උණුසුම් පුවත්

උතුරේ මෙන්ම දකුණේත් අපරාධ රැල්ල මැඩලීමට ඇමති සාගලට හෝ පොලිස්පතිට හැකියාවක් නැද්ද ?

Spread the love

මේ වනවිට දිනකට මිනිමැරුම් 6 -8 අතර ගන්නකට ඉහළ ගොස් ඇත. ඒ වගේම උතුරේ ජනජිවිතයද ඉතාම භයානක ආකාරයකට ලක්ව ඇත. පොලිස්පති වරයා වහාම උතුරට පොලිස් විශේෂ කාර්‍ය්ය බලකාය යොදවා ආවා නඩය මුලුමනින්ම උගුල්ලා දැමිය යුතුය.

 

යහපාලනය දඩමීමා කරගෙන දිනපතාම රටේ අපරාධ රැල්ල ඉහල යමින් තිබේ. යහපාලන් ආණ්ඩුවේ නොහැකියාව මොනවට ඔප්පු කරමින් සාගල රත්නායක වැනි අයකුට පොලිසිය භාර දීම තුලින් පසුගිය රජය සමයේ විශාල මරධනයකට ලක්ව තිබු පාතාලය දැන් දැන් අහිංසක් කුඩා ළමයින් පවා මරමින් ඇරියස් අල්ලමින් සිටී.

ඒත් මේ තත්වය මර්ධනයට වහාම පියවර ගන්නවා වෙනුවට පොලිස්පති වරයා බොධි පුජා පවත්වන්න පොලිස් නිලධාරිනට උප්දෙස් දීම සිනහව දනවන කරුනකි. පාතාලය මුලුමනින්ම සාමාන්‍ය පොලිස් නිලධාරින්ට කිසිදු භයක් නොමති බවත් තවත් සමහර ඉහල හා පහළ නිලධාරින් පාතාලේ මුදලින් ජිවත්වන අය නිසාත් පාතාලය මර්ධනයට පොලිස් විශේෂ කාර්‍ය්ය බලකාය යෙදවිය යුතු බව අප මිට ඉහතදීත් රජයට පෙන්න දුනි.

ඒත් අවාසනාවනම් රනිල්ගේ ගජමිතුරු සේවය නිසාම ඔහුගේ ළ්ගම එකාට පොලිසිය කරේ ගැසීමය . සාගල රත්නායකව තම නිල රථ යෙන් බස්සවා පොලිසියට රථ ගෙන්යාම ට ඉඩදුන් රිය අනතුරක් ගැන මෙලෝ දැනීමක් නැති අයකු රටේ නිතිය සාමය රකින්න මඟ පෙන්වන්නේ කෙසේද ?

පසු ගිය රජයේ අත්වඩංගුවට ගත් යුතු පුද්ගලයන්ට රැකවරනය දීමේ චෝදනාවක් මෙවනවිට එල්ලව ඇති සාගල ඇමතිවරයා දැන් න්ම්බුව පිටින් ගෙදර යායුතුය. වරෙක “නිළමේ ” අත්වඩංගුවට නොගන්නා ලෙසට පොලිස්පතිට බලපැම් කිරිමත් ඊයේ පෙරේදා ගාමිනි සෙනරත් තම නිවසට කැදවා සාකච්චා කිරිමත් නිති ගරුක පුර වැසියා ගේ දැඩි පිලිකුලට පත්ව ඇත.

මේ වනවිට දිනකට මිනිමැරුම් 6 -8 අතර ගන්නකට ඉහළ ගොස් ඇත. ඒ වගේම උතුරේ ජනජිවිතයද ඉතාම භයානක ආකාරයකට ලක්ව ඇත. පොලිස්පති වරයා වහාම උතුරට පොලිස් විශේෂ කාර්‍ය්ය බලකාය යොදවා ආවා නඩය මුලුමනින්ම උගුල්ලා දැමිය යුතුය.

සාගල ඇමතිවරයාට තිබෙන හොදම දේ ඔය විෂයට ඉතාම හොදම කෙනා පිල්ඩ් මාෂල් ෆෝන්සේකාට භාරදී රනිල් අගමැතිගේ නම්බුවත් රටේ ජන්තාවගේ ජිවිතත් රැක දීමට වග බලා ගැනීමය. එසේ නොමතිව උතුරේ තත්වය තවත් බරපතල වීමට ඉඩ හැරියහොත් අදුරු යුගයකට අත වැනීමක් වනවා සහතිකය.


Spread the love

Leave a Comment

You may also like