මහින්ද රනිල් යනු දෙදෙනෙක් නොව ඒකම කාසියේ දෙපැත්තක් බව අපි අදුනා ගත්තේ මීට බොහෝ කලකට පෙරය. ඒ හදුනාගැනීම තවත් තහවුරු කලේ යහපාලන කාලයේ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ භූමිකාවයි. එදා බලයට පැමිණි රනිල් – මෛත්‍රිපාල ලා ගෙන් සුවහසක් ජනතාව ඉල්ලු එකම දේවත් නොදි මහින්ද නැමති තම ඥාති පාසැල් මිතුරා වෙනුවෙන් සියල්ලම පරිත්‍යාග කිරීමට තරන් රනිල් මහින්දට ලෙන්ගතු විය.
එද මෛත්‍රිට ඡන්දය දුන් සියල්ලම ඉල්ලුවේ රාජපක්ෂලා නිමක්, කොනක් නැතිව හොරා කාපු සියල්ල රටේ ජාතික ධනයට එකතු කොට ඔවුන් සහ ඔවුන් ගේ අපරාධ කරුවන් නිතිය ඉදිරියට පමුණුවන ලෙසයි. ඒත් ඒ අවම දේවත් වසර 05 ක් යනතුරු සිදු කිරීමට යහපාලන නඩයට බැරිවිය. ඒ නිසාම දහසකුත් බොරු කිවු රාජපක්ෂලාට රටේ බලය ලබාගැනීමට හැකිවිය. එදා ෆොන්සේකා ජනාධිපති වනවිට කකුලෙන් ඇද්දාට නොදෙවිනි ඇදිල්ලක් මෙදා සජිත් ගේ කකුලෙන්ම ඇද්ද බව නොදන්නා කවරෙක් මෙරට නොමැත.
ඒ රනිල් මහින්ද ලාගේ පවුලේ ඇති සුසංයෝගයයි. අද තත්වය ඊට නොදවෙනි නැත. දැන් ලැබී ඇති තොරතුරු අනුව රනිල්ව පාර්ලිමෙන්තුවට දක්කාගෙන එන්නේම මහින්දය. ඒ නාමල් ගේ සිහිනයට අඩිතාලමක් නිසාය. මහින්ද රනිල්ව වැඩි බහුතරයකින් අගමැති කිරීමට මේ වනවිට කතාකර ගෙන ඇතිබවත් අපි දනිමු. ඉන් මහින්ද ලෑස්ති එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකුම බෑවිමටය. ඒ සජිත් හා එක්සත් ජාතික පක්ෂයයි.
අද මොනවා කිවත් රාජපක්ෂලාට ඇති ලොකුම හිසේ රදය සජිත් ගේ සජබ යයි. කවුරු මොනවා කීවත් සජබය කඩාගෙන චම්පිකලා , ෆොන්සේකලා දැන් නොයන බව ස්ථිරයි. ඒ දැනම පේන තෙක් මානයකවත් තවත් මැතිවරණයක් නැති නිසාය. ඒ නිසාම ඒ සියල්ලම එකට සිටීම මහින්දලාට අනාගතයේ විශාල දේශපලන තර්ජනයකි. රනිල්ව පිටියට දමන්නේ නිකමම් නෙවේ ,රනිල්ට 4900 CC v-8 TOYOTA වර්ගයේ ජීප් රථයක් ද, මේ වනවිට රටට ඇණවුම් කොට හමාරය.
ඒ රනිල් තවම මත්‍රිවරයකුත් නොවන පසු බිමකය. ඒ මහින්දය, ඒ නිසාම රනිල් මේ පාර්ලිමේතු එන්නේම රනිල් ගේ එක්සත් ජාතික පක්ෂයත්ගොඩ දා ගෙන තම ලේ ඥාති පාසැල් මිතුරා වෙනුවෙන් රනිල් ගේ යුතුකම ඉටු කිරීමටය. එසේ නොවු නොත් කුමණ රාජපක්ෂ කෙනෙකුටවත් මේ ගෙන්දගම් පොලවේ නැවතත් දවසක නම් දේශපාලනයේ යෙදෙනවා බොරුය. ඒ මහපොලවේ ඇත්ත සත්‍ය මහින්ද ඉතාම හොදට දනවාය. ඒ නිසාම මහින්ද රනිල් ගෙන්වා අගමැති කොට ඉතිරි වසර 03 යන්නේ ඇමරිකාව ,ඉන්දියාවේ හා චීනයේද ආධාර ඇතිව බවට මේ වන විට අපට තොරතුරු ලැබී ඇත. රනිල් ගෙන එන්නේම රටේ නැගි එන රාජපක්ෂ දැඩි විරෝධය සමනය කිරීමේ “ඖෂධයක් ” ලෙස බව කීවොත් තවත් නිවරදිය දැන් අපි බලා හිදිමු රටේ ජනතාව ඒක බොයිද , පයින් ගහද , කියලා එදට අපි බලමු.