උණුසුම් පුවත්

සම්බුද්ධ ශාසණය ජනතා අප්‍රසාදයට පත් නොකර මිළඟ මැතිවරණයේදි භික්ෂුන්ට නාමයෝජනා නොදෙන ලෙස රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂක පුජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලයි.

Spread the love

කිසිදු දේශපාලන පක්ෂයකින් භික්ෂුන් වහන්සේලාට නාම යෝජනා නොදීම එම පක්ෂ ශාසනයට කරන ලොකුම සේවාවක් වන්නේ යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.
මෙවර පළාත් පාලන මැතිවරණයට භික්ෂුන් වහන්සේලා නාමයෝජනා නොදෙන ලෙස ෙතේ‍රනිකායික මහානාහිමිවරුන් පක්ෂ නායකයන්ට දැනුම්දීම ඉතා හදිසි මෙන්ම වැදගත් කාරණය වන්නේ යැයිද විපස්සි හිමියෝ අවධාරණය කරති.
ආගමික, ජාතික, සාමාජික, සංස්කෘතිකමය ආදී වශයෙන් භික්ෂුන් වහන්සේට කාර්යයන් ඉටුකිරීමට අවශ්‍ය තරම් වපසරියක් සමාජය තුළ තිබියදී ඊට අමුතුවෙන් මන්ත්‍රීකම් අවශ්‍ය නැතැයි විපස්සි හිමියෝ පෙන්වා දෙති.
භික්ෂුන් වහන්සේලා මන්ත්‍රීකම්වලට තරග කිරීම අතිශය ඛිෙදනීය තත්ත්වයක්. භික්ෂුන් වහන්සේලා මැතිවරණවලට තරග කිරීමේ අනිසි ඵලවල අත්දැකීම් අපි භුක්ති විඳ තිබෙනවා.
භික්ෂුන් වහන්සේ යළිත් මන්ත්‍රීකම්වලට තරග වැදීමෙන් අපවාද අවලාද, ගැරහුම් බහුල වේවි. ශාසනික අනන්‍යතාව ඒ තුළින් දුර්වල වෙනවා. භික්ෂුන්ට නාමයෝජනා දෙන්නේ නම්, එය එම පක්ෂය ශාසනය විනාශ කිරීමට ගන්නා පියවරක් ලෙස එය හැඳින්විය හැකිය.
ඒ නිසා දේශපාලන පක්ෂ විසින් භික්ෂුන් වහන්සේට නාමයෝජනා නොදීම ශාසනයට කරන ලොකුම සංග්‍රහයක් ලෙස දැක්විය හැකි යැයිද විපස්සි හිමියෝ ලක්බිමට පැවැසූහ. 
ලක්බිම පුවත්පතින් උපුටා ගැනීමකි.

Spread the love

Leave a Comment

You may also like