උණුසුම් පුවත්

මෙරට කොරෝනා තත්වය ඉතාම භයානකයි – ඉන්දියානු ප්‍රභේදය සමාජ ගතවෙලා ඉවරයි ( රවී කුමුදේශ් සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය .)

Spread the love

ප්‍රවෘත්ති සාකච්චාව
2021.06.17
රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
☝️ඉන්දියානු ඩෙලටා ප්‍රභේදය සහිත ආසාධිතයන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රජාව ආශ්‍රිතව සොයා ගනු ලැබ ඇත. නමුත් ප්‍රභේද පරීක්ෂා කිරීම ඉතා අවිධිමත්ව මග හැර තිබීම හේතුවෙන්, අක්‍රමවත් ලෙස ලැබෙන මෙම ප්‍රතිඵල මගින් රට තුළ ඩෙල්ටා ප්‍රභේදය කෙතරම් පැතිරී ඇත්දැයි යන්න කිසිසේත්ම  තහවුරු කල නොහැක.
ප්‍රභේද පරීක්ෂණ හැකිතාක් අධෛර්‍යට පත් කරනු ලබමින් සිටින්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය කිසියම් යටි අරමුණක් සඳහාද යන්න සැකසහිතය. නව තාක්ෂණය යොදා ගනිමින් රුපියල් දහදාහක ටත් වඩා අඩු මුදලකට ප්‍රභේද පරීක්ෂණයක් සිදු කළ හැකිව තිබියදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සඳහා හිතාමතාම එම පහසුකම ලබා නොදෙන්නේ රෝගය සැබෑ ස්වරූපය හෙළිදරව් වීම වැළැක්වීම සඳහා ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ.
ලෝකයේ බොහෝ රටවල රතු කලාපවලට ඇතුලත් කර ඇති ශ්‍රී ලංකාව, ප්‍රභේද පරීක්ෂණ සිදු නොකිරීම නිසා ම ඒවායෙන් ඉවත්වන්නට නොහැකි, නොදියුණු සෞඛ්‍ය සේවාවක් ඇති රටක් බවට තහවුරු වෙමින් පවතී. සංචාරක ව්‍යාපාරයටද එය බරපතළ තර්ජනයක් වන බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැර ඇති එම වගකීම ගුවන් සේවා අමාත්‍යාංශය මගින් හෝ සිදුකරන ලෙස අප ඉල්ලා සිටිමු.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව අවම වශයෙන් විදේශ වල සිට පැමිණෙන ගුවන් මගීන්ගේ පරීක්ෂණය සිදුකිරීමේ වගකීම ගුවන්තොටුපල රසායනාගාරයට බාරගත හැකි බැවින්, අප ඒ පිළිබඳ වැඩපිළිවෙළක් යොදවන ලෙස ගුවන් සේවා අමාත්‍ය වරයාගෙන් ඉල්ලා සිටිමු.
☝️එන්නත් ගෙන්වීමේදී නීතිගත ඖෂධ  සංස්ථාව හරහා ස්පුට්නික් වී එන්නත ගැන්වීමටත්, දේශීය නියෝජිතයා ලෙස රජය මැදිහත් වෙමින් එන්නත් ගසාකෑම සහ තැරව් කරණයේදී ඇතිවිය හැකි අවාසි සහගත තත්ත්වය මැඩපැවැත්වීමටත් ඉතා විධිමත් වැඩපිළිවෙළක් ඖෂධ නිතීගත සංස්ථාව මුල් වකවානුව තුළ සැලසුම් කර තිබූ බවක් ප්‍රකාශයට පත් වුවද, පෙනෙන්නට තිබෙන්නේ හිටිහැටියේම එම වැඩ පිළිවෙල අතරමඟ නවතා දමා ඇති බවයි.
ඒ අනුව රජයේ මැදිහත්වීමෙන් ගිවිසුම්ගතව, නිෂ්පාදනයේ යම් කොටසක් ශ්‍රී ලංකාව තුළ ද සිදුකළ හැකි හැකි වන සේ ස්පුට්නික් V එන්නත, ක්‍රමානුකූලව රටට ගෙන්වීමට තිබූ වැඩපිළිවෙළ හිටි හැටියේ නතර කර දමා, චීන වැක්සීනය  රට තුළ ප්‍රචලිත කරන්නට කටයුතු කරමින් සිටින්නේ කුමක් නිසාද යන්න විමර්ශනය කළ යුතුය.
ලෝකයේ නොදියුණු රටවල් පවා ඉතා අඩු මුදලකට සිනෝෆාම් චීන වැක්සීනය මිලදී ගනිමින් සිටියදී, අප එය වැඩි මුදලකට මිලදී ගනු ලබන්නේ කිසියම් පාර්ශවයක් විසින් ලංසු තබා කොමිස් ගසන නිසාද යන්න පිළිබඳව සැක මතුවේ.
ඉතා පැහැදිලි වැඩපිළිවෙළක් යටතේ ආරම්භ කරන ලද ස්පුට්නික් වී එන්නත ලක්ෂයක ප්‍රමාණයවත් ගෙන්වා ගැනීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇත්තේ, සිනෝෆාම් වැඩි මුදලට ගැනීමෙන් කිසියම් පාර්ශවයකට ලාභ ලැබෙන නිසාද යන්න විමර්ශනය කළ හෙළිදරව් කරගැනීම වසංගතයේ පාලනයට අත්‍යවශ්‍යය.

Spread the love

Leave a Comment

You may also like