? මාරාන්තික ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සිටීදැයි සෙවීමට සාම්පල කිහිපයක් රාගම වෛද්‍ය පීඨයට යවා ඇතැයි දැන් වාර්තාවී ඇත.
වත්තල, හේකිත්ත ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවකින් පුද්ගලයින් 190කට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් 128 දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදිත බව ඊයේ(19) හඳුනාගත් බව වත්තල සෞඛ්‍ය නිළධාරී කාර්යාලය තහවුරු කළා.
එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දියානු ජාතිකයින් බවත් ඔවුන්ගෙන් ලබා ගත් පී.සී.ආර් සාම්පල කිහිපයක් වැඩිදුර පරික්ෂා කිරීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨය වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් එම කාර්මාන්තශාලාවේ සේවය කරනු ලබන ඉන්දියානු ජාතිකයින් මෑතකදී ඉන්දියාවට ගොස් නැති බවත් මෑතකදී ඉන්දියාවේ සිට එම කර්මාන්ත ශාලාවට පැමිණ නැති බවත් එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පවසයි.