පසු ගිය සති කීපය පුරාවටම එක දිගටම පහර ගැසුවේ සරත් වීරසේකරටය. ඒ ඔහු සිදුකල දේට වඩා පොලිස් නිලධාරින් ඔහුවෙතට දුන් තොරතුරු නිවරදි නොවුන නිසාය. මෙහිදි සමාජය කුලප්පු වී රටේ ජාතික ප්‍රශ්නයක් වුයේ පියුමි ඇතුලු පුද්ගලයන් නිරෝධායනයට යැවීමේ දි පොලිසිය අනුගමනය කල ක්‍රියා කලාපයයි. ඊට හේතු පිලිබදව සොයා බැලීමේදි ඇත්තේ ඇමතිවරයාට කෙලවීමේ න්‍යායකි.
අපිට සරත් වීරසේකර සමඟ කුමණ ගැටලුවක් තිබුණද ඔහු ඇමතිවරයෙකු ලෙසට පොලිසිය පිලිබදව ගත් සමහර තීරණ පිලිබදව ඉතා ප්‍රසංස නීයයි. ඒත් සමාජයට එන්නේම ඔහුට කෙලවීමේ න්‍යායකි. ඒ පිලිබදව අපි සොයා බැලීමේ දි ස්ටිකර් සිද්ධියෙන්ම සරත් වීරසේකරට කෙලවීමේ පලමු වෙඩි මුරය අද වෙනකොට පත්තු කොට හමාරය.
ඒ පිටුපස සිටින්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. එදා සංචරන සීමාවන් පනවා තිබියදී කොළඹට එන වාහන වලට ස්ටිකර් ලබාදීමට සියල්ලම කලේ දේශ බන්දුය අඩුම ඒ බව පොලිස්පති වත් දන්නේ නැත. ඒත් රටට හා ජනාධිපතිගේ ඔලුවට දැම්මේ ඇමති වීරසේකර ස්ටිකර ඇලවීමට සුදානම් කරන තමාට කීබවය. මෙය අමුලික බොරුවක් බව පොලිස්පතිම දන්නවාය. ඒත් වික්‍රමරතන පොලිස්පති දේශබන්දු ගේ කෙරුවාවට කට අරින් නැත්තේ ජනාධිපතිට කේලම් කියන එකම කෙනා දේශ බන්දු නිසාය.
දැන් දේශ බන්දු අලුත්ම ගේමකට අතගසා තිබේ ඒ සරත් වීරසේකර ඉවත් කොට ටිරාන් අලස් නිතිය හා සාමය ඇමතිකමට ගෙන ඒමටය. සරත් වීරසේකර තවම දේශ බන්දු හදුනා නොගන්නේ ඔහු එවනි කේලම් අසන පුද්ගලයෙකු නෝවන නිසා බව අපිට නාවික හමුදාවෙන්ම ආරංචි විය. ටිරානව දේශ බන්දු නිතිය හා සාමය ඇමතිකමට ගෙන එන්න උත්සහා ගන්නේ සරත් වීරසේකර ගේමකාරයෙකු නොවන නිසාය.
ඇත්තටම අපිට ඇති ප්‍රශ්නය දේශබන්දු නැමති පුද්ගලයා අදුනා නොගෙන ඇමතිවරයා මෙතෙක් රාජකාරි කලේ කෙසේද යන්නයි. ටිරාන් අලස් ද දැන් වැඩේට බැහැලාය. දේශ බන්දු ගේ උත්සහාය කෙසේ හෝ මහින්ද ගේ ද උදව් ඇතිව ටිරාන්ව නිතිය හා සාමය ඇමතිව කොට තමාට පොලිස්පති කමට රිංගා ගැනීමටය. දැන්වත් සරත් වීරසේකර ඇමතිවරයා දේශ බන්දුව හදුනා නොගත්තොත් වැඩි දවසක් යාමට පෙර ඇමති කමෙන් විසික්කෙන ඒකනම් සහතිකය .
ඊට පෙර දේශ බන්දුව තිබිය යුතු තැන තිබිය යුතුය.