජිනේරු රෙජිමෙන්තුවක් මෙරට යුද මය නොවන සංවර්ධන කාර්යක නිරත වේනම් ඒ පිළිබඳව මෙරට රජය විසින් නොසඟවා ජනතාවට අනාවරණය කිරීම ව්‍යවස්ථානු කූලව පැවරුණ වගකීමකි.

චීන තානාපති කාර්යාලය ටුවිටර් පණිවුඩය……..

මේ සම්බන්දයෙන් මෙතෙක් මිල්ටෙරි නන්දසේනගේ රජය ගොළුව සිටියදී මෙරට චීන තානාපති කාර්යාලය ටුවිටර් පණිවුඩයක ලියා ඇත්තේ හමුදා නිළ ඇදුම් අලි බබා ඩොට් කොම් මගින් ඕනෑම අයෙකුට මිලදී ගත හැකි බවය.මින් පැහැදිලි වන්නේ චීන රජය මෙරට ඔවුන්ගේ යටත් බිමක් සළකන බවය.ඔවුන් මෙරට පවතින නීති පයිසෙකට ගනන් ගෙන නැත.ජාතික ආරක්ෂාව ගැන අදෝනා නගමින් බලයට පත්වූ මිල්ටෙරිි නන්දසේන චීන රජයේ වහලෙක් පත්වී ඇති බව මින් වඩාත් තහවුරු වේ.ඒ අතරම චීන රජයේ ඕනෑ එපාකම් හා නියෝග අනුව මෙරට භූගත වටිනා දේපොල කාලකණ්නි රාජපක්ෂවරුන් විසින් චීන රජය හා එක්ව මංකොල්ල කමින් සිටින බව ස්ථිරය.

ජාත්‍යාලය අධෝමාර්ගයේ  ගනින්නාසේලා…..

යහපාලනය පවතින අවධියේ ජාත්‍යාලය අධෝමාර්ගයේ සිට පැතිරී තිබුණ ඇල්ලේ ගුණවංශ මාගල්කන්දේ සුදන්ත ඉත්තෑකන්දේ ආදී ගනින්නාසේලා අද අතුරුදන්ය.මේ වාහේලාද රාජපක්ෂ සමාගම හා ගණුදෙනු කරන පට්ට දූෂිතයන්ය.
මේ වන විට චීන තානාපති කාර්යාලය තවත් ටුවිටර් පණිවුඩයක් නිකුත් කොට මෙරට ජනමාධ්‍ය ආයතනයකට අනියම් තර්ජනයක් නිකුත් කර තිබේ.ඒ සම්බන්දයෙන් මෙරට ජනමාධ්‍ය අයියලා මොනවා කරයිද අපි බලා සිටිමු.
කාලකණ්නි රාජපක්ෂ සමාගමේ මුද්‍රාව අලිබබා හොර හතලිහට සමානය.මේ කාලකණ්නියන් පිරිසට බුදුන් වහන්සේ ගේ ප්‍රතිමාවක නිදන් කොට තියෙන නිදන් වස්තුවක් වුවද පැහැර ගැනීමට ලැජ්ජාවක් නැත්තේය.
පාහර කාලකණ්නි රාජපක්ෂ පවුල එලවා දමන දවසේ ප්‍රමාදය යනු ශ්‍රී ලංකාව බංකොලත් රාජ්‍යයක් වීම බව අවසන් වශයෙන් සදහන් කරමු.


Spread the love

Leave a Comment

You may also like